බදුල්ල මහනුවර රජ මාවත දක්වා මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භයි

බදුල්ල සිට මහනුවර රජ මාවත දක්වා යාමට කෙටිම හා විකල්ප මාර්ගයක් ලෙස බදුල්ල මහනුවර රජ මාවත දක්වා වූ මාර්ගයේ ඉදිකිරීම් යටතේ හාලිඇල සිට මස්පන්න දක්වා පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරිණි.

ඒ, ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාගේ ප්‍රධානත්වයෙනි.

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ නියෝජ්‍ය සංවිධායක ඩිලාන් පෙරේරා යන මහත්වරුන්ගේ ඉල්ලීම පරිදි මෙම මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනු ලැබීය.

එහි පළමු අදියර ලෙස හාලිඇල මස්පන්න දක්වා වූ කොටසේ කිලෝ මීටර් 25 ක දුරක් ඉදිකිරීම ආරම්භ කෙරිණි. මේ සඳහා රුපියල් මිලියන 1,375 ක පමණ මුදලක් වැය වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම මාර්ගය ක්‍රිස්තු වර්ෂ 1634 තරම් දිගු ඉතිහාසයකට උරුමකම් කියයි. ක්‍රි.ව 1634 – 1638 දක්වා කාලයේ ඌවේ රජකල ප්‍රාදේශීය නායකයකු වූ කුමාරසිංහ රජු විසින් බදුල්ල සිට මහනුවර රජවාසල දක්වා ගමන් කිරීමට යොදාගත් මාර්ගයයි. දැඩි ලෙස අබලන් වී ඇති මාර්ගය වසර 13 කට පසු ඉදිකිරීම් ආරම්භ කිරීම මෙම ප්‍රදේශයේ ජනතාවට පැවති ප්‍රධාන ගැටළුවකට විසදුම් ලබා දීමකි.

මෙම අවස්ථාවට බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චාමර සම්පත් දසනායක, සුදර්ශන දෙණිපිටිය, හිටපු ඌව පළාත් සභා අමාත්‍ය සෙන්දිල් තොන්ඩමාන්, හාලිඇල ප්‍රාදේශීය සභාවේ සභාපති නිමල් සේනානායක, මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්.පේමසිරි, බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම, මාර්ග සංවර්ධන අධිකාරියේ ඌව පළාත් ව්‍යාපෘත අධ්‍යක්ෂක ටී.කේ.එම්.ගලප්පත්ති යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්වූහ.

 

 

Pin It

සබැඳි පුවත්

2021 වසරේදී බලශක්ති ක්ෂේත්‍රය දැවැන්ත පරිවර්තනයක් සිදු වනවා - ඇමැති ඩලස්
2021 වසරේදී බලශක්ති ක්ෂේත්‍රය දැවැන්ත පරිවර්තනයක් සිදු වනවා - ඇමැති ඩලස් 2021 එළඹෙන වසර මේ රටේ බලශක්ති ක්ෂේත්‍රයේ දැවැන්තම පරිවර්තනයක් සිදුවන වසරක් මෙන්ම, මෙවැනි කර්තව්‍යයන් තුළින් ඒ වෙනස මේ රටේ ජනතාවගේ සෞභාග්‍යමත් වෙනසත් බවට පත්කරන ...
දේශීය කර්මාන්තකරුවන්ට ශක්තියක් වෙන්න -රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න
දේශීය කර්මාන්තකරුවන්ට ශක්තියක් වෙන්න -රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ආනයන ආදේශක භාණ්ඩ නිෂ්පාදනය තුලින් විදේශයන් වෙත ඇදී යන අපේ මුදල් ටික ආරක්ෂා කිරීමට හැකි වනවා සේම දේශිය කර්මාන්තකරුවාද ශක්තිමත් කල යුතු බව වේවැල්, පිත්තල, මැටි, ල...
1929 ශ්‍රි ලංකා ළමා ආරක්ෂක යෙදවුම එළිදක්වයි
1929 ශ්‍රි ලංකා ළමා ආරක්ෂක යෙදවුම එළිදක්වයි ශ්‍රී ලාංකික ළමයින්ගේ ළමා අයිතිවාසිකම් සාක්ෂාත් කිරීමටත්, සියළුම ආකාරයේ ළමා අපයෝජනයන්ගෙන් සහ නොසලකා හැරීම් වලින් ළමයින් මුදවා ගැනීම අරමුණු කොටගෙන 1929 ශ්‍රි ලංක...
හේවායින්න සහ බෙලිගස්හංදිය මාර්ග කපට් යොදා සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කෙරේ
හේවායින්න සහ බෙලිගස්හංදිය මාර්ග කපට් යොදා සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කෙරේ සබරගමුව පළාතේ ඇහැළියගොඩ ආසනයේ ග්‍රාමීය මාර්ග සංවර්ධනයට ද මේ වන විටත් පියවර ගෙන ඇති අතර ඒ අනුව හේවායින්න නාගහවත්ත මාර්ගයේ සහ බෙලිගස්හංදිය - පලීගල මාර්ගයේ සංවර්ධන...
මාර්ග 160 ක් පැළ මිලියන දෙකක් සිටුවීමේ වැඩසටහන ආරම්භ කෙරේ
මාර්ග 160 ක් පැළ මිලියන දෙකක් සිටුවීමේ වැඩසටහන ආරම්භ කෙරේ ආසන 160 ක මාර්ග සංවර්ධන ව්‍යාපෘති 160 ක් සහ මග දෙපස පැළ මිලියන දෙකක් සිටුවීමේ වැඩසටහන අද (22) දින ආරම්භ කෙරිණ. එහි සමාරම්භය සනිටුහන් කරමින් දක්ෂිණ අධිවේගී මා...
හුස්ම දෙන තුරු ජාතික රුක් රෝපණ වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ
හුස්ම දෙන තුරු ජාතික රුක් රෝපණ වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ පැළ මිලියන 02ක් සිටුවන “හුස්ම දෙන තුරු” ජාතික රුක් රෝපණ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ. “සෞභාග්‍යයේ දැක්ම” රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍...

Print   Email