කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ගුවන්විදුලි සංස්ථාව රාජ්‍ය මධ්‍යයේ වගකීම නිසි ලෙස ඉටුකරයි

Pin It

කොරෝනා වෛරසය පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා සභාපති ජගත් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත හා ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමයේ සංවිධානයෙන් ගුවන්විදුලිසංස්ථා සභා ශාලාවේදී පසුගියදා (13) පැවැත්විණි.

එම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමය නියෝජනය කරන සියලු ගුවන්විදුලි සහ රූපවාහිනි මාධ්‍ය ආයතන ප්‍රධානින් සහභාගි විය.

එහි ප්‍රතිඵලයක් වශයෙන් කොරෝනා ඇත්ත සහ බොරුව යනුවෙන් විශේෂ ඒකාබද්ධ මාධ්‍ය මෙහෙයුම් සජීවී වැඩසටහනක් (15) ඉරිදා දින පෙ.ව 10.00 සිට 11.30 දක්වා සියලුම ගුවන්විදුලි සහ රූපවාහිනි නාලිකාවල විසුරවා හරින ලදි.

මෙවැනි වසංගත තත්වයක් උත්සන්න වන අවස්ථාවේ එය මැඩපැවැත්වීමට ජාතික මෙහෙවරක් සේ සළකා සියලු ගුවන්විදුලි සහ රූපවාහිනි මාධ්‍ය සාමූහික වගකීමකින් එක්ව "කොරෝනා - ඇත්ත සහ බොරුව" නමින් කොරෝනා මර්ධන වැඩසටහනක් දියත් කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කිරීම සන්නිවේදනයේ මහගෙදර වූ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව රාජ්‍ය මාධ්‍යයේ වගකීම නිසි ලෙස ඉටු කල බව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා පැවසිය. 

 

 

Pin It

සබැඳි පුවත්

නිල්දියවර‘ ගී අමෝඝය මාර්තු 20 වැනිදා
නිල්දියවර‘ ගී අමෝඝය මාර්තු 20 වැනිදා ප්‍රවීණ ගායන ශිල්පී කරුණාරත්න දිවුල්ගනේ හඬින් ගැයෙන ‘නිල්දියවර‘ ගී අමෝඝය සැලසිනෙ සේවක සුභ සාධක සංගමයට ආධාර පිණිස මාර්තු 20 වන දින සවස 6.30 ට මහරගම ජාතික තරුණ සේ...
shikara Film එක ගැන පොඩ්ඩක් කතා කරමු
shikara Film එක ගැන පොඩ්ඩක් කතා කරමු සත්‍ය සිදුවීම් පාදක කරගෙන චිත්‍රපට බොහොමක් නිර්මාණය වෙනවා. shikara Film එකත් ඉන්දියාව හා පාකිස්ථානය අතර සිදු වු සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය වු චිත්‍රපටයකි....
කථානාද සිනමාවට වසර 73 ක් සහ ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 48ක් සපිරේ
කථානාද සිනමාවට වසර 73 ක් සහ ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 48ක් සපිරේ දේශීය කථානාද සිනමාව ආරම්භ කර වසර 73 ක් සපිරීම සහ ජාතික චිත්‍රපට සංස්ථාව ආරම්භ කර වසර 48 ක් සපිරීමේ නිමිත්තෙන් ජාතික චිත්‍රපට සංස්ථාව විසින් සංවිධානය කල උත්සවය ඊ...
2019 විශ්ව රූ රැජින කිරුළ දකුණු අප්‍රිකාවේ සෝසිබිනි හිමි කර ගනි
2019 විශ්ව රූ රැජින කිරුළ දකුණු අප්‍රිකාවේ සෝසිබිනි හිමි කර ගනි 2019 විශ්ව රූ රැජිණ කිරුළ දකුණු අප්‍රිකාව නියෝජනය කළ වයස අවුරුදු 26 හැවිරිදි සෝසිබිනී ටුන්සියි හිමි කර ගනි. මෙරව විශ්ව රු රූජින තරඟය ඇමෙරිකාවේ අලන්ටා හිදීයි පැව...
I‘am Percy Cricket Crazy' කෘතිය එළිදකී
I‘am Percy Cricket Crazy' කෘතිය එළිදකී මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ජ්‍යේෂ්ඨතම දිරි ගන්වන්නා වන පර්සි අබේසේකර මහතා‍ගේ චරිතාපදානය වූ 'I‘am Percy Cricket Crazy' කෘතිය එළිදක්වා තිබේ. එහි මුල්පිටපත අනූහයේ ‍ලෝ...
වසර 35 කට පසු ලෝක විවාහක රෑ රැජින කිරුළ ශ්‍රී ලංකාවට
වසර 35 කට පසු ලෝක විවාහක රෑ රැජින කිරුළ ශ්‍රී ලංකාවට වසර තිස් පහකට පසු ලෝක විවාහක රූ රැජින කිරුල මෙරට නියෝජනය කළ කැරොලින් ජූරි මෙම ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත්ව ඇත. මෙම තරඟය අමෙරිකාවේ ලාස්වේගාස් නුවරදී පැවත්විණ. ...

Print   Email