අනුරාධපුරයට බලපාන ගංවතුර තර්ජනයට පිළියමක් යොදයි

සෑම වර්ෂයකදීම පවතින දැඩි වර්ෂාවත් සමග මල්වතුඔය ආශ‍්‍රිතව ඇතිවන ගංවතුර තත්වය පාලනය කිරීම හා මල්වතුඔය වැඩිදියුණු කර මහජන පීඩාවන් අවම කිරීම සඳහා ජර්මන් පාලම අසල සිට කොහොඹගස් හංදිය ගල්කඩවල අමුණ දක්වා කිලෝමීටර් අටක් ප‍්‍රතිසංසකරණය කිරීම අවසන් අදිරයට පැමිණ ඇති බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

වසර ගණනාවකින් සංවර්ධනය ‌නොකෙරුණු මල් වතු ඔයෙහි බාධක ලෙස වැටී ඇති ගස් ඇතුළු අනෙකුත් බාධක ඉවත් කර, පිරී ඇති පස් දෙපස ඉවුරට ගොඩ ගසා, ඔය තුළ ඇති විශාල ගස් ඉතිරි කර පැරණි මල්වතු ඔය තරමටම මල්වතු ඔය පළල් කිරීම සිදු කෙරේ.

ඊට අමතරව සෝදා පාලුවට ලක්වන ස්ථාන කොන්ක්‍රිට් අතුරා සංවර්ධනය කිරීමද සිදු කරනු ලබයි.දීර්ඝ කාළයක් පුරා. රොන් මඩ පිරීම හා ආක්‍රමණික ශාඛ ව්‍යාප්තිය හේතුවෙන් අවහිර වී තිබෙන මල්වතු ඔයේ පවතින ආක්‍රමණික ශාඛ හා රොන් මඩ ඉවත් කර ඔය පුළුල් කර ජලය ගලා යාමට ඇති බාධාවන් ඉවත් කිරීම මගින් වර්ෂා කාලයේදී පහසුවෙන් මල්වතු ඔය හරහා ජලය ගලා යාම මගින් අනුරාධපුරයට සෑම වර්ෂයකම ඇතිවන ගංවතුර පාලනය කර ගැනීම මෙහි ප්‍රමුඛ අරමුණයි.

අනුරාධපුර මල්වතු ඔය පිටාර ගැලීම නිසා සිදුවන ගංවතුර අවදානම අවම කිරීම සඳහා ආපදාවට පෙර සූදානම වැඩසටහන යටතේ මල්වතු ඔය ප්‍රතිසංස්කරණය කිරීමේ පළමු අදියර 2018 වර්ෂයේදී ජර්මන් පාලම අසලදී ආරම්භ කෙරිණි.

එහි දෙවන අදියර ලෙස 2019 වර්ෂයේ මුල් භාගයේ මල්වතු ඔය ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරිණි‍.එහි තෙවැනි අදියර පසුගිය මාර්තු මස 01 වැනි දින ආරම්භ කෙරුණු අතර, මේ වන විට එම කටයුතු අවසන් අදියරට පැමිණ ඇත.

ගංවතුර අවදානම පවතින ප්‍රදේශවල ගග දෙපස ඉවුරු ශක්තිමත් කිරීම, ජල මාර්ග හා ඇල වේලි ශුද්ධ පවිත්‍ර කිරිම, රොන් මඩ ඉවත් කිරීම, පැති බැමි ඉදිකිරීම් ඇතුළු ගංවතුර අවදානම අවම කිරිමේ ව්‍යාපෘතිය යටතේ මල්වතු ඔය ආශ්‍රිතව සංවර්ධන කටයුතු රැසක් මේ වන විට අවසන් වෙමින් පවතී. වසර ගණනාවකින් ප්‍රථිසංස්කරණයක් සිදු නොවීම හේතුවෙන් ආක්‍රමණික ශාඛ විශාල වශයෙන් මල්වතු ඔය අක්‍රමණය කර තිබීම හේතුවෙන් පහසුවෙන් ජලය ගලා යා නොහැකි වීමෙන් සුළු වර්ෂාපතනයකදී පවා මල්වතු ඔය පිටාර ගලා ගංවතුර තත්වයක් ඇති වන අතර, මේ වන විට එම අවධානම පහව ගොස් ඇති බවට ප්‍රදේශවාසීන් පවසති.

