fbpx

ඔලුවිල් වරාය අෂ්රෆ් වරාය නමින් අමාත්‍ය ඩග්ලස් ප්‍රධානත්වයෙන් විවෘත කරයි

ඔලුවිල් වරාය අෂ්රෆ් වරාය නමින් නම්කොට නැවත ප්‍රතිසංස්කරණය කිරීමේන් පසු ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අතින් අද (28) දින විවෘත කරයි.

මුස්ලිම් කොන්ග්‍රස් පක්ෂයේ හිටපු නායක එම්.එච්.එම්. අෂ්රෝෆ් මහතා විසින් නාවික කටයුතු භාර අමාත්‍යවරයාව සිටි අවදියේ ආරම්භ කරන ලද ඔලුවිල් වරාය විවිධ හේතු හා බාධක මත අවසන් කිරීමට නොහැකි වු අතර මෙම රජය බලයට පත්වීමේන් පසු මෙම වරාය ධීවර අමාත්‍යංශයට පවරා දෙන ලදි. පසුව අමත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ බලවත් උනන්දුව මත පෞද්ගලික අංශයද මැදිහත්කරගෙන මෙම වරාය නැවත ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය පියවර ගන්නා ලදි.

මෙම වරායේ ප්‍රතිසංස්කරණ කටයුතු පෞද්ගලික අංශයට හා සිය අමාත්‍යංශය මගින් සිදු කිරීම සිදුවන අතර මෙම වරාය ඉදිරිකාලයේදි ලංකා ධීවර වරාය සංස්ථාවට පවරන බව අමාත්‍යවරයා මෙහිදි පැවසුවේය.

මෙම වරාය නැවත ආරම්භ කිරීම නිසා ප්‍රදේශයේ ගැඹුරු මුහුදට යාමට ඇති බහුදින යාත්‍රා ඇතුලු ධීවර යාත්‍රා 300ට පමණ අවශ්‍ය පහසුකම් මෙමගින් සැළසෙන බවද ඒ අනුව මෙම වරායෙන් වසරකට මත්ස්‍ය මේට්‍රික්ටොන් 20000ක් පමන නෙලාගැනීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඊට අමතරව වරාය තුළ ටින් මාලු කර්මාන්ත ශාලාවක් සහ අයිස් කර්මාන්ත ශාලාවක් ද පෞද්ගලික අංශය මගින් ආරම්භ කරන බවද ඒ තුළින් උතුරු නැගෙනහිර පළාතේ ධීවර ජනතාවගේ ජීවනොපාය වැඩි දියුණු වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම වරායේ ප්‍රතිසංස්කරණ කටයුතු සදහා ධීවර අමාත්‍යංශය, ධීවර වරාය සංස්ථාව විසින් අදාළ ඇස්තමේන්තු සකස්කරගෙන යන බවද වරාය තුළින් ධීවරයන්ට ඉන්ධන සැපයිම සදහා වරාය තුළ ඇති ඉන්ධනහල් ද ප්‍රතිසංස්කරණය කරමින් පවති.මෙම කටයුතු සදහා පෞද්ගලික අංශය සහ ප්‍රදේශයේ ධීවර සංවිධාන ද සහභාගි කරගන්නා බවද අමාත්‍යවරයා පවසා සිටියේය.

මෙම අවස්ථාවට ධීවර අමාත්‍යංශ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය, ඇතුලු නිලධාරීන් පිරිසක් සහභාගි විය.

 

Pin It

සබැඳි පුවත්

ග්‍රාම ශක්ති නිවාස ව්‍යාපෘතිවල ඉදිකිරීම් කඩිනම් කරන්න- ඇමැති ප්‍රසන්න
ග්‍රාම ශක්ති නිවාස ව්‍යාපෘතිවල ඉදිකිරීම් කඩිනම් කරන්න- ඇමැති ප්‍රසන්න ඉන්දියානු රජයේ ආධාර මත දිවයිනේ දකුණු සහ උතුරු පළාත්වල ක්‍රියාත්මක ග්‍රාම ශක්ති නිවාස ව්‍යාපෘතිවල ඉදිකිරීම් කඩිනම් කරන්නැයි නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න...
කොළඹ වරාය ආශ්‍රිතව පාපැදි මංතීරුව විවෘත කරයි
කොළඹ වරාය ආශ්‍රිතව පාපැදි මංතීරුව විවෘත කරයි කොළඹ වරාය ආශ්‍රිතව ගමනාගමනය සඳහා ආමර් වීදියේ සිට වරාය පිවිසුම දක්වා මාර්ගයේ පාපැදි මංතීරුව විවෘත කිරිම කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය රෝසි සේනානායක මහත්මියගේ ප්...
නාවික හමුදාවේ දායකත්වයෙන් පලුගස්වැව ඉදිකළ ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට
නාවික හමුදාවේ දායකත්වයෙන් පලුගස්වැව ඉදිකළ ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ සත්කාර ව්‍යපෘතිය යටතේ අනුරාධපුර,පලුගස්වැව මෛත්‍රීගම ඉදිකළ ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය ඊයේ (24) දින විවෘත කර ජනතා අයිතිය...
මාතලේ පුරා විද්‍යා කාර්යාලය විවෘත කෙරේ
මාතලේ පුරා විද්‍යා කාර්යාලය විවෘත කෙරේ 163 වන ජාතික පුරා විද්‍යා දිනයට සහ පුරා විද්‍යා සතියට සමගාමීව මාතලේ දිස්ත්‍රික් පුරා විද්‍යා කාර්යාලය විවෘත කිරීම මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානී තිලකරත්න මහත්මි...
මාතලේ නියෝජ්‍ය නගරාධපතිගේ වියදමින් නොමිලයේ වගා සදහා කාබනික පෙහොර
මාතලේ නියෝජ්‍ය නගරාධපතිගේ වියදමින් නොමිලයේ වගා සදහා කාබනික පෙහොර “ හෙට අභියෝගයට අද සුදානම් වෙමු” “සාරවත් මැදරට බිම් අස්වද්දමු ’’තේමාව ඔස්සේ සිදු කරන ගෙවතු වැඩසටහනට යටතේ නොමිලයේ කාබනික පොහොර ලබා දිමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බව ...
කිතුල් සංවර්ධන කිරීමේ වැඩසටහනක් උකුවෙලදී
කිතුල් සංවර්ධන කිරීමේ වැඩසටහනක් උකුවෙලදී උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඕවිලිකන්ද කිතුල් ගම්මානය කේන්ද්‍ර කර ගනිමින් සාම්ප්‍රදායික කර්මාන්ත නගා සිටුවීම හා එම නිෂ්පාදකයින් තවදුරටත් සවිබල ගැන්වීමේ අරම...

Print   Email

Contact Us

TTVnews.lk
TTV Media Hub (pvt) Ltd 
5/34, Sulaiman Terrace, 
Jawatte Road, 
Colombo 05, 
Sri Lanka 
 
Tel: +94 11 2 585833/ 2593 416 
 Fax: +94 11 2 589 334  

Follow Us On Facebook