fbpx

දේශීය කර්මාන්තකරුවන්ට ශක්තියක් වෙන්න -රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න

සංවර්ධන

ආනයන ආදේශක භාණ්ඩ නිෂ්පාදනය තුලින් විදේශයන් වෙත ඇදී යන අපේ මුදල් ටික ආරක්ෂා කිරීමට හැකි වනවා සේම දේශිය කර්මාන්තකරුවාද ශක්තිමත් කල යුතු බව වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය ඔක්තෝබර් මස 05 වන දින අත්සන් කල අවබෝධතා ගිවිසුමට අනුව එහි ප්‍රථම ඇණවුම රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා විසින් “MAS Intimates(PVT)Ltd.” ආයතනයේ නිෂ්පාදන සහ මෙහෙයුම් අධ්‍යක්ෂක රුවන් කෑරගල මහතා වෙත පසුගිය 23 වන දින බියගම මැටි ගම්මානයේදී ලබාදීම සිදුවිය.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක් වු රාජ්‍ය අමාත්‍යවරයා " ප්‍රථමයෙන්ම MAS ආයතනයට ස්තූතිවන්ත වනවා අපගේ අමාත්‍යාංශයත් සමග එක්ව මිලියන 45 ක මුදලක් දේශිය කර්මාන්ත කරුවා ශත්තිමත් කිරීම වෙනුවෙන් යෙදවීම පිළිබදව. නිලවශයෙන් ප්‍රථම ඇණවුම ලෙස ගුරුලේන්තු 3500 ක ප්‍රමාණයක් අද අපට ලබාදීමට හැකිවනවා. මුළු ඇණවුම ගුරුලේන්තු 36000 වන අතර, එම නිෂ්පාදන ක්‍රියාවලියට දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්ම, පවුල් 300 ක දායකත්වයෙන් 2021 ජනවාරි 01 වන දිනට ප්‍රථම ලබාදීමට කටයුතු යොදා තිබෙනවා. ආනයන ආදේශක භාණ්ඩ නිෂ්පාදනය තුලින් විදේශයන් වෙත ඇදී යන අපේ මුදල් ටික ආරක්ෂා කිරීමට හැකි වනවා සේම දේශිය කර්මාන්ත කරුවාද ශක්තිමත් කිරීමට හැකිවනවා. “MAS Intimates” ආයතනය ආදර්ශයට ගෙන අනෙකුත් ආයතන වලටත් මම ආරාධනා කරනවා ඒ සදහා ශක්තියක් වන ලෙසයි. ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා විදිහට මැටි කර්මාන්තය පමණක් නොව පිත්තල කර්මාන්තය, වේවැල් කර්මාන්තය මෙන්ම අනෙකුත් සියලුම ග්‍රාමීය කර්මාන්ත දියුණු කිරීම වෙනුවෙන් ආනයනික ආදේශක භාණ්ඩ නිෂ්පාදන ක්‍රියාවලිය සදහා අප අවශ්‍ය මූලික සැලසුම් සකස්කොට තිබෙනවා, ඒ සදහා මෙවර අයවැයෙන් විශාල මුදලක් වෙන්කර තිබෙන බවද” වැඩිදුරටත් ප්‍රකාශකර සිටියේය.

 

සබැඳි පුවත්

රත්නපුරයට ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක්
රත්නපුරයට ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් සබරගමු පළාත් සභාවේ සභාපති සහ රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ උප සභාපති, කංචන ජයරත්න මහතාගේ මුලිකත්වයෙන් සහ මැදිහත් වීමෙන් රත්නපුර, මුද්දුව, මොණරවිල ප්‍රදේශය...
රබර්වලට වාර්තාගත මිළක් -ඔබේ වගාව ප්‍රවේසම් කර ගන්නා ලෙස දැනුම් දීමක්
රබර්වලට වාර්තාගත මිළක් -ඔබේ වගාව ප්‍රවේසම් කර ගන්නා ලෙස දැනුම් දීමක් රබර් කිරි කැපීමේ තීව්‍රතාවය ඉක්මවා යමින් කිරි කැපුවහොත් දිගු කාලීන වශයෙන් එමගින් ලැබෙන අනිසි ප්‍රතිඵල ඉතා භයානක බව ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනයේ නියෝජ්‍ය අධ්‍යක...
විදුලි කාර්මිකයින්ට ජාතික හා ජාත්‍යන්තර පිළිගත් වෘත්තීය සුදුසුකම් නොමිලේ
විදුලි කාර්මිකයින්ට ජාතික හා ජාත්‍යන්තර පිළිගත් වෘත්තීය සුදුසුකම් නොමිලේ මෙරට විදුලි කාර්මික ක්ෂේත්‍රයේ ආරක්ෂාව වැඩිදියුණු කිරීමේ අරමුණින් විදුලි කාර්මිකයින්ට ජාතික හා ජාත්‍යන්තර පිළිගත් වෘත්තීය සුදුසුකම නොමිලේ ලබාදීම නියමිතයි. ඊට...
මිනිපේ යෝධ ඇළ සංවර්ධන කටයුතු රාජ්‍ය ඇමැති දුමින්දගේ නිරික්ෂණයට
මිනිපේ යෝධ ඇළ සංවර්ධන කටයුතු රාජ්‍ය ඇමැති දුමින්දගේ නිරික්ෂණයට රන්ටැඹේ ජල විදුලි බලාගාරයෙන් ජල විදුලිය නිෂ්පාදනය කර මහවැලි ඟගට මුදා හරින ජලය ගබඩා කර හෙක්ටයාර් හත්දහස් පන්සියයකට මහවැලි ජලය සපයන මිනිපේ යෝධ ඇළ සහ මිනිපේ අමුණ ස...
උඩ ගල් දෙබොක්ක ජනතාව වෙනත් ප්‍රදේශයක පදිංචි කිරීමට කටයුතු කරනවා - රාජ්‍ය අමාත්‍ය දුමින්ද
උඩ ගල් දෙබොක්ක ජනතාව වෙනත් ප්‍රදේශයක පදිංචි කිරීමට කටයුතු කරනවා - රාජ්‍ය අමාත්‍ය දුමින්ද උඩ ගල් දෙබොක්ක ගම්මානයේ ජනතාව හුදෙකලා බවින් මුදවමින් ඔවුන් ගෙවන අති දුෂ්කර ජීවිතයට තිත තබමින් එම ගම්වැසියන් සියලු දෙනා වෙනත් ප්‍රදේශයක පදිංචි කිරීම කෙරෙහි ජනපති...
අධ්‍යාපනය පාසල සඳහා නොව ජීවිතය සඳහා විය යුතු යි - අධ්‍යාපන ඇමැති
අධ්‍යාපනය පාසල සඳහා නොව ජීවිතය සඳහා විය යුතු යි - අධ්‍යාපන ඇමැති අධ්‍යාපනයේ අවසන් ඉලක්කය විය යුත්තේ පාසල සඳහා අධ්‍යාපනය නොව ජීවිතය සඳහා අධ්‍යාපනය බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි. අමාත්‍යවරයා මේ බැව පැ...
Print