ශ්‍රී ලංකාව නැවතත් සංචාරක අලෙවි ප්‍රදර්ශන සඳහා සහභාගිවීම අරඹයි

සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් යටතේ ක්‍රියාත්මක කෙරෙන සංචාරක අලෙවි ප්‍රදර්ශන සඳහා සහභාගි වීම නැවතත් ආරම්භ කිරීමට සංචාරක සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ලෝක වසංගත තත්වය හමුවේ සංචාරක අලෙවි ප්‍රදර්ශන සඳහා සහභාගි වීම වසරක පමණ කාලයක් නවතා තිබිණි. ඒ ඒ රටවල් සඳහා සංචාරක ආකර්ෂණය ලබා ගැනීමේ අරමුණෙන් මෙවැනි ප්‍රදර්ශන වලට ලෝකයේ බොහෝ රටවල් සහභාගීවේ.

වසංගත තත්ත්වයත් සමඟ පසුගිය වසරේ පැවති කිසිදු සංචාරක ප්‍රදර්ශනයකට ශ්‍රී ලංකාව සහභාගි වූයේ නැති අතර නැවත සංචාරකයන්ට විවෘත කිරීමට ගත් තීරණයත් සමඟ නැවත මෙවැනි සංචාරක ප්‍රදර්ශන සඳහා සහභාගිවීමට ශ්‍රී ලංකාව තීරණය කළ අතර ඊයෙ (07) රුසියාවේ මොස්කව් නුවර එක්ස්ෆො සෙන්ටර් හි පැවැත්වෙන Otdykh Leisure 2021 ජාත්‍යන්තර රුසියානු සංචාරක ප්‍රදර්ශනයට සංචාරක සංවර්ධන අධිකාරිය ද එක්වූයේ ඒ අනුවයි.

27 වන වරට පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය සඳහා රටවල් 21ක සංචාරක ප්‍රවර්ධන ආයතනවල හාරසිය පනස් දෙනෙකු සහභාගි වූහ . රුසියානු සමූහාණ්ඩුව ට අයත් රටවල් 41ක නියෝජිතයින් මෙන්ම චීනය කියුබාව ලාහෝරය අසර්බයිජානය ඊජිප්තුව ඇතුළු රටවල් 21කින් මෙම ප්‍රදර්ශනය සඳහා ප්‍රදර්ශන කුටි ඉදිරිපත් කර තිබුණි .

එහිදී මෙම ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය විවෘත කෙරුණේ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසිනි.

මේ සඳහා ශ්‍රී ලංකාවේ සංචාරක නියෝජිත ආයතන 15ක් ද සහභාගී වූහ.

ඒ ඒ රටවල සංචාරක නැරඹුම් ස්ථාන, ස්වභාව සෞන්දර්ය, විනෝදාස්වාදය ලැබිය හැකි ස්ථාන ආදිය පිළිබඳව රුසියානු සංචාරකයන් දැනුම්වත් කර ආකර්ෂණය කර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා තිබිණි

මෙම අවස්ථාවට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය,ගුවන් තොටුපල හා අපනයන සැකසුම් කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් sunil gunawardena සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු, ශ්‍රී ලන්කන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ උප සභාපති රජීව් සූරියාරච්චි ඇතුළු ශ්‍රී ලංකා නියෝජිතයින් සහභාගී වූහ.

 

 

 

 

Pin It

සබැඳි පුවත්

හුරුළුවැව ප්‍රාදේශීය රෝහලට නව ගොඩනැගිල්ලක්
හුරුළුවැව ප්‍රාදේශීය රෝහලට නව ගොඩනැගිල්ලක් හුරුළුවැව රෝහලට නව ගොඩනැගිලි සංකීර්ණයක් ලබා දීමත් පැරණි ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීම ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහත...
ඉදිරි වසර තුළ මත්තල රාජපක්ෂ ගුවන්තොටුපළ වඩාත් සක්‍රීය කරනවා - ඇමැති ප්‍රසන්න
ඉදිරි වසර තුළ මත්තල රාජපක්ෂ ගුවන්තොටුපළ වඩාත් සක්‍රීය කරනවා - ඇමැති ප්‍රසන්න මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළට සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සදහා නව වැඩපිළිවෙලක් සැකසෙන අතර සංචාරක පැකේජ හදුන්වා දීමට ඉදිරියේ දි කටයුතු කරන බව සංචාරක ඇමති...
ගම්පහ ධීවර වරාය හා තොටුපල සංවර්ධන කටයුතු පිළිබද ඇමැති ඩග්ලස්ගේ නිරික්ෂණයට
ගම්පහ ධීවර වරාය හා තොටුපල සංවර්ධන කටයුතු පිළිබද ඇමැති ඩග්ලස්ගේ නිරික්ෂණයට ගම්පහ දිස්ත්‍රික්කයේ ධීවර වරාය හා තොටුපල සංවර්ධන කටයුතු පිළිබද සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පසුගිය 16 වනදා කටයුතු කලේය. එ...
50MW පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති බලශක්ති ඉලක්කයට මහඟු පිටිවහලක් -රාජ්‍ය ඇමැති දුමින්ද
50MW පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති බලශක්ති ඉලක්කයට මහඟු පිටිවහලක් -රාජ්‍ය ඇමැති දුමින්ද මෙගාවෝට් 50ට වඩා වැඩි මහා පරිමාණ මෙන්ම කුඩා පරිමාණ පුනර්ජනනීය බලශක්ති වියාපෘති මගිනුත් 70% ක පුනර්ජනනීය බලශක්ති ඉලක්කයට මහඟු පිටිවහලක් ලැබෙන බව සූර්ය,සුලං සහ ජල...
නිල් දියවර” පානීය ජල ව්‍යාපෘතිය යටතේ මකුල්ලෑව ගම්මානයට පානීය ජලය
නිල් දියවර” පානීය ජල ව්‍යාපෘතිය යටතේ මකුල්ලෑව ගම්මානයට පානීය ජලය “නිල්දියවර” පානීය ජල ව්‍යාපෘතියේ යටතේ අනුරාධපුර, තඹුත්තේගම, මකුල්ලෑව ප්‍රදේශයේදී පානීය ජල ව්‍යාපෘතියට ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය ච...
යළි මෙරට ඩීසල් හා ගල්අඟුරු විදුලි බලාගාර ඉදි කිරීම අවසර නොදෙයි - ඇමැති මහින්ද
යළි මෙරට ඩීසල් හා ගල්අඟුරු විදුලි බලාගාර ඉදි කිරීම අවසර නොදෙයි - ඇමැති මහින්ද මින් ඉදිරියට අප රටේ ඩීසල් හා ගල් අඟුරු විදුලි බලාගාර ඉදි කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබා නොදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තීන්දුවක් ගෙන ඇති අතර එය අමාත්‍ය ...

Print   Email