“Park & Ride” බස් රථ සේවාව ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

කොළඹ නගරය ආශ්‍රිත වාහන තදබදයට පිළියමක් ලෙස හඳුන්වා දෙන “Park & Ride” බස් රථ සේවාවේ පළමු අදියර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොට්ටාව, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් අද (15) පෙරවරුවේ ආරම්භ කෙරිණ.

මෝටර් රථයෙන් සහ යතුරු පැදියෙන් ගමන් ගන්නා මගීන් සඳහා සුවපහසු, ආරක්ෂිත පොදු ප්‍රවාහන බස්රථ සේවාවක් සැපයීම මගින් කොළඹ සහ තදාසන්න නගර වලට ගමන් කරන වාහන සංඛ්‍යාව අඩු කිරීම මෙහි අරමුණයි. පරිසර දූෂණය, වැයවන කාලය සහ මගීන්ගේ මානසික පීඩනය අවම කිරීම ද අපේක්ෂා කෙරේ.

ආසන ගණනට මගීන් රැගෙන යාමට සුඛෝපභෝගී බස්රථ පමණක් යොදා ගැනේ. අයකෙරෙන මුදල සාමාන්‍ය බස් රථ ගාස්තුව මෙන් දෙගුණයකි. නැවතුම්පොළ සීමිත සංඛ්‍යාවකින් පමණක් මගීන් නංවා ගැනීම, අඩු කාලයකින් ගමනාන්තය කරා ළඟාවීම, ආචාරශීලී, සුහදශීලී හා ආකර්ශණීය ප්‍රවාහන සේවාවක් සැලසීම, තාක්ෂණය උපයෝගී කරගෙන දිනපතා කෙරෙන පසුවිපරම සහ Clock Wise හා Anti Clock Wise ගමන් වර්ග දෙකක් ක්‍රියාත්මක වීම වැඩසටහනට අයත් වේ.

මගීන්ට සිය මෝටර් රථය බහුවිධ මධ්‍යස්ථානයට අයත් රථ ගාලෙහි මුදල් ගෙවීමකින් තොරව නතර කර තැබීමට පහසුකම් සලසා තිබේ. වැඩසටහනෙහි ප්‍රගතිය සැලකිල්ලට ගෙන වාහන නවතා තැබීමේ ඉඩ පුළුල් කිරීමට අපේක්ෂා කෙරේ. පෙ.ව 06.00 සිට පෙ.ව 08.00 සහ ප.ව 04.00 සිට ප.ව 09.00 දක්වා විනාඩි 15 කට වරක් බස් රථ ධාවනය කරනු ලැබේ.

පෙ.ව 08.00ත් ප.ව 04.00 ත් අතර කාලය තුළ බස් රථ ධාවනය වන්නේ විනාඩි 25කට වතාවකි. දිනකට ගමන් වාර 64ක් සිදු කෙරේ.

වාහන නියාමන බස් රථ සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය එක්ව පොදු ප්‍රවාහන සේවාව ක්‍රියාත්මක කරයි.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා පොලීසිය, මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහ නගර සභාව යන ආයතනවල දායකත්වය ද ඊට හිමි වේ.

ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ආකාරය සහ බස් රථ කාල සටහන පිළිබඳව තොරතුරු දැන ගැනීමට ප්‍රවාහන අමාත්‍යාංශය හඳුන්වා දී ඇති විශේෂ ඛේතය (APP) පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කෙරිණ.

නව සේවාව සඳහා යොදවා ඇති බස් රථයක ගමන් කළ ජනාධිපතිවරයා එහි පහසුකම් නිරීක්ෂණ කළේය.

ඔරේන්ජ් සමාගම ව්‍යාපෘතියට සමගාමීව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ස්ථාපනය කළ ස්වයං අළෙවි හළ (OREL UNMANNED STORE) ජනාධිපතිවරයා අතින් විවෘත කෙරිණ.

ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම යන මහත්වරු, රේඛීය අමාත්‍යාංශ ලේකම්වරු සහ නිලධාරීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Pin It

සබැඳි පුවත්

රජයේ ඉඩම් සඳහා දීමනා පත්‍ර ප්‍රදානය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ
රජයේ ඉඩම් සඳහා දීමනා පත්‍ර ප්‍රදානය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ නිරවුල් හිමිකමක් නැතිව රජයේ ඉඩම් භුක්ති විඳිමින් සිටි පවුල් වෙත දීමනා පත්‍ර ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ ජනාධිපති කාර...
සෞභාග්‍යා සතියට සමගාමීව නිෂ්පාදන ගම්මාන 500ක් බිහි කිරීම ආරම්භ වෙයි
සෞභාග්‍යා සතියට සමගාමීව නිෂ්පාදන ගම්මාන 500ක් බිහි කිරීම ආරම්භ වෙයි ගෘහ ආර්ථිකය නගා සිටුවා එය ජාතික ආර්ථිකයට දායක කර ගැනීමේ ක්‍රියාවලියේ මුල් පියවර තබමින් දිවයින පුරා නිෂ්පාදන ගම්මාන 500 ක් ආරම්භ කිරීම රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමස...
ග්‍රාමීය ජන ජීවිතය සමඟ තදින් බැඳුණු සාම්ප්‍රදායික කර්මාන්ත ආරක්ෂා කිරීම ද අත්‍යවශ්‍යයි - අමාත්‍ය විම...
ග්‍රාමීය ජන ජීවිතය සමඟ තදින් බැඳුණු සාම්ප්‍රදායික කර්මාන්ත ආරක්ෂා කිරීම ද අත්‍යවශ්‍යයි - අමාත්‍ය විම... කර්මාන්ත ක්ෂේත්‍රයේ පුනරුදයකට මහා පරිමාණ කර්මාන්තවල දියුණුව මෙන්ම ග්‍රාමීය ජන ජීවිතය සමඟ තදින් බැඳුණු සාම්ප්‍රදායික කර්මාන්ත ආරක්ෂා කර ගැනීම ද අත්‍යවශ්‍ය බව කර්...
වැව් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සිවිල් ආරක්ෂක බලකායේ සහයෝගය - රාජ්‍ය අමාත්‍ය අනුරාධ
වැව් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සිවිල් ආරක්ෂක බලකායේ සහයෝගය - රාජ්‍ය අමාත්‍ය අනුරාධ වැව් 5000 ප්‍රතිසංස්කරණය කිරීමේ වරි සෞභාග්‍යයා වැඩසටහනට මහනුවර දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සදහා සිවිල් ආරක්ෂක බලකායේ සහය ද ඉදිරියේදී ලබා ගන්නා බව රාජ්‍ය අමාත්...
රත්නපුරයට ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක්
රත්නපුරයට ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් සබරගමු පළාත් සභාවේ සභාපති සහ රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ උප සභාපති, කංචන ජයරත්න මහතාගේ මුලිකත්වයෙන් සහ මැදිහත් වීමෙන් රත්නපුර, මුද්දුව, මොණරවිල ප්‍රදේශය...
රබර්වලට වාර්තාගත මිළක් -ඔබේ වගාව ප්‍රවේසම් කර ගන්නා ලෙස දැනුම් දීමක්
රබර්වලට වාර්තාගත මිළක් -ඔබේ වගාව ප්‍රවේසම් කර ගන්නා ලෙස දැනුම් දීමක් රබර් කිරි කැපීමේ තීව්‍රතාවය ඉක්මවා යමින් කිරි කැපුවහොත් දිගු කාලීන වශයෙන් එමගින් ලැබෙන අනිසි ප්‍රතිඵල ඉතා භයානක බව ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනයේ නියෝජ්‍ය අධ්‍යක...

Print   Email