හේවායින්න සහ බෙලිගස්හංදිය මාර්ග කපට් යොදා සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කෙරේ

සබරගමුව පළාතේ ඇහැළියගොඩ ආසනයේ ග්‍රාමීය මාර්ග සංවර්ධනයට ද මේ වන විටත් පියවර ගෙන ඇති අතර ඒ අනුව හේවායින්න නාගහවත්ත මාර්ගයේ සහ බෙලිගස්හංදිය - පලීගල මාර්ගයේ සංවර්ධන කටයුතු ඊයේ දින (22) ආරම්භ කෙරිනි.

හේවාහින්න නාගහවත්ත මාර්ගය කිලෝමීටර් 2.5 ක් කාපට් කිරීමේ ව්‍යාපෘතිය (රු:77,996,352.00 හත්කෝටි අනූනව ලක්ෂ තුන්සිය පනස් දෙකක්) හීනැටිදෙනිය හංදියේ දී ආරම්භ වූ අතර, බෙලිගස්හංදිය - පලීගල මාර්ගය කිලෝමීටර් 1.1 ක් කාපට් කිරීමේ ව්‍යාපෘතිය (රු:34,423,639.60 තුන්කෝටි හතලිස්දෙලක්ෂ තිස් හයදාස් තිස්නවය) බෙලිගස් හංදියේ දී ආරම්භ විය.

මෙම මාර්ග සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරන ලද්දේ සබරගමු පළාත් සභා සභාපති කංචන ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් වන අතර, ඒ මහතා සංවර්ධන කටයුතු ආරම්භ කරමින් ප්‍රකාශ කරන ලද්දේ රට විනාශ කළ බලවේග පරදා ජනතාවාදී රජයක් බිහිව ඇති බවත්, සබරගමුව පළාතේ අනෙකුත් ග්‍රාමීය මාර්ග රාශ්‍රියක් ද සංවර්ධනය සදහා අවශ්‍ය කටයුතු මේ වනවිටත් සුදානම් කොට ඇති බවයි. එමෙන්ම සෞඛ්‍ය අධ්‍යාපන ඇතුලු අනෙකුත් සියළු අංශ සංවර්ධනය සදහා ද රජය කටයුතු සිදු කරන බව ද පැවැසීය.

මෙම අවස්ථාවට සබරගමු පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න මැතිතුමා, හේවාහින්න/බටහිර කලටුවාව පොදුජන පෙරමුණ ප්‍රාදේශීය මන්ත්‍රී ආරියවංශ පල්ලේවල මහතා, සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී නමින් ද අනුරප්‍රිය මහතා, ප්‍රාදේශීය සභා සහ පළාත් සභා මන්ත්‍රීවරු ඇතුලු ප්‍රදේශවාසීන් එක්ව සිටියහ.

 

 

Pin It

සබැඳි පුවත්

අනුරාධපුරයේ නව ඇඟලුම් කර්මාන්ත ආරම්භ කිරීමේ සැලසුමක් - රාජ්‍ය ඇමැති දුමින්ද
අනුරාධපුරයේ නව ඇඟලුම් කර්මාන්ත ආරම්භ කිරීමේ සැලසුමක් - රාජ්‍ය ඇමැති දුමින්ද අනුරාධපුර තරුණ තරුණියන්ගේ විරැකියාවට විසදුමක් ලෙස අනුරාධපුර දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කීපයක නව ඇගලුම් කර්මාන්ත ශාලා ආරම්භ කිරීමට රා...
රාජ්‍ය ඇමැති දුමින්දගේ යෝජනාවට අනුව මල්වතු ඔය හරහා නව පාලමක් ඉදි කෙරේ
රාජ්‍ය ඇමැති දුමින්දගේ යෝජනාවට අනුව මල්වතු ඔය හරහා නව පාලමක් ඉදි කෙරේ තිරප්පනය, ඇතුන්ගම ගම්මානයේ, මල්වතුඔය එගොඩයායේ වගා බිම් වල අස්වනු නගරයට ගෙන ඒමට මෙන්ම ගම්වාසීන්ගේ ගමන් පහසුව වෙනුවෙන් මල්වතු ඔය හරහා නව පාලමක් ඉදි කිරීමට කටයුතු ...
ඉස්සන් වගාව ව්‍යාප්ත කිරීමටත් හා නව නීති හදුන්වා දීමට කටයුතු කරන බව රාජ්‍ය ඇමැති කංචන කියයි
ඉස්සන් වගාව ව්‍යාප්ත කිරීමටත් හා නව නීති හදුන්වා දීමට කටයුතු කරන බව රාජ්‍ය ඇමැති කංචන කියයි ඉස්සන් වගාව තව තවත් ව්‍යාප්ත කිරීමට අවශ්‍ය නව නීති හදුන්වා දෙමින් ඉස්සන් කර්මාන්තයේ නියැලෙන පිරිසගේ ජීවන තත්වය නගා සිටුවීමට අවශ්‍ය පියවර ගන්නා බව ධීවර රාජ්‍ය අම...
“Park & Ride” බස් රථ සේවාව ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ
“Park & Ride” බස් රථ සේවාව ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ කොළඹ නගරය ආශ්‍රිත වාහන තදබදයට පිළියමක් ලෙස හඳුන්වා දෙන “Park & Ride” බස් රථ සේවාවේ පළමු අදියර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොට්ටාව, මාකුඹුර...
2023 වසරේදී කහවලින් ස්වයංපෝෂිත ශ්‍රී ලංකාවක් - කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
2023 වසරේදී කහවලින් ස්වයංපෝෂිත ශ්‍රී ලංකාවක් - කෘෂිකර්ම දෙපාර්තමේන්තුව 2023 වසරේදී කහවලින් ස්වයංපෝෂිත ශ්‍රී ලංකාවක් කරා යාමේ රජයේ ඉලක්කය කරා 2022 වසරේදී ළඟා වීමට අපේක්ෂා කරන බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (සංවර්ධන) උපුල...
සහල් නිෂ්පාදකයන්ට ණය පහසුකම් සලසන්න - අගමැතිගෙන් උපදෙස්
සහල් නිෂ්පාදකයන්ට ණය පහසුකම් සලසන්න - අගමැතිගෙන් උපදෙස් සුළු හා මධ්‍ය පරිමාන සහල් නිෂ්පාදකයන්ට ණය පහසුකම් ලබාදීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (07) සමස්ත...

Print   Email