ඉස්සන් වගාව ව්‍යාප්ත කිරීමටත් හා නව නීති හදුන්වා දීමට කටයුතු කරන බව රාජ්‍ය ඇමැති කංචන කියයි

ඉස්සන් වගාව තව තවත් ව්‍යාප්ත කිරීමට අවශ්‍ය නව නීති හදුන්වා දෙමින් ඉස්සන් කර්මාන්තයේ නියැලෙන පිරිසගේ ජීවන තත්වය නගා සිටුවීමට අවශ්‍ය පියවර ගන්නා බව ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා කහදමෝදර මිරිදිය අභිජනන මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවෙමිනි.

මෙහිදී අමාත්‍යවරයා පැවැසුවේ‘ඉස්සන් වගාවෙන් රටට ඉහලම විදේශ ආදායමක් හිමි කරදීම සදහා අවශ්‍ය කටයුතු ජලජිවි වගා සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරමින් සිටින බවත් මේ අනුව ඉස්සන් වගේම මුහුදු කූඞැල්ලන් , වේක්කයන් , කකුළුවන් වගාව ආරම්භ කිරීමට මේ වන විටත් අවශ්‍ය කටයුතු කරගෙන යන බවත්ය. එමෙන්ම නිරෝගී මත්ස්‍ය පැටවුන් අභිජනනය කිරීම සදහා අවශ්‍ය තාක්ෂණික දැනුම හා පුහුණුව ජලජිවි වගා සංවර්ධන අධිකාරිය මගින් ලබා දීමට කටයුතු කරන බවත් මෙම කර්මාන්තය දියුණු කිරීමට අවශ්‍ය ඉඩම් වගේම ආධාර සහ ණය පහසුකම්, මෙන්ම නවීන තාක්‍ෂණික දැනුම හා නිරන්තර උපදේශනය , අධික්‍ෂණය සදහා අවශ්‍ය වැඩපිළිවෙලත් මේ වන විටත් අමාත්‍යාංශය හා අනුබද්ධිත ආයතනයන් හා එක්ව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සුදානම් කර ඇති බවයි. ' ඉස්සන් වගාව තව තවත් ව්‍යාප්ත කිරීමට අවශ්‍ය නව නීති හදුන්වා දෙමින් ඉස්සන් කර්මාන්තයේ නියැලෙන පිරිසගේ ජීවන තත්වය නගා සිටුවීමට අවශ්‍ය පියවර ගන්නා බවද පැවසු අමාත්‍යවරයා මෙම වසරේදී කහඳමෝදර ඉස්සන් අභිජනන මධ්‍යස්ථානයෙන් ඉස්සන් පැටවූ මිලියන 40ක් පමණ ජල මුලාශ්‍ර වලට මුදා හැරීමට බලාපොරොත්තුවන බව " රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

 

Pin It

සබැඳි පුවත්

රජයේ ඉඩම් සඳහා දීමනා පත්‍ර ප්‍රදානය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ
රජයේ ඉඩම් සඳහා දීමනා පත්‍ර ප්‍රදානය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ නිරවුල් හිමිකමක් නැතිව රජයේ ඉඩම් භුක්ති විඳිමින් සිටි පවුල් වෙත දීමනා පත්‍ර ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ ජනාධිපති කාර...
සෞභාග්‍යා සතියට සමගාමීව නිෂ්පාදන ගම්මාන 500ක් බිහි කිරීම ආරම්භ වෙයි
සෞභාග්‍යා සතියට සමගාමීව නිෂ්පාදන ගම්මාන 500ක් බිහි කිරීම ආරම්භ වෙයි ගෘහ ආර්ථිකය නගා සිටුවා එය ජාතික ආර්ථිකයට දායක කර ගැනීමේ ක්‍රියාවලියේ මුල් පියවර තබමින් දිවයින පුරා නිෂ්පාදන ගම්මාන 500 ක් ආරම්භ කිරීම රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමස...
ග්‍රාමීය ජන ජීවිතය සමඟ තදින් බැඳුණු සාම්ප්‍රදායික කර්මාන්ත ආරක්ෂා කිරීම ද අත්‍යවශ්‍යයි - අමාත්‍ය විම...
ග්‍රාමීය ජන ජීවිතය සමඟ තදින් බැඳුණු සාම්ප්‍රදායික කර්මාන්ත ආරක්ෂා කිරීම ද අත්‍යවශ්‍යයි - අමාත්‍ය විම... කර්මාන්ත ක්ෂේත්‍රයේ පුනරුදයකට මහා පරිමාණ කර්මාන්තවල දියුණුව මෙන්ම ග්‍රාමීය ජන ජීවිතය සමඟ තදින් බැඳුණු සාම්ප්‍රදායික කර්මාන්ත ආරක්ෂා කර ගැනීම ද අත්‍යවශ්‍ය බව කර්...
වැව් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සිවිල් ආරක්ෂක බලකායේ සහයෝගය - රාජ්‍ය අමාත්‍ය අනුරාධ
වැව් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සිවිල් ආරක්ෂක බලකායේ සහයෝගය - රාජ්‍ය අමාත්‍ය අනුරාධ වැව් 5000 ප්‍රතිසංස්කරණය කිරීමේ වරි සෞභාග්‍යයා වැඩසටහනට මහනුවර දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සදහා සිවිල් ආරක්ෂක බලකායේ සහය ද ඉදිරියේදී ලබා ගන්නා බව රාජ්‍ය අමාත්...
රත්නපුරයට ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක්
රත්නපුරයට ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් සබරගමු පළාත් සභාවේ සභාපති සහ රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ උප සභාපති, කංචන ජයරත්න මහතාගේ මුලිකත්වයෙන් සහ මැදිහත් වීමෙන් රත්නපුර, මුද්දුව, මොණරවිල ප්‍රදේශය...
රබර්වලට වාර්තාගත මිළක් -ඔබේ වගාව ප්‍රවේසම් කර ගන්නා ලෙස දැනුම් දීමක්
රබර්වලට වාර්තාගත මිළක් -ඔබේ වගාව ප්‍රවේසම් කර ගන්නා ලෙස දැනුම් දීමක් රබර් කිරි කැපීමේ තීව්‍රතාවය ඉක්මවා යමින් කිරි කැපුවහොත් දිගු කාලීන වශයෙන් එමගින් ලැබෙන අනිසි ප්‍රතිඵල ඉතා භයානක බව ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනයේ නියෝජ්‍ය අධ්‍යක...

Print   Email