කැළණිතිස්ස විදුලි බලාගාරයේ කටයුතු කඩිනමින් සක්‍රිය කරන බව විදුලි ඇමැති කියයි

කැළණිතිස්ස සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයේ ජනන කටයුතු ඉදිරි සති කිහිපය තුළ සක්‍රීයකර, නැවතත් ජාතික පද්ධතියට දෛනිකව මෙගාවොට් 165 ක් බැගින් එක්කිරීමේ කටයුතු කඩිනම් කරන්නැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දෙයි.

2019 ඔක්තෝබර් මස සිට අක්‍රීයව පවතින ලංකා විදුලිබල මණ්ඩලයේ හිමිකාරීත්වය යටතේ පවතින කැළණිතිස්ස සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරය පවතියි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකලේ, ඊයේ (15) පස්වරුවේ කැළණිතිස්ස විදුලි බලාගාරයේ වර්තමාන තත්ත්වය නිරීක්ෂණය කිරිම සඳහා පැවති චාරිකාවකට සහභාගි වෙමිනි.

යාන්ත්‍රික දෝෂයකට ලක්වූ අදාළ බලාගාරයේ කොටස් අළුත්වැඩියා කටයුතු සදහා ඉන්දියාව වෙත යවා ඇති අතර පසුගිය සමයේ සමස්ත ලෝකයටම පොදුවේ බලපානු ලැබූ කොරෝනා උවදුර හේතුවෙන් මේ දක්වා එම යන්ත්‍ර අළුත්වැඩියා කොට නැවත ගෙන්වාගැනීමට නොහැකි වී තිබේ.

මේ පිළිබදව කරුණු විමසා බැලූ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා, ඉන්දියානු රජය සමග සාකච්ඡා කොට, බලාගාරයේ අක්‍රීයව ඇති යන්ත්‍ර කඩිනමින් අළුත්වැඩියා කර නැවත මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවද පැවසීය.

තවද වරින්වර මෙසේ යාන්ත්‍රික දෝෂයන්ට ලක්වන විදුලි බලාගාර අළුත්වැඩියාව වෙනුවෙන්, මේ වනවිට සාම්ප්‍රදායිකව අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ග තුලින් සිදුවන ප්‍රමාදදෝෂයන් අවම කරගැනීමට යම් දීර්ඝකාලීන සැලසුමක් සකස් කළයුතු බවත්, අවදානමට පෙර සූදානම සුදුසු බැවින්, ජාතික විදුලි පද්ධතිය සමතුලිතකරණය වෙනුවෙන් කැළණිතිස්ස වැනි බලාගාර නිරන්තරයෙන් දෝෂ රහිතව ක්‍රියාත්මක තලයේ පවත්වාගැනීම වැදගත් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

 

 

Pin It

සබැඳි පුවත්

මෙරට කොවිඩ් ප්‍රතිකාර ශක්තිමත් කිරීමට ඇමරිකාවෙන් වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්
මෙරට කොවිඩ් ප්‍රතිකාර ශක්තිමත් කිරීමට ඇමරිකාවෙන් වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් ශ්‍රී ලංකාවේ කොවිඩ් - 19 ප්‍රතිකාර සේවාවන් ඉහළ නැංවීමේ අරමුණ ඇතිව එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කර ඇති බව ස...
නව නිපැයුම් නිර්මාණයට ආයෝජකයන් සොයන්න ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්
නව නිපැයුම් නිර්මාණයට ආයෝජකයන් සොයන්න ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් ආයෝජකයන් හඳුනාගෙන ආයතන සහ පුද්ගල මට්ටමින් සැලසුම් කර ඇති නව නිපැයුම් නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වා දීමට කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට...
මෙරට අධ්‍යාපන පද්ධතිය සංවර්ධනයට ඇමරිකානු රජයේ සහාය
මෙරට අධ්‍යාපන පද්ධතිය සංවර්ධනයට ඇමරිකානු රජයේ සහාය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතියේ සංවර්ධනය වෙනුවෙන් ඇමරිකානු රජය පූර්ණ සහාය ලබාදීමට සූදානම් බව ඇමරිකානු තානාපති Alaina B. Teplitz මහත්මිය පැවසුවාය. ඇය මේ බව පැව...
ආඬිගම මාර්ගයේ ඉදිකීරීම් රාජ්‍ය ඇමැති ලාන්සාගේ නිරීක්ෂණයට
ආඬිගම මාර්ගයේ ඉදිකීරීම් රාජ්‍ය ඇමැති ලාන්සාගේ නිරීක්ෂණයට මදුරන්කුලිය මහකුඹුක්කඩවල මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සොයාබැලීම සදහා ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා අද (21) පෙරවරුවේ එම මාර්...
තරුණ පරපුරේ නිවාස සිහිනය යථාර්තයක් කරන බව රාජ්‍ය ඇමැති ඉන්දික කියයි
තරුණ පරපුරේ නිවාස සිහිනය යථාර්තයක් කරන බව රාජ්‍ය ඇමැති ඉන්දික කියයි මෙරට තරුණ පරපුරේ නිවාස සිහිනය යථාර්තයක් කරමින් ඔවුන්ට සහන මිලට හොඳ නිවසක් ලබා ගැනීමේ අවස්ථාව කඩිනමින් උදාකර දෙන බව, ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍...
පුත්තලම දිස්ත්‍රිකයේ සංවර්ධන ව්‍යාපෘති ජනපතිගේ නිරීක්ෂණයට
පුත්තලම දිස්ත්‍රිකයේ සංවර්ධන ව්‍යාපෘති ජනපතිගේ නිරීක්ෂණයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (19) පුත්තලම දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති නිරීක්ෂණ චාරිකවක නිරත විය. ජනාධිපතිවරයාගේ චාරිකාව අරඹමින් මදුරන්කුලිය, පාලච්චෝන...

Print   Email