විදුලිය නොමැති පවුල්වලට මහමැතිවරණයෙන් පසු නොමිලේ සුර්ය බල විදුලි කට්ටල ලබා දෙනවා - ඇමැති අමරවීර

රටේ තවමත් විදුලි බලය නැති පවුල් 12,500 සඳහා නොමිලේ සූර්ය බල විදුලි කට්ටල ලබා දීම රජය මහමැතිවරණයෙන් පසුව ආරම්භ කරන බව විදුලිබල බලශක්ති හා ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාතය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ කහඳමෝදර නවගම්මානයට විදුලිය සැපයීමෙන් අනතුරුව අදහස් පළ කරමිනි. ධීවර කර්මාන්තයෙන් හා කෘෂිකර්මාන්තයෙන් ජීවත් වන වැඩි පිරිසක් ජීවත්වන කහඳමෝදර නව ගම්මානයට මෙතෙක් විදුලිබලය ලබා දී නොතිබුනි.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙසේ අදහස් පල කළේය " අපේ රටේ සමෘද්ධි ප්‍රතිලාභී පවුල් ලක්ෂ 18ක් පමණ සිටිනවා. මේ සියලු දෙනාම අඩු ආදායම්ලාභී පවුල් . මේ අයගෙන් බොහෝ දෙනෙක් විදුලිබලය ලබා ගෙන තිබුනත් ඒ් අයට මාසිකව විදුලි බිල්පත් ගෙවන්න තරම් ආදායමක් නෑ. මේ නිසා අපි රජය විදියට තීරණයක් ගෙන තිබෙනවා මේ සියලු දෙනාටම සූර්ය විදුලිබල කට්ටල ලබා දෙන්න. ඒ්වා සියල්ලම අපි ලබා දෙන්නේ නොමිලේ. ඊට පස්සේ ඒ් පවුල්වලට විදුලිය බිල් ගෙවන්න මුදල් වැය කරන්න වෙන්නේ නැහැ. ඒ් වගේම මෙම සූර්ය බල පද්ධතිවලින් නිපදවන අමතර විදුලිබලය ලංකා විදුලිබල මණ්ඩලය විසින් මිල දි ගැනීමේ වැඩ පිලිවෙලකුත් අපි ආරම්භ කරනවා. මෙම ගමේ බොහෝ දෙනෙක් විදුලි බලය නොමැතිව කටයුතු කළ පිරිසක්. දරුවන්ට අධ්‍යාපනික කටයුතු සඳහා විදුලිබලය නොමැතිවීම විශාල ගැටළුවක් ව තිබුනා. නමුත් දැන් අද ඉඳන් ඒ් අයට විදුලිය ලබා දී තිබෙනවා. ලංකා විදුලි බල මණ්ඩලය දැනට පාඩු පිට පවත්වාගෙන යන ආයතනයක්. හේතුව තමයි පසුගිය වසර පහක කාලය තුළ අඩුම තරමින් විදුලිය ඒ්කකයකින්වත් ජාතික විදුලි පද්ධතියට එක් කිරීමේ වැඩ පිලිවෙළක් ආරම්භ නොකිරීම. ඒ් නිසා ජාතික අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රමාණයක් පුද්ගලික අංශයෙන් හදිසි මිල දී ගැනිම් යටතේ මිල දී ගන්න ලංකා විදුලි බල මණ්ඩලයට සිදු වුනා. නමුත් ජනාධිපතිතුමා මට උපදෙස් දී තිබෙනවා දැනට හඳුනාගෙන ඇති විදුලි ව්‍යාපෘති වහාම ආරම්භ කරන ලෙසට. මම දන්නවා දැනට අප ගෙන යන වැඩ පිලිවෙල අනුව 2023 වනවිට රටේ විදුලි අවශ්‍යතාවයෙන් සියයට සියයක්ම ලංකා විදුලි බල මණ්ඩලය යටතේ නිපදවීමට හැකියාව ලැබෙනවා. ඒ් අනුව 2023 වර්ෂය මේ රටේ විදුලි බල අංශයේ ස්වර්ණමය වර්ෂය බවට පත් කිරිමිට මම මේ වනවිටත් අවහ්‍ය පියවර ගෙන තිබෙනවා යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාවට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පීරිසක් සහභාගි වී සිටියහ.

Pin It

සබැඳි පුවත්

මධ්‍යම අධිවේගයේ වැඩ කඩිනම් කිරීමට ජනපති නියෝග කරයි
මධ්‍යම අධිවේගයේ වැඩ කඩිනම් කිරීමට ජනපති නියෝග කරයි මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කරන්න ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විෂයභාර අමාත්‍ය අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට නියම කර ඇති බව ජනාධිපති මාධ්‍ය...
මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට තරුණ ඡවය එක් කිරීමට මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ අවධානය
මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට තරුණ ඡවය එක් කිරීමට මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ අවධානය මැණික් හා ස්වර්ණාභරණ මධ්‍යම සංවිධානයේ ඉදිරි කටයුතු හා යෝජනා පිළිබඳ සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පළාත් ආණ්...
කොළඹ නගර සභාවේ ජනතා සේවය ගැන ආණ්ඩුකාරවරයාගේ නිරික්ෂණයට ලක්විය
කොළඹ නගර සභාවේ ජනතා සේවය ගැන ආණ්ඩුකාරවරයාගේ නිරික්ෂණයට ලක්විය කොළඹ නගරයේ ජීවත්වන ජනතාවගේ පහසුව උදෙසා කොළඹ මහ නගර සභාව මගින් ක්‍රියාත්මක කර ඇති කඩිනමින් හිමිකම් සහතික පත් ලබාදීමේ (Single Window Counter) මධ්‍යස්ථානයේ වැඩ කටය...
රියදුරු බලපත්‍රය සකස් කිරීම හමුදාවට පැවරෙයි
රියදුරු බලපත්‍රය සකස් කිරීම හමුදාවට පැවරෙයි මෙතෙක් විශාල මුදලක් ගෙවා පුද්ගලික ආයතනයක් මගින් නිකුත් කරන ලද රියදුරු බලපත්‍ර සැකසීම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් සිදු කෙරේ. සාමාන්‍යයෙන් රියැදුරු ...
යල කන්නයේ වී මිලට ගැනීමට මුදල් වෙන් කරයි
යල කන්නයේ වී මිලට ගැනීමට මුදල් වෙන් කරයි කිලෝග්‍රෑමයකට රුපියල් 50 ක සහතික මිල යටතේ 2020 යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුල්‍ය ප්‍රතිපාදන නිදහස් කර ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි....
පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රම රැකගත යුතු බවයි - ජනපති මහනුවරදී කියයි
පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රම රැකගත යුතු බවයි - ජනපති මහනුවරදී කියයි පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රම රැක ගැනීමට විධිමත් වැඩපිළිවෙළක් සැකසීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (12) පොදුජන...

Print   Email