fbpx

කොළඹ වරාය ආශ්‍රිතව පාපැදි මංතීරුව විවෘත කරයි

කොළඹ වරාය ආශ්‍රිතව ගමනාගමනය සඳහා ආමර් වීදියේ සිට වරාය පිවිසුම දක්වා මාර්ගයේ පාපැදි මංතීරුව විවෘත කිරිම කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද දින (29) සිදුකෙරිණි.

රටේ දැනට උද්ගත වී ඇති ආර්ථික අර්බුධය හමුවේ මෝටර් රථ ධාවනය සඳහා ඉන්ධන හිඟ වීම මත රට තුල සමස්ථ ප්‍රවාහන පද්ධතියට කඩා වැටිමකට ලක්වි තිබේන අවස්ථාවක ප්‍රවාහන අර්බුධයට පිළියමක් ලෙස කොළඹ මහා නගර සභාව විසින් නගරය තුළ පාපැදි ධාවනය දිරිමත් කිරීම සඳහා මෙම විශේෂ ව්‍යාපෘතිය ආරම්භ කල බව එහි දී නගරාධිපතිනිය පවසා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු නගරාධිපතිනිය " පාපැදිකරුවන් සඳහා වෙනම මං තීරුවක් සකස් කිරීම, පාපැදි ආරක්ෂිතව නවතා තැබීමට හැකියාව ලැබෙන පරිදි නැවතුම් ස්ථාන සකස් මගින් කොළඹ නගරය තුළ අභයන්තර කටයුතු සඳහා පැමිණෙන ජනතාව සඳහා මෙම පහසුකම ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා. මෙහිදී මූලික වශයෙන් නගරය තුල අභයන්තර ගමනාගමනය සඳහා පාපැදිය සහ පාපැදිකරුවන් දිරිමත් කිරීම සඳහා ව්‍යාපෘති කිහිපයක් අපි හඳුනාගෙන තිබේනවා.ඒ අනුව කොළඹ වරාය ආශ්‍රිතව ගමනාගමනය සඳහා අද දින ආමර් වීදියේ සිට වරාය පිවිසුම දක්වා මාර්ගයේ පාපැදි මංතීරු පහසුකම් සැලසීම සිදු කරනු ලබනවා. මෙම නියමු ව්‍යාපෘතිය නගර අභයන්තරයේ සිට වරායේ ප්‍රධාන පිවිසුම් දොරටුව දක්වා ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තු වන අතර එමගින් කොළඹ නගරයේ ජීවත්වන ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතාවය වෙනුවෙන් හැකි උපරිමය දක්වා පාපැදිය යොදා ගැනීම වෙනුවෙන් පහසුකම් සැලසීමටත්, ඒ සඳහා ඔවුන් දිරිමත් කිරීමටත් කොළඹ මහ නගර සභාව විසින් සිදුකරනු ලබනවා. කොළඹ විශ්ව විද්‍යාලය, මහජන පුස්තකාලය, පුරහල හා නිදහස් චතුරස්‍රය අවට මාර්ගවල ද ඉදිරියේදී පාපැදි මංතීරු ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මෙම පාපැදි මංතීරු ක්‍රියාත්මක කිරීම සදහා මහජනතාවගේ සහ විවිධ වූ ආයතන වල සහයෝගය අඛණ්ඩව බලාපොරොත්තු වන අතර ශ්‍රී ලංකා පොලීසියේ රථවාහන අංශයේ සක්‍රිය දායකත්වය නිරන්තරයෙන්ම බලාපොරොත්තු වෙනවා. පාපැදි මංතීරුව සඳහා ප්‍රමුඛත්වය ලබාදීම, පාපැදිකරුවන් සඳහා ආරක්ෂාව සැලසීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසියේ රථවාහනන අංශයේ දායකත්වය අපට අවශ්‍ය ‍වෙනවා. මාර්ගයේ පාපැදි මංතීරු ක්‍රියාත්මක කිරීමට සමගාමීව, කොළඹ නගරයේ පාපැදි ආරක්ෂාකාරීව නැවැත්වීම සඳහා නැවැතුම් ස්ථාන සකස් කිරීම සිදු කරනු ලබනවා.ආරම්භයේදී නගරය තුල තෝරාගත් ස්ථාන 25ක පාපැදි නැවතුම් ස්ථාන ඉදිකිරීමට කටයුතු සුදානම් කර තිබේන අතර මේ වන විට ලංකා බැංකු මාවත, ලෝක වෙළඳ මධ්‍යස්ථානය අසල, කොළඹ ජාතික රෝහල අසල, නොරිස් කැනල් මාර්ගය, ඩීන්ස් පාර ඇස් වාට්ටුව ඉදිරිපිට, පිටකොටුව වරාය ප්‍රධාන පිවිසුම මාර්ගය, ජෝර්ජ් ආර් ද සිල්වා මාවත, කොටහේන බස් නැවතුම අසල, බම්බලපිටිය මැජෙස්ටික් සිටි අසල ස්ථානවල පාපැදි නැවතුම් ස්ථාන ඉදිකර තිබෙනවා. යැයි නගරාධිපතිනිය රෝසි සේනානායක මහත්මිය වැඩිදුරටත් කියා සිටියේය.

