කර්මාන්ත සංවර්ධනය සඳහා විශේෂ ව්‍යාපෘති 05 ක් සඳහා චීනයෙන් සහාය

ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය භෞතික පරිසරය සැකසීම සඳහා හඳුනාගත් විශේෂ ව්‍යාපෘති 05ක් ක්‍රියාත්මක කිරීමට චීන රජයේ ද සහයෝගය ලබා ගැනීමට හැකි බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) කොල්ලුපිටියේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේ දී ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ කොන්සියුලර් ලී ගුආන්ග්ජුන් (Li Guangjun), තෙවන ලේකම් ඩෝන්ග් ෂිආකුන් (Dong Xiakun) හා ෂූ මින් (Zhu Min) යන මහත්ම මහත්මීහු සමඟ සාකච්ඡාවක් පැවැතිවිණි.

මෙම ව්‍යාපෘති අතර ශ්‍රී ලංකාවට උචිත කර්මාන්තවල මූලාකෘති නිර්මාණය කරගැනීමට අවශ්‍ය කරන ජාතික කාර්මික උද්‍යානයක් (National Industrial Park) පිහිටුවීම ද වන අතර එය රත්මලාන ප්‍රදේශයේ අක්කර 16ක භූමි භාගයක ඉදි කිරීමට නියමිතය. 'එක් ගමකට එක් කර්මාන්තයක්' (Industry for a Village) ව්‍යාපෘතිය මගින් ග්‍රාමීය ප්‍රජාව ව්‍යවසායකයන් බවට සවිබල ගැන්වීමට අපේක්ෂිතය.

එසේම කෘෂි ආහාර සහ මත්ස්‍ය ආහාර සැකසීමේ කලාපයක් (Agro Food and Fish Processing Zone) පිහිටුවීම මෙන්ම ශ්‍රී ලංකාව තුළ 4 වන කාර්මික විප්ලවයේ ප්‍රධාන මෙවලම වන සෙමිකන්ඩක්ටර්ස් නිෂ්පාදනය සදහා චීන ආයෝජකයන් කැදවීම (Establishment of Semiconductor Manufacturing Industries in Sri Lanka) යන ව්‍යාපෘති ඒ අතර වේ. තවද චීන - ශ්‍රී ලංකා උසස් කාර්මික පුහුණු ආයතනයක් (China - Sri Lanka Advanced Industrial Training Institute) පිහිටුවීම පිළිබඳව ද මෙහි දී සාකච්ඡාවට බඳුන් විය.

චීනයේ දුගී බව තුරන් කිරීම සඳහා වූ වැඩසටහන්වල අත්දැකීම් ශ්‍රී ලංකාවේ දුගී බව තුරන් කිරීම සඳහා යොදාගත හැකි අන්දම පිළිබඳව ද මෙහි දී සාකච්ඡා කෙරුණු අතර කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේ ඉහත ව්‍යාපෘති ග්‍රාමීය ප්‍රජාව වෙත රැගෙන යාමේදී එම අත්දැකීම් බෙහෙවින් වැදගත් වන බවය. 1956 සිට ඇරඹි චීන - ශ්‍රී ලංකා දිගුකාලීන මිත්‍රත්වයට මේ වන විට වසර 63ක් සම්පූර්ණ වී ඇති බවත් එමගින් ලැබෙමින් පවතින ප්‍රතිලාභ මෙසේ ශ්‍රී ලංකාවේ ජාතික කාර්මිකරණය වේගවත් කිරීමට යොදා යොදාගැනීමට හැකිවීම පිළිබඳව තමන් සතුටට පත්වන බවත් ඒ සම්බන්ධයෙන් චීන රජයට සිය ප්‍රණාමය පුද කරන බවත් විමල් වීරවංශ අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට, අමාත්‍ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩල⁣යේ සභාපති උපසේන දිසානායක, ජාතික ව්‍යවසාය සංවර්ධන මණ්ඩලයේ සභාපති අනුෂ්ක ගුණසිංහ යන මහත්වරු ද සහභාගී වූහ.

 

Pin It

සබැඳි පුවත්

කින්නියා කුරුන්චන්කර්නි පාලමේ ඉදිකිරීම් ආරම්භ කෙරේ
කින්නියා කුරුන්චන්කර්නි පාලමේ ඉදිකිරීම් ආරම්භ කෙරේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මුතුර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කින්නියා - කුරුන්චන්කර්නි මාර්ගයේ කුරුන්චන්කර්නි කලපුව හරහා "කුරුන්චන්කර්නි පාලමේ" ඉදිකිරීම් කටයුත...
පැළ ලක්ෂ 20 ක් සිටුවීමේ වැඩසටහනෙහි සමාරම්භය ලබන 16 වනදා
පැළ ලක්ෂ 20 ක් සිටුවීමේ වැඩසටහනෙහි සමාරම්භය ලබන 16 වනදා සුරැකුමට පරිසරය තේමාව යටතේ ලංකාවේ වන ඝනත්වය හා වන ආවරණය ඉහළ නැංවීමේ අරමුණින් පැළ ලක්ෂ 20 ක් සිටුවීමේ වැඩසටහනෙහි සමාරම්භය එළබෙන 16 වෙනි දින සිදු කිරීමට නියමිත බව...
කොළඹ ලොව පළමු රැම්සාර් තෙත්බිම් නගරය ලෙස සංවර්ධනය කිරීමට ජනපතිගේ දායකත්වය අගය කළ යුතුයි - පරිසර ඇමැත...
කොළඹ ලොව පළමු රැම්සාර් තෙත්බිම් නගරය ලෙස සංවර්ධනය කිරීමට ජනපතිගේ දායකත්වය අගය කළ යුතුයි - පරිසර ඇමැත... කොළඹ නගරය ලොව පළමු රැම්සාර් තෙත් බිම් නගරය වශයෙන් සංවර්ධනය කිරීමට වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දායකත්වය අගය කල යුතු බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා...
කිරුළපන ආයූර්වේද මධ්‍යස්ථානය ජනතා අයිතියට
කිරුළපන ආයූර්වේද මධ්‍යස්ථානය ජනතා අයිතියට කොළඹ මහ නගර සභාවේ දේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුව මඟින් කිරුළපන නිහාල් සිල්වා මාවතේ අලුතින් ඉදි කරන ලද ආයුර්වේද මධ්‍යස්ථානය විවෘත කිරීම නගරාධිපතිනී රෝසී සේනානායක මහ...
රත්නපුර ශික්ෂණ රෝහලට රු. ලක්ෂ 500 ක් වටිනා PCR යන්ත්‍රයක්
රත්නපුර ශික්ෂණ රෝහලට රු. ලක්ෂ 500 ක් වටිනා PCR යන්ත්‍රයක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන කොවිඩ් -19 වෛරසය මර්දනය කිරීමේ වැඩපිළිවෙලට රාජ්‍ය අංශයෙන් මෙන්ම පෞද්ගලික අංශයෙන් ද පූර්ණ දායකත්වය ලැබුන බව සෞඛ්‍ය...
රජඇල අමුණ ප්‍රතිසංස්කරණය කරයි
රජඇල අමුණ ප්‍රතිසංස්කරණය කරයි ජනාධිපතිවරයාගේ "සෞභාග්‍යය දැක්ම"ප්‍රකාරව වාරි සෞභාග්‍යා වැඩ සටහන මඟින් නාවලපිටිය ආසන්නයේ ගඟ ඉහළ කොරළේ ගම්පොලවෙල රජ ඇල අමුණ ප්‍රතිසංස්කරණය කිරීම කෘෂිකර්ම අමාත්‍ය...

Print   Email