තිරප්පන “තුරු සෙවන” රාජ්‍ය ඇමැති දුමින්දගේ ප්‍රධානත්වයෙන් ඉදිකිරීම් ඇරඹෙයි

දැයක් නගන - සියක් නගර” ව්‍යාපෘතිය යටතේ තිරප්පනය අනුරාධපුර තිරප්පනය නගරයේ යෝජිත භූදර්ශන හා රථවාහන නැවතුම හා තිරප්පනය “තුරු සෙවන” විවේක සහ විනෝද කටයුතු උද්‍යානය ඉදි කිරීම් කටයුතු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සමාරම්භ කෙරිණි.

රට නගන සෞභාග්‍යයේ දැක්ම වත්මන් රජයේ ප්‍රථිපත්ති ප්‍රකාශනය අනුව නගර සීයක් සංවර්ධනය කිරීමේ “දැයක් නගන - සියක් නගර” ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර තිරප්පනය නගරයේ යෝජිත භූදර්ශන හා රථවාහන නැවතුම වෙනුවෙන් රුපියල් මිලියන 16.8 ක් හා තිරප්පනය “තුරු සෙවන” විවේක සහ විනෝද කටයුතු උද්‍යානය සඳහා රුපියල් මිලියන 33 ක මුදලක් නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ජල පවිත්‍රතා කටයුතු රාජ්‍යය අමාත්‍යංශය මගින් වෙන් කර ඇත.

අදාළ ඉදි කිරීම් කටයුතු සමාරම්භ කරමින් ඉදි කිරීම් සිදු වන ආකාරය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එම භූමිය නිරීක්ෂණය කරනු ලැබීය.

ඒ අනුව තිරප්පනය නගරයේ යෝජිත භූදර්ශන හා රථවාහන නැවතුම් භූමියෙහි වොලි බොල් ක්‍රීඩා පිටියක්, අංග සම්පූර්ණ වැසිලිකි පද්ධතියක්, පොලිස් මුර පොළක්, රථ වාහන ගාලක්, නගරය මඟහැරි යන ලෙස අතුරු මාර්ගයක් ඇතුළුව ඉදි කෙරෙන අතර, තුරුසෙවන විවේක සහ විනෝද කටයුතු උද්‍යාන භූමියේ වැසිකිලි පද්ධතියක්, ඇවිදින මංතීරුවක්, ව්‍යායාම සිදු කිරීමට ස්ථානයක්, ළමා උද්‍යානයක් ඇතුළුව සංවර්ධනය කිරීමට යෝජිතය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මිහින්තලය ආසන සංවිධායක සරත් ඉලංගසිංහ තිරප්පනය ප්‍රාදේශීය සභා සභාපති රොෂාන් ඉලංගසිංහ යන මහත්වරුන් ඇතුළු දේශපාලන නියෝජිතයන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

 

 

තිසර සමල් - අනුරාධපුර

Pin It

සබැඳි පුවත්

හුරුළුවැව ප්‍රාදේශීය රෝහලට නව ගොඩනැගිල්ලක්
හුරුළුවැව ප්‍රාදේශීය රෝහලට නව ගොඩනැගිල්ලක් හුරුළුවැව රෝහලට නව ගොඩනැගිලි සංකීර්ණයක් ලබා දීමත් පැරණි ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීම ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහත...
ඉදිරි වසර තුළ මත්තල රාජපක්ෂ ගුවන්තොටුපළ වඩාත් සක්‍රීය කරනවා - ඇමැති ප්‍රසන්න
ඉදිරි වසර තුළ මත්තල රාජපක්ෂ ගුවන්තොටුපළ වඩාත් සක්‍රීය කරනවා - ඇමැති ප්‍රසන්න මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළට සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සදහා නව වැඩපිළිවෙලක් සැකසෙන අතර සංචාරක පැකේජ හදුන්වා දීමට ඉදිරියේ දි කටයුතු කරන බව සංචාරක ඇමති...
ගම්පහ ධීවර වරාය හා තොටුපල සංවර්ධන කටයුතු පිළිබද ඇමැති ඩග්ලස්ගේ නිරික්ෂණයට
ගම්පහ ධීවර වරාය හා තොටුපල සංවර්ධන කටයුතු පිළිබද ඇමැති ඩග්ලස්ගේ නිරික්ෂණයට ගම්පහ දිස්ත්‍රික්කයේ ධීවර වරාය හා තොටුපල සංවර්ධන කටයුතු පිළිබද සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පසුගිය 16 වනදා කටයුතු කලේය. එ...
50MW පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති බලශක්ති ඉලක්කයට මහඟු පිටිවහලක් -රාජ්‍ය ඇමැති දුමින්ද
50MW පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති බලශක්ති ඉලක්කයට මහඟු පිටිවහලක් -රාජ්‍ය ඇමැති දුමින්ද මෙගාවෝට් 50ට වඩා වැඩි මහා පරිමාණ මෙන්ම කුඩා පරිමාණ පුනර්ජනනීය බලශක්ති වියාපෘති මගිනුත් 70% ක පුනර්ජනනීය බලශක්ති ඉලක්කයට මහඟු පිටිවහලක් ලැබෙන බව සූර්ය,සුලං සහ ජල...
නිල් දියවර” පානීය ජල ව්‍යාපෘතිය යටතේ මකුල්ලෑව ගම්මානයට පානීය ජලය
නිල් දියවර” පානීය ජල ව්‍යාපෘතිය යටතේ මකුල්ලෑව ගම්මානයට පානීය ජලය “නිල්දියවර” පානීය ජල ව්‍යාපෘතියේ යටතේ අනුරාධපුර, තඹුත්තේගම, මකුල්ලෑව ප්‍රදේශයේදී පානීය ජල ව්‍යාපෘතියට ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය ච...
යළි මෙරට ඩීසල් හා ගල්අඟුරු විදුලි බලාගාර ඉදි කිරීම අවසර නොදෙයි - ඇමැති මහින්ද
යළි මෙරට ඩීසල් හා ගල්අඟුරු විදුලි බලාගාර ඉදි කිරීම අවසර නොදෙයි - ඇමැති මහින්ද මින් ඉදිරියට අප රටේ ඩීසල් හා ගල් අඟුරු විදුලි බලාගාර ඉදි කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබා නොදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තීන්දුවක් ගෙන ඇති අතර එය අමාත්‍ය ...

Print   Email