හුස්ම දෙන තුරු ජාතික රුක් රෝපණ වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

පැළ මිලියන 02ක් සිටුවන “හුස්ම දෙන තුරු” ජාතික රුක් රෝපණ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ.

“සෞභාග්‍යයේ දැක්ම” රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් පරිදි රටේ වනගහනය භූමි ප්‍රමාණයෙන් 30%ක් දක්වා වැඩිකිරීමට අපේක්ෂා කරන අතර පරිසර අමාත්‍යාංශය විසින් වැඩසටහන සැලසුම් කෙරිණ.

වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය අවම කර ගැනීම හා ඔක්සිජන් පරිමාව ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් ඒ ඒ ප්‍රදේශවලට ගැලපෙන පරිදි රුක් රෝපණය කෙරේ. ඉදිරි වසර පහ ඇතුලත පැළ මිලියන 02ක් රෝපණය කිරීමට පරිසර අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යාංශය, ආරක්ෂක මූලස්ථානය හා ශ්‍රී ලංකා යුද හමුදාව ඒකාබද්ධව වැඩසටහන ක්‍රියාත්මක කරයි.

ජනාධිපතිවරයා අද (20) පෙරවරුවේ බත්තරමුල්ල, මධ්‍යම පරිසර අධිකාරිය ඉදිරිපිට ආරක්ෂක මූලස්ථාන පිවිසුම් මාර්ගය අසල පළමු පැළය ලෙස සුදු සඳුන් පැළයක් රෝපණය කළේය. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර සහ හමුදා මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරු ද පැල සිටුවමින් වැඩසටහනට එක් වූහ.

රට පුරා පැළ බෙදා දීම සංකේතවත් කරමින් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසකට පැළ බෙදා දෙනු ලැබීය.

පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනිල් ජාසිංහ මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Pin It

සබැඳි පුවත්

දේශීය කර්මාන්තකරුවන්ට ශක්තියක් වෙන්න -රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න
දේශීය කර්මාන්තකරුවන්ට ශක්තියක් වෙන්න -රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ආනයන ආදේශක භාණ්ඩ නිෂ්පාදනය තුලින් විදේශයන් වෙත ඇදී යන අපේ මුදල් ටික ආරක්ෂා කිරීමට හැකි වනවා සේම දේශිය කර්මාන්තකරුවාද ශක්තිමත් කල යුතු බව වේවැල්, පිත්තල, මැටි, ල...
1929 ශ්‍රි ලංකා ළමා ආරක්ෂක යෙදවුම එළිදක්වයි
1929 ශ්‍රි ලංකා ළමා ආරක්ෂක යෙදවුම එළිදක්වයි ශ්‍රී ලාංකික ළමයින්ගේ ළමා අයිතිවාසිකම් සාක්ෂාත් කිරීමටත්, සියළුම ආකාරයේ ළමා අපයෝජනයන්ගෙන් සහ නොසලකා හැරීම් වලින් ළමයින් මුදවා ගැනීම අරමුණු කොටගෙන 1929 ශ්‍රි ලංක...
හේවායින්න සහ බෙලිගස්හංදිය මාර්ග කපට් යොදා සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කෙරේ
හේවායින්න සහ බෙලිගස්හංදිය මාර්ග කපට් යොදා සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කෙරේ සබරගමුව පළාතේ ඇහැළියගොඩ ආසනයේ ග්‍රාමීය මාර්ග සංවර්ධනයට ද මේ වන විටත් පියවර ගෙන ඇති අතර ඒ අනුව හේවායින්න නාගහවත්ත මාර්ගයේ සහ බෙලිගස්හංදිය - පලීගල මාර්ගයේ සංවර්ධන...
මාර්ග 160 ක් පැළ මිලියන දෙකක් සිටුවීමේ වැඩසටහන ආරම්භ කෙරේ
මාර්ග 160 ක් පැළ මිලියන දෙකක් සිටුවීමේ වැඩසටහන ආරම්භ කෙරේ ආසන 160 ක මාර්ග සංවර්ධන ව්‍යාපෘති 160 ක් සහ මග දෙපස පැළ මිලියන දෙකක් සිටුවීමේ වැඩසටහන අද (22) දින ආරම්භ කෙරිණ. එහි සමාරම්භය සනිටුහන් කරමින් දක්ෂිණ අධිවේගී මා...
ආණමඩුව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු ගොඩනැගිලි සහිත ඉඩම ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයට පවරයි
ආණමඩුව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු ගොඩනැගිලි සහිත ඉඩම ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයට පවරයි පුත්තලම දිස්ත්‍රික්කයේ ආණමඩුව ප්‍රදේශයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු ගොඩනැගිලි සහිත ඉඩම ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය වෙත පැවරීමේ අවබෝධතා ගිවිසුම අත්සන...
ජනතාවාදී අය වැයක් මෙවර ඉදිරිපත් කර තිබෙන බව රාජ්‍ය ඇමැති ලාන්සා කියයි
ජනතාවාදී අය වැයක් මෙවර ඉදිරිපත් කර තිබෙන බව රාජ්‍ය ඇමැති ලාන්සා කියයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ රට හදන "සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් බවට පත්කරලීමේ ජනතාවාදී අය වැයක් මෙවර ඉදිරිපත් කර තිබෙන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යට...

Print   Email