fbpx

යුරෝපා සංගම් දූත මණ්ඩලය සංවිධානය කළ ‘වර්ණවත් ජීවිතය’ කොවිඩ් චිත්‍ර තරගාවලියේ ජයග්‍රාහකයින් නම්කෙරේ

කොවිඩ්-19 අතරතුර කුඩා දරුවන්ගේ නිර්මාණශීලීත්වය ඔප් නැංවීම අරමුණු කරගනිමින් පසුගිය මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ යුරෝපා සංගම් දූත මණ්ඩලය සංවිධානය කළ ‘වර්ණවත් ජීවිතය’ (Life in Colour) චිත්‍ර තරගයේ ජයග්‍රාහකයින් පසුගියදා නිවේදනය කෙරුණි.

ඒ අනුව වයස අවුරුදු 15 හා ඊට අඩු වයසේ ළමුන් සහභාගී වූ මෙම චිත්‍ර තරගයේදී, ඔවුහු නිවාසවලට වී ආරක්ෂිතව සිටින අතරතුර තම තමන්ගේ ජීවිත චිත්‍රයට නැගීම අරමුණු කෙරිණි.

කොවිඩ්-19 සමඟ උදා වූ මෙම ‘නව සාමාන්‍ය’ තත්ත්වය කලාත්මක ලෙස චිත්‍රණය කිරීමට කුඩා ළමුන් සිය ගණනක් උනන්දුවෙන් එක්ව සිටි අතර එය යුරෝපා සංගම් දූත මණ්ඩලයේ මහත් ප්‍රමෝදයට හේතු වී තිබුණි. විනිශ්චය කිරීමේ වට ගණනාවක් අනතුරුව අවසාන වටය සඳහා චිත්‍ර නිර්මාණය 30ක් තෝරාගැනුණි. එහිදී වයස අවුරුදු 0-6, 7-11 සහ 12-15 දක්වා වයස් කාණ්ඩ වලින් ජයග්‍රාහකයින් තෝරාගැනිණි. ඒ ඒ කාණ්ඩවල ජයග්‍රාහකයින්ට චිත්‍ර නිර්මාණ උපකරණ කට්ටල හිමි වූ අතර අවසාන වටයට නිර්දේශ වූ සියලු තරගකරුවන්ට වටිනා සහතික පත්‍රය බැගින් හිමිවිය.

‘වර්ණවත් ජීවිතය’ චිත්‍ර තරගාවලියේ වයස අවුරුදු 0-6, 7-11 සහ 12-15 යන කාණ්ඩවල ජයග්‍රාහකයින් ලෙස පිළිවෙලින් එම්.එස්.එම්. අම්හා, ආර්. අක්ෂතා පද්මාෂිණී සහ සමුදි හෙන්දහේවා යන ළමුන් තෝරාගැනුණි. ජයග්‍රාහකයින්ගේ හා අවසාන වටයට තේරීපත් වුණු සියලු චිත්‍ර නිර්මාණ යුරෝපා සංගම් දූත මණ්ඩල ෆේස්බුක් පිටුවේ (https://www.facebook.com/EUDel.Srilanka.Maldives) පළ කර තිබේ.

 

Pin It

සබැඳි පුවත්

තිලංග ෆොන්සේකාගේ මංගල නවකතාව”ඝර්ම” ගෝඨාගෝගම පුස්තකාලයට
තිලංග ෆොන්සේකාගේ මංගල නවකතාව”ඝර්ම” ගෝඨාගෝගම පුස්තකාලයට ඝර්ම නව කතාවක් ලෙස වැදගත්ද යන්න කතා කිරීමට වඩා උසස් විචාරක කවයකට විවර විය යුතුය.නමුත් මේ මොහොතේ ඝර්ම වැදගත් වන්නේ වඩාත් පහසු එළිදැක්වීමකට ඉඩ තිබියදී එය අත හරින ...
ගිහාන් විජේවික්‍රම “අවසන් මෙහෙයුමේ “ කෙටි චිත්‍රපටයෙන් ප්‍රධාන චරිතයට
ගිහාන් විජේවික්‍රම “අවසන් මෙහෙයුමේ “ කෙටි චිත්‍රපටයෙන් ප්‍රධාන චරිතයට රංගනයට,නිවේදනය මෙන්ම නිරුපණ ක්ෂේත්‍රයේ දක්ෂ ශිල්පියෙකු වන ගිහාන් විජේවික්‍රම නව පරපුරේ දක්ෂයෙකි. මහනුවර ශ්‍රි සුමංගල විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා කලාවට තිබු දැ...
ගයනිගේ නර්තන ප්‍රසංගය ලබන මස 02වනදා
ගයනිගේ නර්තන ප්‍රසංගය ලබන මස 02වනදා ශ්‍රී ලංකාවෙ නර්තනය වෙනුවෙන් අළුත් යමක් කරන්නට උත්සාහ කරනා නර්තන ශිල්පිනි ගයනි කරුණාරත්නගේ නවතම නර්ථන ප්‍රසංගය ඔක්තෝබර් 2 දා පැවැත්වීමට සැලසුම් කර ඇත. මෙම ප්...
ශ්‍රී ලංකාවේ නර්තන කලාව ගැනත් අවධානය යොමු කරන්නැයි ඉල්ලීමක්
ශ්‍රී ලංකාවේ නර්තන කලාව ගැනත් අවධානය යොමු කරන්නැයි ඉල්ලීමක් ශ්‍රි ලංකාවේ නර්තන කලාවේ උඩරට සම්ප්‍රදායට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. අතිතයේ රජදරුවන්ගේ විවිධ ගෞරවදරවට පත් වෙමින් උතුම් වු කටයුත්තක් ලෙස සැලකු නර්තන කලාව ව...
කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ගුවන්විදුලි සංස්ථාව රාජ්‍ය මධ්‍යයේ වගකීම නිසි ලෙස ඉටුකරයි
කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ගුවන්විදුලි සංස්ථාව රාජ්‍ය මධ්‍යයේ වගකීම නිසි ලෙස ඉටුකරයි කොරෝනා වෛරසය පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා සභාපති ජගත් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේ...
නිල්දියවර‘ ගී අමෝඝය මාර්තු 20 වැනිදා
නිල්දියවර‘ ගී අමෝඝය මාර්තු 20 වැනිදා ප්‍රවීණ ගායන ශිල්පී කරුණාරත්න දිවුල්ගනේ හඬින් ගැයෙන ‘නිල්දියවර‘ ගී අමෝඝය සැලසිනෙ සේවක සුභ සාධක සංගමයට ආධාර පිණිස මාර්තු 20 වන දින සවස 6.30 ට මහරගම ජාතික තරුණ සේ...

Print   Email

Contact Us

TTVnews.lk
TTV Media Hub (pvt) Ltd 
5/34, Sulaiman Terrace, 
Jawatte Road, 
Colombo 05, 
Sri Lanka 
 
Tel: +94 11 2 585833/ 2593 416 
 Fax: +94 11 2 589 334  

Follow Us On Facebook