ජනතාවට සහන දෙන්න බැසිල් අපට උපදෙස් දෙනවා - රාජ්‍ය ඇමැති ඉන්දික කියයි

ඉන්ධන මිල අඩු වැඩි වීම රජයට කෙසේ බලපෑවත් ජනතාවට සහන ලබා දීමට රජය කටයුතු කරන බවත්, දේශපාඥයින්ගේ පටි තද කර ජනතාවට සහන ලබා දෙන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අපට උපදෙස් ලබා දුන් බව ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ සම්බුද්ධ සාසනයට සිය දරුවන් පූජා කළ දෙමාපියන්ට උපහාර පිණිස නිවාස ඉදිකිරීම සඳහා ආරම්භ කර ඇති “මිහිඳු නිවහන” ව්‍යාපෘතියේ මාතර දිස්ත්‍රික් සමාරම්භක උත්සවයට සහභාගී වෙමිනි.

මෙම ව්‍යාපෘතිය සදහා මාතර දිස්ත්‍රික්කය වෙනුවෙන් තෝරා ගත් ප්‍රතිලාභී ස්වාමීන් වහන්සේලාගේ දෙමාපියන් 63 දෙනෙකු වෙනුවෙන් නිවාස දීමනා චෙක්පත් ප්‍රදානය කිරීමද මෙහිදී සිදු කෙරිනි.

මෙහි පළමු අදියර යටතේ දිවයින පුරා නිවාස 2,000 ක් ඉදිකෙරෙන අතර ඒ සදහා වෙන්කර ඇති මුදල රුපියල් ලක්ෂ 12,000 කි. නිවාස විෂයභාර අමාත්‍ය සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත, බුද්ධශාසන අමාත්‍යාංශය හා එක්ව ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය විසින් "මිහිඳු නිවහන ව්‍යාපෘතිය" ක්‍රියාත්මක කරනු ලබයි.

මෙම අවස්ථාවට විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ ප්‍රාදේශීය දේශපාලනඥයින්, රාජ්‍ය නිළධාරීන් ඇතුලු පිරිසක් සහභාගි වූහ.

Pin It

සබැඳි පුවත්

තිරප්පන “තුරු සෙවන” රාජ්‍ය ඇමැති දුමින්දගේ ප්‍රධානත්වයෙන් ඉදිකිරීම් ඇරඹෙයි
තිරප්පන “තුරු සෙවන” රාජ්‍ය ඇමැති දුමින්දගේ ප්‍රධානත්වයෙන් ඉදිකිරීම් ඇරඹෙයි දැයක් නගන - සියක් නගර” ව්‍යාපෘතිය යටතේ තිරප්පනය අනුරාධපුර තිරප්පනය නගරයේ යෝජිත භූදර්ශන හා රථවාහන නැවතුම හා තිරප්පනය “තුරු සෙවන” විවේක සහ විනෝද කටයුතු උද්‍යානය ඉ...
නයිනමඩම ඉරණවිල හරහා හලාවත දක්වා බී 640 මාර්ගය සංවර්ධනය කෙරේ
නයිනමඩම ඉරණවිල හරහා හලාවත දක්වා බී 640 මාර්ගය සංවර්ධනය කෙරේ කොළඹ පුත්තලම ප්‍රධාන මාර්ගයේ වෙන්නප්පුව, මාරවිල, මහවැව, මාදම්පෙ, හලාවත නගරයන්හි පවතින රථවාහන තදබදයට විසදුමක් ලෙස වෙරළබඩ සීමාවට සමාන්තරව දිවෙන නයිනමඩම ඉරණවිල හරහ...
භාවිතයට නොගන්නා ඛනිජ ද්‍රව්‍ය, විධිමත් පරිදි ආර්ථිකමය ප්‍රයෝජනයට ගන්න ගැනීමට ඇමති විමල්ගෙන් වැඩපිළිව...
භාවිතයට නොගන්නා ඛනිජ ද්‍රව්‍ය, විධිමත් පරිදි ආර්ථිකමය ප්‍රයෝජනයට ගන්න ගැනීමට ඇමති විමල්ගෙන් වැඩපිළිව... මෙරට දැනට හඳුනාගෙන ඇති නමුත් භාවිතයට නොගන්නා ඛනිජ ද්‍රව්‍ය විධිමත් පරිදි ආර්ථිකමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීම පිණිස වැඩපිළිවෙළක් යෙදීම සඳහා කර්මාන්ත අමාත්‍ය විමල් ව...
මහ කොළඹ ප්‍රවාහන ජාල වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය තුලින් කොළඹ මාර්ග තදබදය අවම කිරීමට සැලසුම්
මහ කොළඹ ප්‍රවාහන ජාල වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය තුලින් කොළඹ මාර්ග තදබදය අවම කිරීමට සැලසුම් දෛනිකව කොළඹ නගරයට ලක්ෂ 19ක පමණ ජනකායක් පැමිණෙන ඇති වන මාර්ග තදබදය අවම කිරීම සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන මහකොළඹ ප්‍රවාහන ජාල වැඩිදියුණු ක...
ශ්‍රී ලංකාව නැවතත් සංචාරක අලෙවි ප්‍රදර්ශන සඳහා සහභාගිවීම අරඹයි
ශ්‍රී ලංකාව නැවතත් සංචාරක අලෙවි ප්‍රදර්ශන සඳහා සහභාගිවීම අරඹයි සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් යටතේ ක්‍රියාත්මක කෙරෙන සංචාරක අලෙවි ප්‍රදර්ශන සඳහා සහභාගි වීම නැවතත් ආරම්භ කිරීමට සංචාරක සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇති බව අමාත්‍ය ප්‍...
ආදායම් උත්පාදනය කල හැකි ප්‍රවාහන ව්‍යෘපෘතිවලට ප්‍රමුඛතාවය - ප්‍රවාහන ඇමැතිනි පවිත්‍රා
ආදායම් උත්පාදනය කල හැකි ප්‍රවාහන ව්‍යෘපෘතිවලට ප්‍රමුඛතාවය - ප්‍රවාහන ඇමැතිනි පවිත්‍රා කොවිඩ් 19 වසංගතය හේතුවෙන් කඩා වැටුණු මේ රටේ ආර්ථිකය ගොඩනැංවීම සදහා ප්‍රවාහන සේවා තුලින් නව ආදායම් උත්පාදනය කිරීමේ වැඩ පිළිවෙලක් කඩිනමින් සැකසිය යුතු බව ප්‍රවාහන...

Print   Email