මාර්ග තදබදයට පිළියමක් ලෙස Park and Drive ක්‍රමවේදයක් ගැන අවධානය

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, ලාභ ලබන ප්‍රමුඛ පෙළේ ආයතනයක් බවට පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යෝජනා මාලාවක් ඉදිරිපත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කරනු වෙනුවට භාණ්ඩාගාරයට මුදල් ලබාදිය හැකි රාජ්‍ය ආයතනයක් බවට ලංගම පත්කිරීමට හැකි බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

මෙම යෝජනා ජනාධපතිවරයා සමඟ ලංකා ගමන ගමන මණ්ඩලයේ වත්මන් තත්ත්වය විමර්ශනය සඳහා ඊයේ (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ඉදිරිපත් කෙරෙණි.

සතියේ දිනවල පෙරවරුවේ සහ පස්වරුවේ දැඩි මාර්ග තදබදයක් පවතී. එය සමනය කරනු පිණිස සිය මෝටර් රථයෙන් කාර්යාලවලට යන පිරිස් පොදු ප්‍රවාහන සේවයට එක් කර ගැනීමේ වැදගත්කම ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ඊට පිළියමක් ලෙස තෝරාගත් ස්ථානයක මෝටර් රථය නවතා සේවා ස්ථානයට බස් රථයෙන් ගමන් කිරීමට අවශ්‍ය ක්‍රමවේදයක් (Park and Drive) කඩිනමින් හඳුන්වා දෙන්නැයි ජනාධිපතිවරයා යෝජනා කළේය. උපරිම පහසුකම් සහිත බස් රථ ඊට එක්කළයුතු බව ද ඒ මහතා පැවසිය.

පාසල් සිසුන් සඳහාම ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙමින් පාසල් බස් සේවය ප්‍රවර්ධනය කළයුතු ඇතැයි ද ජනාධිපතිවරයා පැවසිය. පාසල් බස් රථ කහ පාට ගන්වා මහා මාර්ගයේ දී ප්‍රමුඛත්වයක් ලැබෙන ආකාරයෙන් ධාවනය කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණ.

ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ සහ පෞද්ගලික බස් රථ වර්ණ දෙකක් යටතේ ධාවනයට යෙදවීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

සේවක දිරිගැන්වීම, අලුත් ක්‍රම හඳුන්වාදීම, නාස්තිය අවම කිරීම සහ හොරකමට තිත තැබීම සඳහා විධිමත් පියවර අනුගමනය කිරීම ගැන ද සාකච්ඡාවට ලක් විය. ආයතනය දියුණු කිරීම පිණිස නිරන්තර පර්යේෂණ සහ සමීක්ෂණ සිදු කළයුතුව ඇතැයි ද ජනාධිපතිවරයා පැවසීය.

4500 ක පමණ දක්ෂ කාර්මික නිලධාරීන් කණ්ඩායමක් ලංකා ගමනා ගමන මණ්ඩලයේ සිටිති. ඔවුන්ගෙන් උපරිම ප්‍රයෝජන ගෙන ආයතනයෙන් පිටත නඩත්තු කිරීම් සඳහා ඇණවුම් භාරගැනීමෙන් මුදල් ඉපැයිය හැකි බව ජනාධිපතිවරයා සඳහන් කළේය. ප්‍රයෝජනයට නොගත් විශාල භූමි ප්‍රමාණයක් ලංගම සතු වේ. එම ඉඩම් නිසි කළමනාකරණයෙන් ද මුදල් ඉපැයිය හැකිය.

