මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට තරුණ ඡවය එක් කිරීමට මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ අවධානය

මැණික් හා ස්වර්ණාභරණ මධ්‍යම සංවිධානයේ ඉදිරි කටයුතු හා යෝජනා පිළිබඳ සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී (21) පැවැත්විණි.

මෙහිදී මැණික් හා ස්වර්ණාභරණ මධ්‍යම සංවිධානය විසින් මධ්‍යම පළාත සදහා මැණික් අලෙවි පොලක්, පැරණි බන්ධනාගාර ගොඩනැගිල්ල පරිශ්‍රයේ මැණික් අලෙවිකුටි ඇරඹිම සහ ‍ගෙවුඩ තාප පිරියම් කිරීමේ මධ්‍යස්ථානයක් ඉදිකරමින් තරුණ කොටස් මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය සදහාසම්බන්ධ කර ගැනිම සදහා යෝජනා ඉදිරිපත් විය.

මෙහිදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා පවසා සිටියේ රැකියා විරහිත තරුණ කොටස් මැණික් හා ස්වර්ණභාරණ නිෂ්පාදන ක්ෂේත්‍රයන් සදහා සම්බන්ධකරගැනීම කාලීනව ඉතා වැදගත් වන බවත්, එමෙන්ම දේශීය කර්මාන්ත ආරක්ෂා කර ගැනීම සදහා තරුණ ඡවය එකතු කර ගැනීම සදහා ක්‍රම‍උපායන් සකස් කිරීම ඉතාම වැදගත් වන බවත්ය.

මේ අවස්ථාව සදහා මැණික් හා ස්වර්ණාභරණ සංවිධානයේ සභාපති සෙනරත් බස්නායක, භාණ්ඩාගාරික ඩී.එස්.ඈපා සහ උපලේකම් එච්.ඒ.පී.එම්.ෂෆීක් යන මහත්වරුන් මෙන්ම ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න සහ ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම් උපුල් මහින්දරත්න යන මහත්වරුන් ද සහභාගී වූහ.

Pin It

සබැඳි පුවත්

මධ්‍යම අධිවේගයේ වැඩ කඩිනම් කිරීමට ජනපති නියෝග කරයි
මධ්‍යම අධිවේගයේ වැඩ කඩිනම් කිරීමට ජනපති නියෝග කරයි මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කරන්න ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විෂයභාර අමාත්‍ය අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට නියම කර ඇති බව ජනාධිපති මාධ්‍ය...
විදුලිය නොමැති පවුල්වලට මහමැතිවරණයෙන් පසු නොමිලේ සුර්ය බල විදුලි කට්ටල ලබා දෙනවා - ඇමැති අමරවීර
විදුලිය නොමැති පවුල්වලට මහමැතිවරණයෙන් පසු නොමිලේ සුර්ය බල විදුලි කට්ටල ලබා දෙනවා - ඇමැති අමරවීර රටේ තවමත් විදුලි බලය නැති පවුල් 12,500 සඳහා නොමිලේ සූර්ය බල විදුලි කට්ටල ලබා දීම රජය මහමැතිවරණයෙන් පසුව ආරම්භ කරන බව විදුලිබල බලශක්ති හා ප්‍රවාහණ සේවා කළමනාකරණ ...
කොළඹ නගර සභාවේ ජනතා සේවය ගැන ආණ්ඩුකාරවරයාගේ නිරික්ෂණයට ලක්විය
කොළඹ නගර සභාවේ ජනතා සේවය ගැන ආණ්ඩුකාරවරයාගේ නිරික්ෂණයට ලක්විය කොළඹ නගරයේ ජීවත්වන ජනතාවගේ පහසුව උදෙසා කොළඹ මහ නගර සභාව මගින් ක්‍රියාත්මක කර ඇති කඩිනමින් හිමිකම් සහතික පත් ලබාදීමේ (Single Window Counter) මධ්‍යස්ථානයේ වැඩ කටය...
රියදුරු බලපත්‍රය සකස් කිරීම හමුදාවට පැවරෙයි
රියදුරු බලපත්‍රය සකස් කිරීම හමුදාවට පැවරෙයි මෙතෙක් විශාල මුදලක් ගෙවා පුද්ගලික ආයතනයක් මගින් නිකුත් කරන ලද රියදුරු බලපත්‍ර සැකසීම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් සිදු කෙරේ. සාමාන්‍යයෙන් රියැදුරු ...
යල කන්නයේ වී මිලට ගැනීමට මුදල් වෙන් කරයි
යල කන්නයේ වී මිලට ගැනීමට මුදල් වෙන් කරයි කිලෝග්‍රෑමයකට රුපියල් 50 ක සහතික මිල යටතේ 2020 යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුල්‍ය ප්‍රතිපාදන නිදහස් කර ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි....
පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රම රැකගත යුතු බවයි - ජනපති මහනුවරදී කියයි
පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රම රැකගත යුතු බවයි - ජනපති මහනුවරදී කියයි පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රම රැක ගැනීමට විධිමත් වැඩපිළිවෙළක් සැකසීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (12) පොදුජන...

Print   Email