කින්නියා කුරුන්චන්කර්නි පාලමේ ඉදිකිරීම් ආරම්භ කෙරේ

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මුතුර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කින්නියා - කුරුන්චන්කර්නි මාර්ගයේ කුරුන්චන්කර්නි කලපුව හරහා "කුරුන්චන්කර්නි පාලමේ" ඉදිකිරීම් කටයුතු අද(10) දින ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.

මෙම පාලම ඉදිකිරීමෙන් කින්නියා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය හා කින්නියා නගර සභා බල ප්‍රදේශයන් දෙක යා කෙරෙනු ඇත.

ප්‍රදේශයේ ජනතාව කුරුන්චන්කර්නි හා කින්නියා අතර ගමනා ගමන කටයුතු සදහා ප්‍රවාහන මාධ්‍යයක් ලෙස මේ වන විට බෝට්ටු යොදා ගනු ලැබේ. මෙම පාලම ඉදිකිරීමෙන් ලක්ෂයකට වැඩි පිරිසකගේ ගමනා ගමන කටයුතු පහසු කරලනු ඇත.

කුරුන්චන්කර්නි කලපුව හරහා ඉදිකරනු ලබන මෙම පාලමේ දිග මීටර් 120 කි. ඉදිකිරීම සදහා ඇස්තමේන්තු ගත මුදල රුපියල් මිලියන 750 කි. අදියර තුනක් යටතේ ඉදිකිරීම් සිදු කරනු ලැබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කපිල නුවන් අතුකෝරාල, එම්. තවුෆික්, රිෂාක් රහුමාන්, කින්නියා ප්‍රාදේශීය සභා සභාපති එම්. නිහාර්, උප සභාපති එම්.එච්. සනුෂ්, ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ඉදිකිරීම් ඒ.කේ.ඩී. තිසේරා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

Pin It

සබැඳි පුවත්

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට
කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට ඇඹිලිපිටිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය , ඇඹිලිපිටිය රෝහල, රක්වාන රෝහල, කහවත්ත රෝහල සහ රුවන්පුර විද්‍යා පීඨය ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කොවිඩ් ආසාදිත රෝගීන්ට ඇති පහ...
අපි රටක් ලෙස එකට එක්ව මෙම අභියෝගාත්මක කාලයට මුහුණ දෙමු - අගමැති
අපි රටක් ලෙස එකට එක්ව මෙම අභියෝගාත්මක කාලයට මුහුණ දෙමු - අගමැති අප රටක් ලෙස එකට අත්වැල් බැඳගෙන මෙම අභියෝගාත්මක කාලයට මුහුණ දෙමු යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (07) දින පෙරවර...
සුවසැරියට අලුත් ගිලන් රථ 112 ක් රට වෙනුවෙන් හරිදේ කරමු යැයි ආචාර්ය හර්ෂ කියයි
සුවසැරියට අලුත් ගිලන් රථ 112 ක් රට වෙනුවෙන් හරිදේ කරමු යැයි ආචාර්ය හර්ෂ කියයි 1990 සුවසැරිය රටේ ජනතාව වෙනුවෙන් දිනෙන් දිනම දියුණුවට පත්වීම පිළිබඳව තමා හදවතින්ම සතුටු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. සුවසැරිය...
කොවිඩි අසාධ්‍ය රෝගීන්ට KDU රෝහලේ සේවා පහසුකම් - සෞඛ්‍ය ඇමැතිනි
කොවිඩි අසාධ්‍ය රෝගීන්ට KDU රෝහලේ සේවා පහසුකම් - සෞඛ්‍ය ඇමැතිනි දැනට රට පුරා ව්‍යාප්ත වන කොවිඩ් -19 තෙවන රැල්ල හේතුවෙන් කොවිඩ් ආසාදනය වී අසාධ්‍ය වන රෝගීන්ට හදිසි ප්‍රතිකාර සේවාවන් ලබාදීමට ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල ර...
මත්ද්‍රව්‍යයට රැදවුවන්ට වෘත්තීය මාර්ගෝපදේශණයෙන් යහපත් අනාගතයකට වැඩපිළිවෙලක්
මත්ද්‍රව්‍යයට රැදවුවන්ට වෘත්තීය මාර්ගෝපදේශණයෙන් යහපත් අනාගතයකට වැඩපිළිවෙලක් මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධව අධිකරණය හමුවේ වරදකරුවකු වී පුනරුත්තාපනය ලබන රැදවුවන් හට වෘත්තීය පුහුණු නිපුණත්වයක් ලබා දීම පිළිබද සාකච්ඡාවක් ඊයේ (28) නිපුණතා සංවර්ධ...
ජනපති හල්දුම්මුල්ලට යයි “ගම සමග පිළිසඳර”
ජනපති හල්දුම්මුල්ලට යයි “ගම සමග පිළිසඳර” “ගම සමග පිළිසඳර” පළමු වැඩසටහනේ ප්‍රගතිය නිරීක්ෂණය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (26) පෙරවරුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, වෙලංවිට ග්‍රාමයේ චාරිකා...

Print   Email