මාර්ග 160 ක් පැළ මිලියන දෙකක් සිටුවීමේ වැඩසටහන ආරම්භ කෙරේ

ආසන 160 ක මාර්ග සංවර්ධන ව්‍යාපෘති 160 ක් සහ මග දෙපස පැළ මිලියන දෙකක් සිටුවීමේ වැඩසටහන අද (22) දින ආරම්භ කෙරිණ.

එහි සමාරම්භය සනිටුහන් කරමින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කපුදූව නව අන්තර් හුවමාරුවේ වැඩ ආරම්භ කිරීම හා පැළ සිටුවීම මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර මෙම අවස්ථාවට කථානායක මහින්ද යාපා අබේවර්ධන, විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා, ධීවර හා වරාය කටයුතු රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර, මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති නිපුණ රණවක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වීරසුමන වීරසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

මාතර හක්මන මාර්ගයට පිවිසුමක් ලෙස දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව ව්‍යාපෘතිය මගින් ඉදිවන කපුදූව නව අන්තර් හුවමාරුව සඳහා රුපියල් මිලියන 387.5 ක මුදලක් වැය කරනු ලබන අතර ඉදිකිරීම් කාලය මාස 6 කි. අධිවේගී මාර්ගයේ 130.6 වන කිලෝ මීටර් කණුව අසළින් මෙම අන්තර් හුවමාරු පිවිසුම ආරම්භ වේ.

කටුනායක හා කොළඹ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරන රථවාහන වලට මෙම කපුදූව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයෙන් පිටවී කඹුරුපිටිය ප්‍රදේශයටත් මාතර ප්‍රදේශයටත් පහසුවෙන් ළඟා වීමට හැකියාව ඇත. මෙම නව කපුදූව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සිට මාතර නගරයට දුර කිලෝමීටර් 6 කි. කඹුරුපිටිය නගරය දක්වා දුර කිලෝමීටර් 11 කි.

මෙයට සමගාමීව මාතර දිස්ත්‍රික්කයේ පොලතුගොඩ පාලම අසල සිට පහලවිටියල සමගි මාවත මාර්ගය, හතමුණ හන්දියේ සිට බටුවිට ඌරපොල දක්වා මාර්ගය, උඩ අපරැක්ක නැගෙනහිර සිට උඩ අපරැක්ක උතුර දක්වා සාමපුර මාර්ගය, වැලිහිඳ කොටවිල යන ග්‍රාමීය මාර්ගයන්හි සංවර්ධන කටයුතු ද ආරම්භ කරනු ලැබීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ රට හදන ''සෞභාග්‍යයේ දැක්ම'' වැඩපිළිවෙල යටතේ කිලෝ මීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව මෙම මාර්ග සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමට කටයුතු යොදා තිබිණ.

අනෙකුත් මාර්ග සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම මෙන්ම පැළ සිටුවීමේ වැඩසටහන අද දිනයේ ලංකාවේ සෑම ආසනයකම ක්‍රියාත්මක වන අතර අදාළ ආසනයන්හී මැති ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා දේශපාලන ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

 

Pin It

සබැඳි පුවත්

රත්නපුරයට ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක්
රත්නපුරයට ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් සබරගමු පළාත් සභාවේ සභාපති සහ රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ උප සභාපති, කංචන ජයරත්න මහතාගේ මුලිකත්වයෙන් සහ මැදිහත් වීමෙන් රත්නපුර, මුද්දුව, මොණරවිල ප්‍රදේශය...
රබර්වලට වාර්තාගත මිළක් -ඔබේ වගාව ප්‍රවේසම් කර ගන්නා ලෙස දැනුම් දීමක්
රබර්වලට වාර්තාගත මිළක් -ඔබේ වගාව ප්‍රවේසම් කර ගන්නා ලෙස දැනුම් දීමක් රබර් කිරි කැපීමේ තීව්‍රතාවය ඉක්මවා යමින් කිරි කැපුවහොත් දිගු කාලීන වශයෙන් එමගින් ලැබෙන අනිසි ප්‍රතිඵල ඉතා භයානක බව ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනයේ නියෝජ්‍ය අධ්‍යක...
විදුලි කාර්මිකයින්ට ජාතික හා ජාත්‍යන්තර පිළිගත් වෘත්තීය සුදුසුකම් නොමිලේ
විදුලි කාර්මිකයින්ට ජාතික හා ජාත්‍යන්තර පිළිගත් වෘත්තීය සුදුසුකම් නොමිලේ මෙරට විදුලි කාර්මික ක්ෂේත්‍රයේ ආරක්ෂාව වැඩිදියුණු කිරීමේ අරමුණින් විදුලි කාර්මිකයින්ට ජාතික හා ජාත්‍යන්තර පිළිගත් වෘත්තීය සුදුසුකම නොමිලේ ලබාදීම නියමිතයි. ඊට...
මිනිපේ යෝධ ඇළ සංවර්ධන කටයුතු රාජ්‍ය ඇමැති දුමින්දගේ නිරික්ෂණයට
මිනිපේ යෝධ ඇළ සංවර්ධන කටයුතු රාජ්‍ය ඇමැති දුමින්දගේ නිරික්ෂණයට රන්ටැඹේ ජල විදුලි බලාගාරයෙන් ජල විදුලිය නිෂ්පාදනය කර මහවැලි ඟගට මුදා හරින ජලය ගබඩා කර හෙක්ටයාර් හත්දහස් පන්සියයකට මහවැලි ජලය සපයන මිනිපේ යෝධ ඇළ සහ මිනිපේ අමුණ ස...
උඩ ගල් දෙබොක්ක ජනතාව වෙනත් ප්‍රදේශයක පදිංචි කිරීමට කටයුතු කරනවා - රාජ්‍ය අමාත්‍ය දුමින්ද
උඩ ගල් දෙබොක්ක ජනතාව වෙනත් ප්‍රදේශයක පදිංචි කිරීමට කටයුතු කරනවා - රාජ්‍ය අමාත්‍ය දුමින්ද උඩ ගල් දෙබොක්ක ගම්මානයේ ජනතාව හුදෙකලා බවින් මුදවමින් ඔවුන් ගෙවන අති දුෂ්කර ජීවිතයට තිත තබමින් එම ගම්වැසියන් සියලු දෙනා වෙනත් ප්‍රදේශයක පදිංචි කිරීම කෙරෙහි ජනපති...
අධ්‍යාපනය පාසල සඳහා නොව ජීවිතය සඳහා විය යුතු යි - අධ්‍යාපන ඇමැති
අධ්‍යාපනය පාසල සඳහා නොව ජීවිතය සඳහා විය යුතු යි - අධ්‍යාපන ඇමැති අධ්‍යාපනයේ අවසන් ඉලක්කය විය යුත්තේ පාසල සඳහා අධ්‍යාපනය නොව ජීවිතය සඳහා අධ්‍යාපනය බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි. අමාත්‍යවරයා මේ බැව පැ...

Print   Email