මල්වතු ඔය සංවර්ධන කටයුතු රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ නිරීක්ෂණයට ලක් වූ අතර, එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක," අනුරාධපුර නගරයේ සියලු දෙනාම දන්න දෙයක්, හැම වර්ෂයකම ඇති වෙන දැඩි වර්ෂාපතනයත් එක්ක මල්වතු ඔය දෙපස අයගේ වගාවන් විනාශ වෙනවා, තමන්ගේ ගෙවල් දොරවල් වල පවා ඉන්න බැරි වෙනවා, ඒ නිසා අපි මල්වතු ඔය සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කළා ඒ ජනතාවගේ ගැටලුවට විසදුමක් ලෙස, අපිට එය සාර්ථකව සිදු කර ගන්න ලැබුණා. විශේෂයෙන්ම මම පුද්ගලිකව සතුටු වෙනවා, මීට වසර කීපයකට පෙර ආරම්භ කරපු වැඩසටහන අවස්ථා කීපයකදීම නතර වුණත් නැවත වතාවක් ආරම්භ කරලා අවසන් අදියර දක්වාම ගෙනයන්න ලැබීම පිළිබඳව, විශේෂයෙන්ම මල් වතු ඔය සුද්ධ පවිත්‍ර කරලා, පළල් කරලා එදා පැවතුණු මල්වතු ඔය නැවත වතාවක් ඇති කිරීමත් එක්ක, ගොවිජනතාවට වගේම ප්‍රදේශවාසීන්ට විශාල සහන ප්‍රමාණයක් ලැබිලා තියෙනවා.අදත් අපෙන් ඉල්ලීම් කළා මේ ගම් දෙක යා වෙන පාර සකස් කරලා දෙන්න කියලා.ඒකෙන් පේනවා මේ ව්‍යාපෘතිය හරහා ගංවතුර ඇති වීම පාලනය පමනක් නෙමෙයි, අද ගමේ සංවර්ධනයත් වෙනස්ම විදිහකට ආරම්භ වෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මල්වතු ඔය සුද්ධ පවිත්‍ර කිරීමත් එක්ක අනාගතයේදී දේශීය සංචාරක කර්මාන්තයට පවා, මල්වතු ඔය භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. ඒ අනුව අනුරාධපුරයේ වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ට නිස්කලංක පරිසරයක ආහාර ගැනීමේ අවස්ථාව සැලසීමට ස්ථාන, නාන තොටු පළවල්, බෝට්ටු සවාරි සදහා අවස්ථාව සලසා දීලා මෙය ඉතාමත් සාර්ථක ව්‍යාපෘතියක් විදිහට මෙම ව්‍යාපෘතිය අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම පහළ මල්වතු ඔය ජලාශයත් මේ වන විට ඉදි වෙමින් පවතිනවා, ඒකත් මම වාරී මාර්ග අමාත්‍යයවරයාව සිටියදී ආරම්භ කළ වැඩසටහනක් විදිහට චමල් රාජපක්ෂ ඇමතිතුමා මෙවර මේ ආණ්ඩුවෙන් විශාල මුදලක් ලබා දීලා ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න ආරම්භ කළා, එතැනදී අපිට පුලුවන්කම ලැබෙනවා කලාවැව වගේ 05 ගුණයක් විශාල ජලාශයක් ඇති කරන්න, එමගින් සිංහල අපිට පමණක් නෙමෙයි දෙමළ, මුස්ලිම් ජනතාවටත් වගා කටයුතු වලට වගේම, කෘෂිකර්මාන්තයෙන් තමන්ගේ ජීවන තත්වය උසස් කර ගන්න වගේම තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගන්නත් හැකියාව ලැබෙනවා. අපි කවුරුත් භාවිතයට නොගෙන මල්වතු ඔය හරහා විශාල ජල ප්‍රමාණයක් මුහුදට ගලා ගෙන ගියා, ඒ වතුර ටික එකතු කර ගෙන අපේ පළාත ශක්තිමත් කරන්න, අපේ රට සශ්‍රික කරන්න අපිට ඒ හරහා පුලුවන්කම ලැබෙනවා.

