පුත්තලම දිස්ත්‍රිකයේ සංවර්ධන ව්‍යාපෘති ජනපතිගේ නිරීක්ෂණයට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (19) පුත්තලම දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති නිරීක්ෂණ චාරිකවක නිරත විය.

ජනාධිපතිවරයාගේ චාරිකාව අරඹමින් මදුරන්කුලිය, පාලච්චෝනයි වතුයායේ ක්‍රියාකාරකම් විමසා බැලීය. අක්කර 900ක භූමි ප්‍රදේශයක පොල් එළවළු ඇතුළු භෝග වර්ග කිහිපයක් වගාකර තිබේ. අක්කර 10ක භූමිභාගයක සාර්ථකව කරගෙන යන ආදර්ශ මිදි වගාව ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් විය.

ඉතාලි රජයෙන් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට ලැබුණු පරිත්‍යාගයකින් ඉදිකළ කෘෂි තාක්ෂණ ආයතනය ද ජනාධිපතිවරයා විසින් විවෘත කෙරිණ. සිසුන් 50 දෙනෙකුට නේවාසික ප්‍රායෝගික පුහුණුව දිය හැකි පරිදි ආයතනය සැලසුම් කර ඇත. ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී දරු දැරියන් පුහුණු කිරීමට මෙහි වැඩි අවස්ථාව සලසන බව කාදිනල් හිමිපාණෝ සඳහන් කළහ.

කොළඹ අගරදගුරු මන්දිරයේ අධික්ෂණය යටතේ ආයතනය පාලනය වෙයි. පුහුණු මධ්‍යස්ථානයේ පියතුමන් සමග ජනාධිපතිවරයා සුහද කතාබහක නිරත විය.

මදුරන්කුලිය ආදර්ශ විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා සිසු දරු දැරියන් සමග පිළිසඳර කතාවෙන් මද වේලාවක් ගත කළේය. විද්‍යාලයේ ක්‍රීඩාංගණය ඉදි කර දෙන ලෙස සිසුන් කළ ඉල්ලීම යුද හමුදාපතිවරයාට දැනුම් දුන් ජනාධිපතිවරයා කඩිනමින් එය ඉදිකර දෙන්නැයි පැවසීය. මාර්ගයේ අනෙක් පස පිහිටි ප්‍රාථමික විද්‍යාලය සම්බන්ධ කරමින් ගුවන් පාලමක් තනා දෙන ලෙස ජනාධිපතිවරයා විසින් මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයාට දැනුම් දෙනු ලැබීය. මාර්ග දුෂ්කරතා සහ තවත් ජනතා ගැටළු කිහිපයකට සවන් දුන් ජනාධිපතිවරයා ඒවාට එසැණ විසඳුම් දුන්නේය.

මදුරන්කුලිය පාලච්චෝනයි සිට දළුව ප්‍රදේශයට ගමන්ගත් ජනාධිපතිවරයා මග දෙපස රැස්ව සිටි ජනතාව සමග සුහද කතාබහක නිරත විය.

බීට්, දුම්කොළ, අමුමිරිස් සහ ලූණු වගාබිම් නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා වගාවන් සඳහා ගොවි ජනතාව දිරිමත් කළේය.

දළුව, නිර්මලපුර සුළං විදුලි බලාගාරය ද ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් විය. අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක මායාදුන්න මහතා චාරිකාවට එක්ව සිටියහ.

Pin It

සබැඳි පුවත්

හිස් කාබන් පෑන් බට හා දත් බුරුසු ප්‍රතිචක්‍රීකරණ ප්‍රථම බහාලුම ජනපතිට පිළිගන්වයි
හිස් කාබන් පෑන් බට හා දත් බුරුසු ප්‍රතිචක්‍රීකරණ ප්‍රථම බහාලුම ජනපතිට පිළිගන්වයි භාවිතයෙන් ඉවත් කෙරෙන හිස් කාබන් පෑන් බට සහ දත් බුරුසු ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන ඇරඹෙන බවත් ඒ සඳහා සකස් කෙරුණු ප්‍රථම බහාලුම ඊයේ (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී...
ඓතිහාසික මිහින්තලා පුදබිමේ ප්‍රතිසංස්කරණ ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි
ඓතිහාසික මිහින්තලා පුදබිමේ ප්‍රතිසංස්කරණ ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි ඓතිහාසික මිහින්තලා පුදබිමේ මිහිඳු මහා සෑය, මිහිඳු ලෙන් සෙනසුන සහ ධාතු මන්දිරය ප්‍රතිසංස්කරණ කටයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ. මිහිඳු...
බදුල්ල මහනුවර රජ මාවත දක්වා මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භයි
බදුල්ල මහනුවර රජ මාවත දක්වා මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භයි බදුල්ල සිට මහනුවර රජ මාවත දක්වා යාමට කෙටිම හා විකල්ප මාර්ගයක් ලෙස බදුල්ල මහනුවර රජ මාවත දක්වා වූ මාර්ගයේ ඉදිකිරීම් යටතේ හාලිඇල සිට මස්පන්න දක්වා පළමු අදියරේ ඉදි...
පැල්පත් නිවාස සම්බන්ධ ජිවන්ගේ ඉල්ලීමට අගමැති මහින්ද අවධානය යොමු කෙරේ
පැල්පත් නිවාස සම්බන්ධ ජිවන්ගේ ඉල්ලීමට අගමැති මහින්ද අවධානය යොමු කෙරේ හැටන් නගරයේ පිහිටා ඇති 3000කට අධික පැල්පත් නිවාස ඉන් ඉවත් කර එම පැල්පත්වාසීන්ට නිවාස ලබාදීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත...
රැකියා ලක්ෂයේ වැඩසටහනේ පත්වීම් ලිපි ප්‍රදානය ඇරඹේ .....
රැකියා ලක්ෂයේ වැඩසටහනේ පත්වීම් ලිපි ප්‍රදානය ඇරඹේ ..... සමාජයේ පහළම ආදායම් කාණ්ඩයට අයත් පවුල් අතරින් තෝරාගත් ලක්ෂයක් දෙනා රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන යටතේ අභ්‍යාසලාභීනට පත්වීම් ලිපි ප්‍රදානය අද (19) ඇරඹු බව ජනාධිපත...
අධ්‍යාපන ගැටලු සොයන්න අධ්‍යාපන ඇමති සමඟ ඉසුරුපාය උතුරුමැදට යයි
අධ්‍යාපන ගැටලු සොයන්න අධ්‍යාපන ඇමති සමඟ ඉසුරුපාය උතුරුමැදට යයි මෙරට අධ්‍යාපන පද්ධතියේ ඉදිරි සංවර්ධන සැලසුම් සාකච්ඡා කිරීමටත්, දැනට පවත්නා ගැටලු අභියෝග සහ දුෂ්කරතා හඳුනා ගැනීමටත්, ඒ සම්බන්ධයෙන් ගත හැකි කෙටි කාලීන විසඳුම් සහ ...

Print   Email