ආලෝකගම ග්‍රාමය "හණ ආශ්‍රිත නිශ්පාදන" ප්‍රවර්ධන ගම්මානයක් ලෙස සංවර්ධනය කිරිමට පියවර

මාතලේ දිස්ත්‍රික්කයේ පාරම්පරික කර්මාන්ත ගම්මානයක්වන යටවත්ත ආලෝකගම ග්‍රාමයේ "හණ ආශ්‍රිත නිශ්පාදන" ප්‍රවර්ධන ගම්මානයක් ලෙස සංවර්ධනය කිරිමට පියවර ගෙන ඇති බව මාතලේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති/පාර්ලිමෙන්තු මන්ත්‍රි නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා පවසයි.

රජයේ සෞභාග්‍යය දැක්ම යටතේ ,පාරම්පරික කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන මගින් ,පාරම්පරික කර්මාන්තකරුවන් වෙත ප්‍රතිලාභ රැසක් හිමිකර දෙන බවත් ඔවුන්ගේ නිශ්පාදන දේශීය හා විදේශීය වෙළදපොල කරා ගෙනයෑමට සැලසුම් කර ඇති බවද මන්ත්‍රිවරයා සදහන් කළේය.

යටවත්ත ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සහ ජාතික ශිල්ප සභාවේ සම්බන්ධිකරණයෙන් සිදු කරන මෙම ව්‍යාපෘතිය පිළිබදව ප්‍රතිලාභින් දැනුත්වත් කිරිම සහ අදාළ වැඩසටහන ආරම්භ කිරිම ඉකුත්දා සිදු විය.

මෙම අවස්ථාවට හිටපු පළාත් සභා මන්ත්‍රි පරාක්‍රම දිසානායක,යටවත්ත ප්‍රාදේශිය සභා සභාපති ලාල් අත්තනායක,යටවත්ත ප්‍රාදේශිය ලේකම් රුවින්දිකා හෙන්නායක යන මහත්ම මහත්මින් ඇතුලු පිරිසක් එක්වි සිටියහ..

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Pin It

සබැඳි පුවත්

හුරුළුවැව ප්‍රාදේශීය රෝහලට නව ගොඩනැගිල්ලක්
හුරුළුවැව ප්‍රාදේශීය රෝහලට නව ගොඩනැගිල්ලක් හුරුළුවැව රෝහලට නව ගොඩනැගිලි සංකීර්ණයක් ලබා දීමත් පැරණි ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීම ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහත...
ඉදිරි වසර තුළ මත්තල රාජපක්ෂ ගුවන්තොටුපළ වඩාත් සක්‍රීය කරනවා - ඇමැති ප්‍රසන්න
ඉදිරි වසර තුළ මත්තල රාජපක්ෂ ගුවන්තොටුපළ වඩාත් සක්‍රීය කරනවා - ඇමැති ප්‍රසන්න මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළට සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සදහා නව වැඩපිළිවෙලක් සැකසෙන අතර සංචාරක පැකේජ හදුන්වා දීමට ඉදිරියේ දි කටයුතු කරන බව සංචාරක ඇමති...
ගම්පහ ධීවර වරාය හා තොටුපල සංවර්ධන කටයුතු පිළිබද ඇමැති ඩග්ලස්ගේ නිරික්ෂණයට
ගම්පහ ධීවර වරාය හා තොටුපල සංවර්ධන කටයුතු පිළිබද ඇමැති ඩග්ලස්ගේ නිරික්ෂණයට ගම්පහ දිස්ත්‍රික්කයේ ධීවර වරාය හා තොටුපල සංවර්ධන කටයුතු පිළිබද සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පසුගිය 16 වනදා කටයුතු කලේය. එ...
50MW පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති බලශක්ති ඉලක්කයට මහඟු පිටිවහලක් -රාජ්‍ය ඇමැති දුමින්ද
50MW පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති බලශක්ති ඉලක්කයට මහඟු පිටිවහලක් -රාජ්‍ය ඇමැති දුමින්ද මෙගාවෝට් 50ට වඩා වැඩි මහා පරිමාණ මෙන්ම කුඩා පරිමාණ පුනර්ජනනීය බලශක්ති වියාපෘති මගිනුත් 70% ක පුනර්ජනනීය බලශක්ති ඉලක්කයට මහඟු පිටිවහලක් ලැබෙන බව සූර්ය,සුලං සහ ජල...
නිල් දියවර” පානීය ජල ව්‍යාපෘතිය යටතේ මකුල්ලෑව ගම්මානයට පානීය ජලය
නිල් දියවර” පානීය ජල ව්‍යාපෘතිය යටතේ මකුල්ලෑව ගම්මානයට පානීය ජලය “නිල්දියවර” පානීය ජල ව්‍යාපෘතියේ යටතේ අනුරාධපුර, තඹුත්තේගම, මකුල්ලෑව ප්‍රදේශයේදී පානීය ජල ව්‍යාපෘතියට ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය ච...
යළි මෙරට ඩීසල් හා ගල්අඟුරු විදුලි බලාගාර ඉදි කිරීම අවසර නොදෙයි - ඇමැති මහින්ද
යළි මෙරට ඩීසල් හා ගල්අඟුරු විදුලි බලාගාර ඉදි කිරීම අවසර නොදෙයි - ඇමැති මහින්ද මින් ඉදිරියට අප රටේ ඩීසල් හා ගල් අඟුරු විදුලි බලාගාර ඉදි කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබා නොදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තීන්දුවක් ගෙන ඇති අතර එය අමාත්‍ය ...

Print   Email