සියළුම ව්‍යාපාරවලට ඍජුව සහාය දෙන්න - ජනපති

මහබැංකුව දුන් සහන ආර්ථිකයත්, ජනතාවත් ශක්තිමත් කිරීමට භාවිත කිරීම රාජ්‍ය බැංකුවල වගකීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ගෝලීය වසංගතයෙන් ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වී තිබෙන අවස්ථාවකදී එම අර්බුදය ජය ගැනීමට කෘෂිකාර්මික, සුළු හා මධ්‍ය පරිමාණ ඇතුළු සියලු ව්‍යාපාර ක්ෂේත්‍රවලට ඝෘජුව සහාය වෙමින් ඒවා නගාසිටුවීම කළ යුතු බව ජනාධිපතිවරයා පැවසිය.

මහජන බැංකුවේ ක්‍රියාකාරීත්වය විමර්ශනය කරනු පිණිස ඊයේ (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සදහන් කළේය.

මහබැංකුව සමග පැවති සාකච්ඡාවෙන් පසු රටේ ආර්ථිකය පුනරුදයට අවශ්‍ය පරිසරය සැකසීමේ අවස්ථාව රාජ්‍ය බැංකු වෙත පැවරී තිබේ. රටේ ආර්ථික අභිවෘද්ධිය පිණිස සාම්ප්‍රදායික රටාවෙන් බැහැරව අලුත් සංවර්ධන වැඩපිළිවෙළක් ඇතිව ක්‍රියාකළ යුතු බව ජනාධිපතිවරයා පැවසීය.

මුදල් රට පුරා සංසරණය විය යුතු බවත්, නියම ගනුදෙනුකරු සහ ව්‍යාපාරය හඳුනාගෙන ණය නිකුත් කිරීම රට පුරා විසිරී ඇති මහජන බැංකු ශාඛා 600කට පැවරී ඇති වගකීම බවත් හෙතෙම සඳහන් කළේය. එහි පසුවිපරමට සියලු කළමනාකරුවන් බැඳී සිටින බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

බැංකුව ගමට ගෙන යාමට මෙය අවස්ථාවක් කරගත යුතු බවද ජනාධිපතිවරයා පැවසිය. මේ මුදල් භාණ්ඩ ආනයනය සඳහා ණය වශයෙන් නොදිය යුතු බවද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

ලීසිං ණය වාරික සඳහා දුන් මාස 06ක සහනය අදාළ පාර්ශ්වයන්ට අනිවාර්යයෙන් දිය යුතුය. ඉදිකිරීම් කර්මාන්තයටද ප්‍රමුඛත්වය දීම අවශ්‍ය වෙයි. මධ්‍ය ආදායම් ලාභීන්ගේ නිවාස අවශ්‍යතාව නාගරික සංවර්ධන අධිකාරිය සමග එක්ව සපුරාලීමට අවස්ථාව මහජන බැංකුවට විවෘත වී ඇතැයි ජනාධිපතිවරයා සඳහන් කළේය.

ගතවූ මාස 08 තුළ මහජන බැංකුව ක්‍රියාත්මක කළ ව්‍යාපෘති පිළිබඳව සභාපති සුජීව රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා දැනුවත් කළේය.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් ලේකම් එස්.ආර්. ආටිගල, සාමාන්‍යාධිකාරි බොනිෆස් සිල්වා, මහජන බැංකුවේ සහ පීපල්ස් ලීසිං ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල ඇතුළු ඉහළ කළමනාකරීත්වය සාකච්ඡාවට එක්ව සිටියහ.

 

Pin It

සබැඳි පුවත්

ශ්‍රී ලංකා දුම්රිය සේවයට ඉන්දුනිසියාවේ මුල්‍ය සහාය
ශ්‍රී ලංකා දුම්රිය සේවයට ඉන්දුනිසියාවේ මුල්‍ය සහාය ශ්‍රී ලංකා දුම්රිය සේවාව සඳහා නව මගී ප්‍රවාහන දුම්රිය මැඳිරි 70ක් හා භාණ්ඩ ප්‍රවාහණය සඳහා යොදා ගන්නා බහාලුම් තැම්පත් කිරීමට අවශ්‍ය තට්ටු Flat Beds 20ක් මිල දී ග...
ඔබේ අස්වැන්නට ඉහළ මිලක් - ජනපති රජ රට ගොවීන්ට කියයි
ඔබේ අස්වැන්නට ඉහළ මිලක් - ජනපති රජ රට ගොවීන්ට කියයි රජය ධාන්‍ය ආනයනය නතර කර ඇති හෙයින්, ධාන්‍ය වර්ග ඉහළ මිලකට දේශීය සහ විදේශීය වෙළෙඳපොළට සැපයීමේ අවස්ථාව ගොවී ජනතාවට දැන් උදා වී ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ...
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කටයුතු සාමාන්‍ය පරිදි
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කටයුතු සාමාන්‍ය පරිදි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් සැපයෙන සේවාවන් සාමාන්‍ය පරිදි යළි ආරම්භ කර තිබේ. එම දෙපාර්තමේන්තුව කියා සිටියේ ඊයෙ (01) දින සිට සාමාන්‍ය පරිදි සේවා කට...
ග්‍රාමීය ආර්ථිකය නංවන්න ජනාධිපතිගේ යෝජනාව මෙන්න
ග්‍රාමීය ආර්ථිකය නංවන්න ජනාධිපතිගේ යෝජනාව මෙන්න ගම ගොඩනැගීමට නම් ග්‍රාමීය ආර්ථිකය සහ ජනතා අවශ්‍යතා හඳුනාගනිමින් බැංකු සේවා කි‍්‍රයාත්මක විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  පවසයි.  විදෙස් රට...
රත්නපුර අධිවේගය දේශීය සමාගම් වලට
රත්නපුර අධිවේගය දේශීය සමාගම් වලට රුවන්පුර අධිවේගී මාර්ගය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව  එක් කොන්ත්‍රාත්කරුවකුට කිලෝමීටර 6ක් 10ක් අතර වශයෙන් දේශීය කොන්ත්‍රාත්කරුවන් 10කට පමණ භාරදීමට තීරණය කර ඇතැ...
මෙරට විදුලිබල සංවර්ධනයට අමෙරිකාවෙන් සහාය
මෙරට විදුලිබල සංවර්ධනයට අමෙරිකාවෙන් සහාය ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු වල දී ඇමරිකා එක්සත් ජනපද රජය සෑම විටම සහයෝගය දක්වන බවත් විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම LNG බලාගාරය ඇතුලු විදුලිබල සංවර්ධන ව්‍යාපෘතිවල...

Print   Email