2021 වසරේදී බලශක්ති ක්ෂේත්‍රය දැවැන්ත පරිවර්තනයක් සිදු වනවා - ඇමැති ඩලස්

2021 එළඹෙන වසර මේ රටේ බලශක්ති ක්ෂේත්‍රයේ දැවැන්තම පරිවර්තනයක් සිදුවන වසරක් මෙන්ම, මෙවැනි කර්තව්‍යයන් තුළින් ඒ වෙනස මේ රටේ ජනතාවගේ සෞභාග්‍යමත් වෙනසත් බවට පත්කරන බව සහතික කරන බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, අද (27) පෙරවරුවේ ලංකා විදුලිබල මණ්ඩලයේ අම්බලන්තොට විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය ජනතා සේවයට පැවරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා, "දැන් කොළඹ වයෝවෘද්ධයි. අඩුම තරමින් මළ නලයක්වත් එලාගන්නවත්, විදුලි රැහැන් පද්ධතියක් අදින්නවත් බැහැ.. ඒ විදියට කොළඹ වයෝවෘද්ධ වෙද්දි නව වානිජ අගනගරයක අවශ්‍යතාවය එදා අපේ ජනාධිපතිතුමා දැක්කා. ඒකට හොදම තැන හම්බන්තොට කියන එකයි එදා මහින්ද රාජපක්ෂ මහතා ගත්ත නිවැරදි තීරණය. එම තීරණය සැබෑ කරන ක්‍රියාන්විතයේ, විදුලිබල අමාත්‍යාංශයට පැවරෙන යුතුකමක් තමයි අද මේ ඉෂ්ඨ වෙන්නේ. මේ පාරිභෝගික සේවා මධ්‍යස්ථානය හම්බන්තොට නව වානිජ අගනගර සංකල්පයට දෙන විද්‍යාත්මක තල්ලුවක්.

හම්බන්තොට විදුලි පාරිභෝගික සංඛ්‍යාව 229,000ක් බවත්, නමුත් පියසි මත සූර්ය පැනල සවිකර තිබෙන්නේ 408ක් පමණක් බවත් පැවසූ අමාත්‍යවරයා, සමෘද්ධි පවුල් 100000 ක නිවාස පියසි සූර්ය බලාගාර බලට පත්කිරීමට මෙවර අයවැයෙන් යෝජනාවී ඇති බැවින් පාරිභෝගිකයා ව්‍යවසායකයෙක් බවට පත් කිරීම, මෙවර සෞභාග්‍යයේ දැක්මේ නව අයවැයෙන් පැහැදිළිව පෙන්වා දී ඇතැයි පැවසීය. වසර 2013 දී ලක්විජය බලාගාරය විවෘත වීමෙන් අනතරුව, මෙරටට විදුලි බලාගාරයක් ඉදිවී නොමැති බවත්, මෙගාටොට් 300 කට අඩු ප්‍රමාණයක් පමණක් මෙම වසර 07 ඇතුළත ජාතික විදුලිබල පද්ධතියට එක්වී ඇති බවත් පැවසීය. වසරකට 5% කින් 6% කින් වර්ධනය වන විදුලි ඉල්ලුමේ අර්බුධයට මේ මොහොතේ රජයක් වශයෙන් මුහුණ දෙමින් සිටින අතර සැමට විදුලිය දීමේ මෙන්ම විදුලි බිලේ බර අඩුකරගැනීමේ ව්‍යායාමයක යෙදී සිටින බවත් පැවසූ විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා, ජනාධිපතිතුමා අමාත්‍යාංශක් හැටියට තමාට ලබා දුන් මේ අභියෝගය ඉතා නිර්භීතව බාරගෙන ඉටුකිරීමට, සූර්යබල, සුළං සහ කුඩා ජලවිදුලි බලාගාර ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය බාරව කටයුතු කරනු ලබන සිය සහෝදර රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාත්, ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමුඛ විදුලබල අමාත්‍යාංශයට සම්බන්ධ අනෙකුත් ආයතනයනුත් සම්බන්ධ කරගනිමින්, එකම පවුලක් ආකාරයෙන් කටයුතු කරන බවත් අවධාරණය කළේය.

වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර යන අමාත්‍යවරුන් ද, පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් ගලප්පත්ති මහතා ඇතුළු ප්‍රදේශයේ මහජන නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම අවස්ථාවට ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත්, සාමාන්‍යාධිකාරි කීර්ති කරුණාරත්න යන මහත්වරුන් ඇතුළු ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ද සහභාගි වූහ.

 

Pin It

සබැඳි පුවත්

රත්නපුරයට ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක්
රත්නපුරයට ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් සබරගමු පළාත් සභාවේ සභාපති සහ රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ උප සභාපති, කංචන ජයරත්න මහතාගේ මුලිකත්වයෙන් සහ මැදිහත් වීමෙන් රත්නපුර, මුද්දුව, මොණරවිල ප්‍රදේශය...
රබර්වලට වාර්තාගත මිළක් -ඔබේ වගාව ප්‍රවේසම් කර ගන්නා ලෙස දැනුම් දීමක්
රබර්වලට වාර්තාගත මිළක් -ඔබේ වගාව ප්‍රවේසම් කර ගන්නා ලෙස දැනුම් දීමක් රබර් කිරි කැපීමේ තීව්‍රතාවය ඉක්මවා යමින් කිරි කැපුවහොත් දිගු කාලීන වශයෙන් එමගින් ලැබෙන අනිසි ප්‍රතිඵල ඉතා භයානක බව ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනයේ නියෝජ්‍ය අධ්‍යක...
විදුලි කාර්මිකයින්ට ජාතික හා ජාත්‍යන්තර පිළිගත් වෘත්තීය සුදුසුකම් නොමිලේ
විදුලි කාර්මිකයින්ට ජාතික හා ජාත්‍යන්තර පිළිගත් වෘත්තීය සුදුසුකම් නොමිලේ මෙරට විදුලි කාර්මික ක්ෂේත්‍රයේ ආරක්ෂාව වැඩිදියුණු කිරීමේ අරමුණින් විදුලි කාර්මිකයින්ට ජාතික හා ජාත්‍යන්තර පිළිගත් වෘත්තීය සුදුසුකම නොමිලේ ලබාදීම නියමිතයි. ඊට...
මිනිපේ යෝධ ඇළ සංවර්ධන කටයුතු රාජ්‍ය ඇමැති දුමින්දගේ නිරික්ෂණයට
මිනිපේ යෝධ ඇළ සංවර්ධන කටයුතු රාජ්‍ය ඇමැති දුමින්දගේ නිරික්ෂණයට රන්ටැඹේ ජල විදුලි බලාගාරයෙන් ජල විදුලිය නිෂ්පාදනය කර මහවැලි ඟගට මුදා හරින ජලය ගබඩා කර හෙක්ටයාර් හත්දහස් පන්සියයකට මහවැලි ජලය සපයන මිනිපේ යෝධ ඇළ සහ මිනිපේ අමුණ ස...
උඩ ගල් දෙබොක්ක ජනතාව වෙනත් ප්‍රදේශයක පදිංචි කිරීමට කටයුතු කරනවා - රාජ්‍ය අමාත්‍ය දුමින්ද
උඩ ගල් දෙබොක්ක ජනතාව වෙනත් ප්‍රදේශයක පදිංචි කිරීමට කටයුතු කරනවා - රාජ්‍ය අමාත්‍ය දුමින්ද උඩ ගල් දෙබොක්ක ගම්මානයේ ජනතාව හුදෙකලා බවින් මුදවමින් ඔවුන් ගෙවන අති දුෂ්කර ජීවිතයට තිත තබමින් එම ගම්වැසියන් සියලු දෙනා වෙනත් ප්‍රදේශයක පදිංචි කිරීම කෙරෙහි ජනපති...
අධ්‍යාපනය පාසල සඳහා නොව ජීවිතය සඳහා විය යුතු යි - අධ්‍යාපන ඇමැති
අධ්‍යාපනය පාසල සඳහා නොව ජීවිතය සඳහා විය යුතු යි - අධ්‍යාපන ඇමැති අධ්‍යාපනයේ අවසන් ඉලක්කය විය යුත්තේ පාසල සඳහා අධ්‍යාපනය නොව ජීවිතය සඳහා අධ්‍යාපනය බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි. අමාත්‍යවරයා මේ බැව පැ...

Print   Email