ශ්‍රී ලංකාව තුළ ඛනිජවැලි ආශ්‍රිත ව්‍යාපාර සඳහා රුසියාවට ඇරයුම් - ඇමැති විමල්

ශ්‍රී ලංකාව තුළ ඛනිජ වැලි ආශ්‍රිත වටිනාකම් එකතු කළ කර්මාන්ත ඇරඹීම සදහා ලොව ඛනිජ වැලි ආශ්‍රිත කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉහළම තාක්ෂණයෙන් යුත් රුසියාවට ඇරයුම් කළ බවත් ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් ඔවුනට සැපයීමට එකඟ වූ බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ පැවැති '24 වැනි ශාන්ත පීටර්ස්බර්ග් අන්තර්ජාතික ආර්ථික සමුළුව'ට සහභාගි වී සිටිය දී රුසියානු රජයේ කර්මාන්ත හා වෙළෙඳ ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රිකයන් පිරිසක් සමඟ පැවති සාකච්ඡාවක දී මෙම එකඟතාවට පැමිණ තිබේ.

එසේම ශ්‍රී ලංකාව තුළ බර යන්ත්‍රෝපකරණ නිෂ්පාදනාගාරයක් අරඹා නිදහස් වෙළඳ ගිවිසුම් ද යොදා ගනිමින් එම නිෂ්පාදන ඉන්දියාව ඇතුළු දකුණු ආසියානු රටවලට අපනයනය කිරීමේ හැකියාව පිළිබඳව ද රුසියානු රජයේ නියෝජිතයන් සමග මෙහිදී සාකච්ඡාවට බඳුන් වී තිබේ.

තවද තේ, රබර් වැනි අපනයනයන්ට අමතරව ශ්‍රී ලංකාවෙන් රුසියාවට සිදු කෙරෙන අපනයන ප්‍රමාණය වැඩි කර ගැනීමට මෙම සාකච්ඡාව ඉවහල් වූ බවත් ඒ අනුව ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට තත්ත්වයෙන් ඉහළ සිය නිෂ්පාදන රුසියාවට අපනයනය සඳහා ඉඩකඩ විවර වනු ඇති බවත් එය මෙරට ව්‍යවසායකයන්ට ලැබුණු අනගි අවස්ථාවක් බවත් කර්මාන්ත අමාත්‍යවරයා පෙන්වා දෙයි. මෙහිදී ශ්‍රී ලාංකේය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ නිෂ්පාදන ඔන්ලයින් ක්‍රමවේදයක් ඔස්සේ රුසියානු ඉහළ පෙළේ වෙළෙඳ ව්‍යාපාරිකයන් පිරිසක් වෙත ප්‍රදර්ශනය කර ඔවුන්ගේ අනුමැතිය ලබාගැනීම මසක් ඇතුළත සිදු කිරීමට නියමිත ය.

මෙම සාකච්ඡාව සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, කර්මාන්ත අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් අනුෂ්ක ගුණසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් ශ්‍රී ලංකාව රජය වෙනුවෙන් එක්ව සිටියහ.

 

Pin It

සබැඳි පුවත්

තරුණ තරුණියන්ට නව තාක්ෂණික උද්‍යාන බිහිකිරීම ඇමැති නාමල්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි
තරුණ තරුණියන්ට නව තාක්ෂණික උද්‍යාන බිහිකිරීම ඇමැති නාමල්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි මෙරට තාක්ෂණික කේෂ්ත්‍රයේ නව පිබිදීමක් ඇති කිරීම අරමුණු කරගනිමින් මෙරට ඉඳිවන ප්‍රථම නව තාක්ෂණික උද්‍යානය පිහිටුවීම ඊයේ (12) දින ගාල්ලේදී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහ...
ජාතික වෘක්කවේද (වකුගඩු) විශේෂිත රෝහල ජනපති අතින් ජනතා අයිතියට
ජාතික වෘක්කවේද (වකුගඩු) විශේෂිත රෝහල ජනපති අතින් ජනතා අයිතියට පොළොන්නරුවේ ඉදිකෙරුණු චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහල අද (11) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ජනතා අයිතියට පත් කෙරිණ. හිටප...
මෙරට සිටින විදෙස් සංචාරකයින්ට සෞඛ්‍ය ක්‍රමවේදය යටතේ සංචාරය කිරීමට අවසර – සංචාරක සංවර්ධන අධිකාරිය
මෙරට සිටින විදෙස් සංචාරකයින්ට සෞඛ්‍ය ක්‍රමවේදය යටතේ සංචාරය කිරීමට අවසර – සංචාරක සංවර්ධන අධිකාරිය දිවයිනට පැමිණ සිටින විදෙස් සංචාරකයින්ට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ජෛව ආරක්ෂක බුබුළු ක්‍රමවේදය යටතේ සංචාරය කිරිමට අවස්ථාව හිමි වන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ...
ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිෂ්පාදනය කළ තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකය ජනපතිට භාර දෙයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිෂ්පාදනය කළ තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකය ජනපතිට භාර දෙයි ස්වසන අපහසුතා ඇති රෝගීන්ගේ ස්වසන පහසුව සඳහා භාවිතා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිෂ්පාදනය කළ තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකය (HEATED HUMIDIFIED OXYGEN TH...
කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට
කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට ඇඹිලිපිටිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය , ඇඹිලිපිටිය රෝහල, රක්වාන රෝහල, කහවත්ත රෝහල සහ රුවන්පුර විද්‍යා පීඨය ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කොවිඩ් ආසාදිත රෝගීන්ට ඇති පහ...
අපි රටක් ලෙස එකට එක්ව මෙම අභියෝගාත්මක කාලයට මුහුණ දෙමු - අගමැති
අපි රටක් ලෙස එකට එක්ව මෙම අභියෝගාත්මක කාලයට මුහුණ දෙමු - අගමැති අප රටක් ලෙස එකට අත්වැල් බැඳගෙන මෙම අභියෝගාත්මක කාලයට මුහුණ දෙමු යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (07) දින පෙරවර...

Print   Email