ICU ඇඳන් නිෂ්පාදනය දේශීය වශයෙන් ඇරඹෙයි!

කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තියත් සමග මෙරට සෞඛ්‍ය පද්ධතියට අත්‍යවශ්‍ය වී ඇති දැඩි සත්කාර ඒකක ඇඳන් නිෂ්පාදනය සඳහා නව ඉංජිනේරුමය තාක්ෂණ උපකරණ නිපදවීමේ ප්‍රමුඛතම සමාගමක් වන මීගමුව රෙක්ස් මැෂිනරීස් පුද්ගලික ආයතනය ඉදිරිපත්ව සිටියි.

මෙම කටයුත්ත කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ඉල්ලීම හා උපදෙස් මත අරඹා ඇති අතර මූලික අධීක්ෂණ කටයුතු රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය සිසිර සිරිබද්ධන මහතා සිදු කරනු ලබයි. කොරෝනා වෛරස ව්‍යාතියට සාර්ථකව මුහුණ දීම සඳහා මෙරට සෞඛ්‍ය පද්ධතිය සතුව තිබෙන දැඩි සත්කාර ඒකක ඇඳන් ප්‍රමාණය වැඩි කර ගැනීමේ අභියෝගයට සාර්ථකව මුහුණ දීම සඳහා මෙම පියවර ගත් බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

මෙම කටයුත්ත සාර්ථක කරගැනීම සඳහා මීගමුව දිස්ත්‍රික් රෝහලේ අධ්‍යක්ෂතුමා ඇතුළු ජීව වෛද්‍ය ඉංජිනේරු කාර්යමණ්ඩලයේ සහයෝගය ද ලැබී ඇති බවත් ඔවුන්ගේ අධීක්ෂණය සහිතව රෙක්ස් මැෂිනරීස් පුද්ගලික ආයතනයේ යාන්ත්‍රික ඉංජිනේරුවන් කෙටි කලක් තුළ ඉලක්කය සපුරාලීමට කටයුතු කරනු ඇති බවත් අමාත්‍ය උපදේශක සුදේශ් නන්දසිරි මහතා සඳහන් කරයි.

 

දිලිනි සමන්මලි

Pin It

සබැඳි පුවත්

මාර්ග තදබදයට පිළියමක් ලෙස Park and Drive ක්‍රමවේදයක් ගැන අවධානය
මාර්ග තදබදයට පිළියමක් ලෙස Park and Drive ක්‍රමවේදයක් ගැන අවධානය ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, ලාභ ලබන ප්‍රමුඛ පෙළේ ආයතනයක් බවට පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යෝජනා මාලාවක් ඉදිරිපත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි...
කටුනායක ගුවන් තොටුපළේ සංවර්ධන කටයුතු යළි ඇරඹේ
කටුනායක ගුවන් තොටුපළේ සංවර්ධන කටයුතු යළි ඇරඹේ කොවිඩ් 19 වසංගත තත්ත්වය  හේතුවෙන් අත් හිටුවා තිබු කටුනායක ගුවන් තොටුපළේ සංවර්ධන කටයුතු යළි ආරම්භ කර  කඩිනමින් අවසන් කරන ලෙස අදාල කොන්ත්‍රාත්කරුවන්ට ඇම...
පාසල් ළමුන්ට ආහාර ලබාදීමේ ජාතික වැඩසටහනට ඩොලර් ලක්ෂ 4 ක ආධාර හිමිවෙයි !
පාසල් ළමුන්ට ආහාර ලබාදීමේ ජාතික වැඩසටහනට ඩොලර් ලක්ෂ 4 ක ආධාර හිමිවෙයි ! එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන සහ ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු සහ වෙළදාම් පිළිබඳ දෙපාර්තමේන්තුව විසින් ඇමෙරිකානු ඩොලර් 400,000 (ශ්‍රී ලංකා රුපියල් මිලියන 74) ක...
සාම්ප්‍රදායික චීන්තයෙන් බැහැර වී ආර්ථික පුනරුදයට දායක වෙන්න - ජනපති බැංකු ක්ෂේත්‍රයෙන් ඉල්ලයි
සාම්ප්‍රදායික චීන්තයෙන් බැහැර වී ආර්ථික පුනරුදයට දායක වෙන්න - ජනපති බැංකු ක්ෂේත්‍රයෙන් ඉල්ලයි COVID- 19 වසංගතය නිසා ඇද වැටුණු ආර්ථිකය නැවත ශක්තිමත්ව ගොඩනැගීම සඳහා සාම්ප්‍රදායික චින්තනයෙන් සහ වැඩරාමුවෙන් බැහැරව දායක වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බැ...
ඉලක්කයක් ඇතිව වැඩ කළොත් රටේ ආර්ථිකය ගොඩගන්න පුළුවන් - ජනපති
ඉලක්කයක් ඇතිව වැඩ කළොත් රටේ ආර්ථිකය ගොඩගන්න පුළුවන් - ජනපති ඉලක්කයක් ඇතිව වැඩ කළහොත් රටේ ආර්ථිකය ගොඩගැනීමට දායකවීමේ පුළුල් හැකියාවක් වැවිලි ක්ෂේත්‍රය සතුව ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ...
සියළු පුරවැසියන්ට ඩිජිටල් හැඳුනුම්පත හැකි ඉක්මනින් ලබා දෙන්න - ජනපති
සියළු පුරවැසියන්ට ඩිජිටල් හැඳුනුම්පත හැකි ඉක්මනින් ලබා දෙන්න - ජනපති සියලු පුරවැසියන්ට නව හැඳුනුම්පත හැකි ඉක්මණින් ලබාගතහැකි වන අයුරින් කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. සියලුම පුරවැසියන්ගේ ජිව දත්ත ජීවිතයේ වර...

Print   Email