 

Pin It

සබැඳි පුවත්

තිරප්පන “තුරු සෙවන” රාජ්‍ය ඇමැති දුමින්දගේ ප්‍රධානත්වයෙන් ඉදිකිරීම් ඇරඹෙයි
තිරප්පන “තුරු සෙවන” රාජ්‍ය ඇමැති දුමින්දගේ ප්‍රධානත්වයෙන් ඉදිකිරීම් ඇරඹෙයි දැයක් නගන - සියක් නගර” ව්‍යාපෘතිය යටතේ තිරප්පනය අනුරාධපුර තිරප්පනය නගරයේ යෝජිත භූදර්ශන හා රථවාහන නැවතුම හා තිරප්පනය “තුරු සෙවන” විවේක සහ විනෝද කටයුතු උද්‍යානය ඉ...
නයිනමඩම ඉරණවිල හරහා හලාවත දක්වා බී 640 මාර්ගය සංවර්ධනය කෙරේ
නයිනමඩම ඉරණවිල හරහා හලාවත දක්වා බී 640 මාර්ගය සංවර්ධනය කෙරේ කොළඹ පුත්තලම ප්‍රධාන මාර්ගයේ වෙන්නප්පුව, මාරවිල, මහවැව, මාදම්පෙ, හලාවත නගරයන්හි පවතින රථවාහන තදබදයට විසදුමක් ලෙස වෙරළබඩ සීමාවට සමාන්තරව දිවෙන නයිනමඩම ඉරණවිල හරහ...
භාවිතයට නොගන්නා ඛනිජ ද්‍රව්‍ය, විධිමත් පරිදි ආර්ථිකමය ප්‍රයෝජනයට ගන්න ගැනීමට ඇමති විමල්ගෙන් වැඩපිළිව...
භාවිතයට නොගන්නා ඛනිජ ද්‍රව්‍ය, විධිමත් පරිදි ආර්ථිකමය ප්‍රයෝජනයට ගන්න ගැනීමට ඇමති විමල්ගෙන් වැඩපිළිව... මෙරට දැනට හඳුනාගෙන ඇති නමුත් භාවිතයට නොගන්නා ඛනිජ ද්‍රව්‍ය විධිමත් පරිදි ආර්ථිකමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීම පිණිස වැඩපිළිවෙළක් යෙදීම සඳහා කර්මාන්ත අමාත්‍ය විමල් ව...
මහ කොළඹ ප්‍රවාහන ජාල වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය තුලින් කොළඹ මාර්ග තදබදය අවම කිරීමට සැලසුම්
මහ කොළඹ ප්‍රවාහන ජාල වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය තුලින් කොළඹ මාර්ග තදබදය අවම කිරීමට සැලසුම් දෛනිකව කොළඹ නගරයට ලක්ෂ 19ක පමණ ජනකායක් පැමිණෙන ඇති වන මාර්ග තදබදය අවම කිරීම සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන මහකොළඹ ප්‍රවාහන ජාල වැඩිදියුණු ක...
ශ්‍රී ලංකාව නැවතත් සංචාරක අලෙවි ප්‍රදර්ශන සඳහා සහභාගිවීම අරඹයි
ශ්‍රී ලංකාව නැවතත් සංචාරක අලෙවි ප්‍රදර්ශන සඳහා සහභාගිවීම අරඹයි සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් යටතේ ක්‍රියාත්මක කෙරෙන සංචාරක අලෙවි ප්‍රදර්ශන සඳහා සහභාගි වීම නැවතත් ආරම්භ කිරීමට සංචාරක සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇති බව අමාත්‍ය ප්‍...
ආදායම් උත්පාදනය කල හැකි ප්‍රවාහන ව්‍යෘපෘතිවලට ප්‍රමුඛතාවය - ප්‍රවාහන ඇමැතිනි පවිත්‍රා
ආදායම් උත්පාදනය කල හැකි ප්‍රවාහන ව්‍යෘපෘතිවලට ප්‍රමුඛතාවය - ප්‍රවාහන ඇමැතිනි පවිත්‍රා කොවිඩ් 19 වසංගතය හේතුවෙන් කඩා වැටුණු මේ රටේ ආර්ථිකය ගොඩනැංවීම සදහා ප්‍රවාහන සේවා තුලින් නව ආදායම් උත්පාදනය කිරීමේ වැඩ පිළිවෙලක් කඩිනමින් සැකසිය යුතු බව ප්‍රවාහන...

Print   Email