ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිෂ්පාදනය කළ තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකය ජනපතිට භාර දෙයි

ස්වසන අපහසුතා ඇති රෝගීන්ගේ ස්වසන පහසුව සඳහා භාවිතා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිෂ්පාදනය කළ තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකය (HEATED HUMIDIFIED OXYGEN THERAPY) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඊයේ (12) ජනාධිපති කාර්යාලයේ දී නිල වශයෙන් භාර දීම සිදු විය.

නවෝත්පාදන ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර තානාපතිවරයෙකු වන විද්‍යාජෝති ආචාර්ය බන්දුල විජේ මහතාගේ සංකල්පයක් අනුව මහාචාර්ය රනිල් ද සිල්වා සහ වෛද්‍ය තිලංක රත්නපාල මහතා ඇතුළු ප්‍රවීණ වෛද්‍ය කණ්ඩායමකගේ දායකත්වයෙන් උපකරණ කට්ටලය නිර්මාණය කර තිබේ.

පූර්ණ ආර්ධතාව සහිත අධි ධාරිතාවයකින් පාලන උෂ්ණත්ව ඔක්සිජන් වායුව ශ්වසන අපහසුතා ඇති රෝගීන්ට ලබාදීම මෙම උපකරණය මගින් සිදු කෙරේ.

මෙම උපකරණයේ නිෂ්පාදන කටයුතු සඳහා ලක්ෂ 15ක මුදලක් වැය වෙතැයි ඇස්තමේන්තුගත කර තිබුණ ද ලක්ෂ 03 ක් වැනි අඩු මුදලකින් නිෂ්පාදන කටයුතු නිම කිරීම විශේෂත්වයකි.

දැනට උපකරණ කට්ටල 50 ක් නිෂ්පාදනයට සැලසුම් කර ඇති අතර සෞඛ්‍ය අංශවල අවශ්‍යතාව අනුව අඛණ්ඩව නිෂ්පාදන කටයුතු සිදු කෙරේ.

උපකරණයේ ක්‍රියාකාරිත්වය ජනාධිපතිතුමා වෙත හඳුන්වාදීම මෙහිදී සිදු කෙරිණ.

සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි, ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න, සෞඛ්‍ය ලේකම් සංජීව මුණසිංහ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

Pin It

සබැඳි පුවත්

තරුණ තරුණියන්ට නව තාක්ෂණික උද්‍යාන බිහිකිරීම ඇමැති නාමල්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි
තරුණ තරුණියන්ට නව තාක්ෂණික උද්‍යාන බිහිකිරීම ඇමැති නාමල්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි මෙරට තාක්ෂණික කේෂ්ත්‍රයේ නව පිබිදීමක් ඇති කිරීම අරමුණු කරගනිමින් මෙරට ඉඳිවන ප්‍රථම නව තාක්ෂණික උද්‍යානය පිහිටුවීම ඊයේ (12) දින ගාල්ලේදී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහ...
ජාතික වෘක්කවේද (වකුගඩු) විශේෂිත රෝහල ජනපති අතින් ජනතා අයිතියට
ජාතික වෘක්කවේද (වකුගඩු) විශේෂිත රෝහල ජනපති අතින් ජනතා අයිතියට පොළොන්නරුවේ ඉදිකෙරුණු චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහල අද (11) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ජනතා අයිතියට පත් කෙරිණ. හිටප...
ශ්‍රී ලංකාව තුළ ඛනිජවැලි ආශ්‍රිත ව්‍යාපාර සඳහා රුසියාවට ඇරයුම් - ඇමැති විමල්
ශ්‍රී ලංකාව තුළ ඛනිජවැලි ආශ්‍රිත ව්‍යාපාර සඳහා රුසියාවට ඇරයුම් - ඇමැති විමල් ශ්‍රී ලංකාව තුළ ඛනිජ වැලි ආශ්‍රිත වටිනාකම් එකතු කළ කර්මාන්ත ඇරඹීම සදහා ලොව ඛනිජ වැලි ආශ්‍රිත කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉහළම තාක්ෂණයෙන් යුත් රුසියාවට ඇරයුම් කළ බවත් ඒ ...
මෙරට සිටින විදෙස් සංචාරකයින්ට සෞඛ්‍ය ක්‍රමවේදය යටතේ සංචාරය කිරීමට අවසර – සංචාරක සංවර්ධන අධිකාරිය
මෙරට සිටින විදෙස් සංචාරකයින්ට සෞඛ්‍ය ක්‍රමවේදය යටතේ සංචාරය කිරීමට අවසර – සංචාරක සංවර්ධන අධිකාරිය දිවයිනට පැමිණ සිටින විදෙස් සංචාරකයින්ට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ජෛව ආරක්ෂක බුබුළු ක්‍රමවේදය යටතේ සංචාරය කිරිමට අවස්ථාව හිමි වන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ...
කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට
කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරික්ෂණයට ඇඹිලිපිටිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය , ඇඹිලිපිටිය රෝහල, රක්වාන රෝහල, කහවත්ත රෝහල සහ රුවන්පුර විද්‍යා පීඨය ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කොවිඩ් ආසාදිත රෝගීන්ට ඇති පහ...
අපි රටක් ලෙස එකට එක්ව මෙම අභියෝගාත්මක කාලයට මුහුණ දෙමු - අගමැති
අපි රටක් ලෙස එකට එක්ව මෙම අභියෝගාත්මක කාලයට මුහුණ දෙමු - අගමැති අප රටක් ලෙස එකට අත්වැල් බැඳගෙන මෙම අභියෝගාත්මක කාලයට මුහුණ දෙමු යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (07) දින පෙරවර...

Print   Email