ග්‍රාමීය ප්‍රදේශවල සිට නගරයට කෘෂි අස්වනු ප්‍රවාහනයෙන් ගොවියාට මෙන්ම පාරිභෝගිකයාට ද සහන සැලසීමේ හැකියාව ලංගම සතුව ඇති බව ජනාධිපතිවරයා පැවසීය. පුහුණු පාසල් තවදුරටත් දියුණු කර සේවක දැනුම පුළුල් කිරීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. කෙටි, මධ්‍ය හා දිගු කාලීන සැලැස්මකට අනුව සමස්ථ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට ද ජනාධිපතිවරයා විසින් උපදෙස් දෙනු ලැබිණ.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක, ප්‍රධාන විධායක සාගර හේමන්ත වඩුගේ, අධ්‍යක්ෂ ජනරාල් (පොදු ව්‍යවසාය) අතුල කුමාර මහතා සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

Pin It

සබැඳි පුවත්

කටුනායක ගුවන් තොටුපළේ සංවර්ධන කටයුතු යළි ඇරඹේ
කටුනායක ගුවන් තොටුපළේ සංවර්ධන කටයුතු යළි ඇරඹේ කොවිඩ් 19 වසංගත තත්ත්වය  හේතුවෙන් අත් හිටුවා තිබු කටුනායක ගුවන් තොටුපළේ සංවර්ධන කටයුතු යළි ආරම්භ කර  කඩිනමින් අවසන් කරන ලෙස අදාල කොන්ත්‍රාත්කරුවන්ට ඇම...
පාසල් ළමුන්ට ආහාර ලබාදීමේ ජාතික වැඩසටහනට ඩොලර් ලක්ෂ 4 ක ආධාර හිමිවෙයි !
පාසල් ළමුන්ට ආහාර ලබාදීමේ ජාතික වැඩසටහනට ඩොලර් ලක්ෂ 4 ක ආධාර හිමිවෙයි ! එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන සහ ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු සහ වෙළදාම් පිළිබඳ දෙපාර්තමේන්තුව විසින් ඇමෙරිකානු ඩොලර් 400,000 (ශ්‍රී ලංකා රුපියල් මිලියන 74) ක...
සාම්ප්‍රදායික චීන්තයෙන් බැහැර වී ආර්ථික පුනරුදයට දායක වෙන්න - ජනපති බැංකු ක්ෂේත්‍රයෙන් ඉල්ලයි
සාම්ප්‍රදායික චීන්තයෙන් බැහැර වී ආර්ථික පුනරුදයට දායක වෙන්න - ජනපති බැංකු ක්ෂේත්‍රයෙන් ඉල්ලයි COVID- 19 වසංගතය නිසා ඇද වැටුණු ආර්ථිකය නැවත ශක්තිමත්ව ගොඩනැගීම සඳහා සාම්ප්‍රදායික චින්තනයෙන් සහ වැඩරාමුවෙන් බැහැරව දායක වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බැ...
ඉලක්කයක් ඇතිව වැඩ කළොත් රටේ ආර්ථිකය ගොඩගන්න පුළුවන් - ජනපති
ඉලක්කයක් ඇතිව වැඩ කළොත් රටේ ආර්ථිකය ගොඩගන්න පුළුවන් - ජනපති ඉලක්කයක් ඇතිව වැඩ කළහොත් රටේ ආර්ථිකය ගොඩගැනීමට දායකවීමේ පුළුල් හැකියාවක් වැවිලි ක්ෂේත්‍රය සතුව ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ...
සියළු පුරවැසියන්ට ඩිජිටල් හැඳුනුම්පත හැකි ඉක්මනින් ලබා දෙන්න - ජනපති
සියළු පුරවැසියන්ට ඩිජිටල් හැඳුනුම්පත හැකි ඉක්මනින් ලබා දෙන්න - ජනපති සියලු පුරවැසියන්ට නව හැඳුනුම්පත හැකි ඉක්මණින් ලබාගතහැකි වන අයුරින් කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. සියලුම පුරවැසියන්ගේ ජිව දත්ත ජීවිතයේ වර...
අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ නව හෙද නේවාසිකාගාරය විවෘත කෙරේ
අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ නව හෙද නේවාසිකාගාරය විවෘත කෙරේ අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ සේවය කරනු ලබන හෙද කාර්ය මණ්ඩලයට රුපියල් මිලියන 15 ක පමණ වටිනාකමකින් යුතු පරිත්‍යාගයක් ලෙස ලැබුණු අංග සම්පූර්ණ නව හෙද නේවාසිකාග...

Print   Email