Pin It

සබැඳි පුවත්

ග්‍රාම ශක්ති නිවාස ව්‍යාපෘතිවල ඉදිකිරීම් කඩිනම් කරන්න- ඇමැති ප්‍රසන්න
ග්‍රාම ශක්ති නිවාස ව්‍යාපෘතිවල ඉදිකිරීම් කඩිනම් කරන්න- ඇමැති ප්‍රසන්න ඉන්දියානු රජයේ ආධාර මත දිවයිනේ දකුණු සහ උතුරු පළාත්වල ක්‍රියාත්මක ග්‍රාම ශක්ති නිවාස ව්‍යාපෘතිවල ඉදිකිරීම් කඩිනම් කරන්නැයි නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න...
ඔලුවිල් වරාය අෂ්රෆ් වරාය නමින් අමාත්‍ය ඩග්ලස් ප්‍රධානත්වයෙන් විවෘත කරයි
ඔලුවිල් වරාය අෂ්රෆ් වරාය නමින් අමාත්‍ය ඩග්ලස් ප්‍රධානත්වයෙන් විවෘත කරයි ඔලුවිල් වරාය අෂ්රෆ් වරාය නමින් නම්කොට නැවත ප්‍රතිසංස්කරණය කිරීමේන් පසු ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අතින් අද (28) දින විවෘත කරයි. මුස්ලිම් කොන්ග්‍රස් ප...
නාවික හමුදාවේ දායකත්වයෙන් පලුගස්වැව ඉදිකළ ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට
නාවික හමුදාවේ දායකත්වයෙන් පලුගස්වැව ඉදිකළ ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ සත්කාර ව්‍යපෘතිය යටතේ අනුරාධපුර,පලුගස්වැව මෛත්‍රීගම ඉදිකළ ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය ඊයේ (24) දින විවෘත කර ජනතා අයිතිය...
මාතලේ පුරා විද්‍යා කාර්යාලය විවෘත කෙරේ
මාතලේ පුරා විද්‍යා කාර්යාලය විවෘත කෙරේ 163 වන ජාතික පුරා විද්‍යා දිනයට සහ පුරා විද්‍යා සතියට සමගාමීව මාතලේ දිස්ත්‍රික් පුරා විද්‍යා කාර්යාලය විවෘත කිරීම මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානී තිලකරත්න මහත්මි...
මාතලේ නියෝජ්‍ය නගරාධපතිගේ වියදමින් නොමිලයේ වගා සදහා කාබනික පෙහොර
මාතලේ නියෝජ්‍ය නගරාධපතිගේ වියදමින් නොමිලයේ වගා සදහා කාබනික පෙහොර “ හෙට අභියෝගයට අද සුදානම් වෙමු” “සාරවත් මැදරට බිම් අස්වද්දමු ’’තේමාව ඔස්සේ සිදු කරන ගෙවතු වැඩසටහනට යටතේ නොමිලයේ කාබනික පොහොර ලබා දිමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බව ...
කිතුල් සංවර්ධන කිරීමේ වැඩසටහනක් උකුවෙලදී
කිතුල් සංවර්ධන කිරීමේ වැඩසටහනක් උකුවෙලදී උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඕවිලිකන්ද කිතුල් ගම්මානය කේන්ද්‍ර කර ගනිමින් සාම්ප්‍රදායික කර්මාන්ත නගා සිටුවීම හා එම නිෂ්පාදකයින් තවදුරටත් සවිබල ගැන්වීමේ අරම...

Print   Email

Contact Us

TTVnews.lk
TTV Media Hub (pvt) Ltd 
5/34, Sulaiman Terrace, 
Jawatte Road, 
Colombo 05, 
Sri Lanka 
 
Tel: +94 11 2 585833/ 2593 416 
 Fax: +94 11 2 589 334  

Follow Us On Facebook