රත්නපුර ශික්ෂණ රෝහලට රු. ලක්ෂ 500 ක් වටිනා PCR යන්ත්‍රයක්

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන කොවිඩ් -19 වෛරසය මර්දනය කිරීමේ වැඩපිළිවෙලට රාජ්‍ය අංශයෙන් මෙන්ම පෞද්ගලික අංශයෙන් ද පූර්ණ දායකත්වය ලැබුන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

අමාත්‍යවරිය මේ බව පැවසුවේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් රුපියල් ලක්ෂ 500 ක් වටිනා PCR පරික්ෂණ යන්ත්‍රයක් රත්නපුර ශික්ෂණ රෝහලට පරිත්‍යාග කිරීම වෙනුවෙන් අද (30) රත්නපුර රෝහලේ පැවැති උත්සවයට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය - “රත්නපුර රෝහල සබරගමුව පළාතේ තිබෙන විශාලම රෝහලයි. මෙම රෝහල මගින් වර්ග කිලෝමීටර 4968 ක පමණ භූමි ප්‍රමාණයක පිහිටි කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රික්ක තුල මිලියන 02 කට අධික ජනතාවට මෙන්ම ආසන්න පළාත් සදහා ද සෞඛ්‍ය සේවාවන් සපයනු ලබනවා.රජය ගෙනයනු ලැබූ කොවිඩ් මර්දන වැඩපිළිවෙලේ දී පෞද්ගලික අංශයෙන් මෙවැනි පරිත්‍යාග ලැබීම රජයට විශාල සහනයක් වුණා. කොවිඩ් වෛරසය ව්‍යාප්තිය සමග රටේ ආර්ථිකය විශාල වශයෙන් බිඳ වැටුනා. එහිදී පෞද්ගලික අංශයෙන් ලැබුන ආධාර උපකාර සෞඛ්‍ය සේවාවන් අඛණ්ඩව, ශක්තිමත්ව පවත්වාගෙන යාමට විශාල ශක්තියක් වුණා. මෙම PCR පරික්ෂණ යන්ත්‍රය රත්නපුර රෝහලට ලැබීමත් සමග කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රීක්කයේ දුෂ්කර ප්‍රදේශවල සිටින දිළිදු ජනතාවට විශාල සේවාවක් ලබාදීමට හැකි වෙනවා. මෙම PCR පරික්ෂණ යන්ත්‍රය මගින් කොවිඩ් පරික්ෂණ කටයුතු වලට අමතරව තවත් පරික්ෂණ කටයුතු රැසක් සිදු කළ හැකි වෙනවා.”

මෙම උත්සව අවස්ථාවට සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, හිටපු පළාත් අමාත්‍ය රංජිත් බණ්ඩාර යන මහත්වරුන්ද, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව නියෝජනය කරමින් සභාපති ජගත් වැල්ලවත්ත, ප්‍රධාන විධායක නිලධාරි චන්දන අළුත්ගම, රත්නපුර ප්‍රාදේශිය කළමණාකරු අජිත් කුලසේන, රත්නපුර ශාඛා කළමණාකරු ශ්‍රියන්ත කුමාර යන මහත්වරුන් ද, රත්නපුර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනුජ රොඩ්‍රිගෝ මහතා, රත්නපුර රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ශ්‍රියණි රණසිංහ මහත්මිය ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

 

Pin It

සබැඳි පුවත්

කින්නියා කුරුන්චන්කර්නි පාලමේ ඉදිකිරීම් ආරම්භ කෙරේ
කින්නියා කුරුන්චන්කර්නි පාලමේ ඉදිකිරීම් ආරම්භ කෙරේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මුතුර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කින්නියා - කුරුන්චන්කර්නි මාර්ගයේ කුරුන්චන්කර්නි කලපුව හරහා "කුරුන්චන්කර්නි පාලමේ" ඉදිකිරීම් කටයුත...
කර්මාන්ත සංවර්ධනය සඳහා විශේෂ ව්‍යාපෘති 05 ක් සඳහා චීනයෙන් සහාය
කර්මාන්ත සංවර්ධනය සඳහා විශේෂ ව්‍යාපෘති 05 ක් සඳහා චීනයෙන් සහාය ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය භෞතික පරිසරය සැකසීම සඳහා හඳුනාගත් විශේෂ ව්‍යාපෘති 05ක් ක්‍රියාත්මක කිරීමට චීන රජයේ ද සහයෝගය ලබා ගැනීමට හ...
පැළ ලක්ෂ 20 ක් සිටුවීමේ වැඩසටහනෙහි සමාරම්භය ලබන 16 වනදා
පැළ ලක්ෂ 20 ක් සිටුවීමේ වැඩසටහනෙහි සමාරම්භය ලබන 16 වනදා සුරැකුමට පරිසරය තේමාව යටතේ ලංකාවේ වන ඝනත්වය හා වන ආවරණය ඉහළ නැංවීමේ අරමුණින් පැළ ලක්ෂ 20 ක් සිටුවීමේ වැඩසටහනෙහි සමාරම්භය එළබෙන 16 වෙනි දින සිදු කිරීමට නියමිත බව...
කොළඹ ලොව පළමු රැම්සාර් තෙත්බිම් නගරය ලෙස සංවර්ධනය කිරීමට ජනපතිගේ දායකත්වය අගය කළ යුතුයි - පරිසර ඇමැත...
කොළඹ ලොව පළමු රැම්සාර් තෙත්බිම් නගරය ලෙස සංවර්ධනය කිරීමට ජනපතිගේ දායකත්වය අගය කළ යුතුයි - පරිසර ඇමැත... කොළඹ නගරය ලොව පළමු රැම්සාර් තෙත් බිම් නගරය වශයෙන් සංවර්ධනය කිරීමට වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දායකත්වය අගය කල යුතු බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා...
කිරුළපන ආයූර්වේද මධ්‍යස්ථානය ජනතා අයිතියට
කිරුළපන ආයූර්වේද මධ්‍යස්ථානය ජනතා අයිතියට කොළඹ මහ නගර සභාවේ දේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුව මඟින් කිරුළපන නිහාල් සිල්වා මාවතේ අලුතින් ඉදි කරන ලද ආයුර්වේද මධ්‍යස්ථානය විවෘත කිරීම නගරාධිපතිනී රෝසී සේනානායක මහ...
රජඇල අමුණ ප්‍රතිසංස්කරණය කරයි
රජඇල අමුණ ප්‍රතිසංස්කරණය කරයි ජනාධිපතිවරයාගේ "සෞභාග්‍යය දැක්ම"ප්‍රකාරව වාරි සෞභාග්‍යා වැඩ සටහන මඟින් නාවලපිටිය ආසන්නයේ ගඟ ඉහළ කොරළේ ගම්පොලවෙල රජ ඇල අමුණ ප්‍රතිසංස්කරණය කිරීම කෘෂිකර්ම අමාත්‍ය...

Print   Email