ඇමරිකාවේ උප ජනාධිපතිගේ මාධ්‍ය ලේකම්ටත් කොවිඩ්

ඇමරිකාවේ උප ජනාධිපති මයික් පෙන්ස්ගේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කරන කැටී මිලර්ට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබේ.

මෙය අඅනාවරණය කරගෙන ඇත්තේ ධවල මන්දිර කාර්යමණ්ඩලයේ සාමාජිකයෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසු සිදුකරන ලද පරීක්ෂණ අවස්ථාවේ ය.

ජනාධිපතිවරයා හා උප ජනාධිපතිවරයා ඇතුළු ධවල මන්දිර කාර්යමණ්ඩලය දිනපතා පරීක්ෂා කිරීම ආරම්භ කර ඇති බවත් ට්‍රම්ප් සහ පෙන්ස් දෙදෙනා ආරක්ෂා කිරීම සඳහා සෑම පූර්වෝපායක්ම ගන්නා බවත් ධවල මන්දිරය පවසයි.

ඇමරිකා එක්සත් ජනපදයේ මේ වනවිට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 76 000 ඉක්මවා ඇති අතර තහවුරු කරගත් රෝගීන් සංඛ්‍යාව 1 322 163ක් පමණ වේ. 

නමුත් ඇමරිකාවේ ප්‍රාන්ත නැවත විවෘත කිරීමට පටන් ගෙන ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ.

ධවල මන්දිරය තුළ වයිරසය ව්‍යාප්ත වීමේ හැකියාව සම්බන්දව විමසූ විට ජනාධිපති  ට්‍රම්ප්  පවසා ඇත්තේ කළ හැකි එකම දෙය වන්නේ උපරිමයෙන් පූර්ව ආරක්ෂාව සලසා ගැනීම පමණක් බවයි.

මීට පෙර ජනාධිපති  ට්‍රම්ප් ගේ ආහාර අංශයේ කටයුතු කරන නාවුක හමුදා සාමාජිකයෙකුට ද කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු විය.

Pin It

සබැඳි පුවත්

ලොව වැඩීම කොරෝනා රෝගීන් වාර්තා වු රට වීම ගෞරවයක් - අමෙරිකානු ජනපති
ලොව වැඩීම කොරෝනා රෝගීන් වාර්තා වු රට වීම ගෞරවයක් - අමෙරිකානු ජනපති ලෝකයේ මේ වන විට පවතින කොරෝනා වසංගතය තත්ත්වය හමුවේ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් ඇමෙරිකාවෙන් වාර්තාවීම තම රටට ගෞරවයක් බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි...
කොරෝනා වෛරස් කාර්ය සාධන බලකාය විසුරුවා හැරීමේ තීන්දුවක්
කොරෝනා වෛරස් කාර්ය සාධන බලකාය විසුරුවා හැරීමේ තීන්දුවක් අමෙරිකාවේ කොරෝනා වෛරස් කාර්ය සාධන බලකාය විසුරුවා හැරීමට ධවල මන්දිරය සැළසුම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඉදිරි සති කිහිපයක් තුළ කොරෝනා වෛරස් ...
රුසියාවේ අගමැතිටත් කොරෝනා
රුසියාවේ අගමැතිටත් කොරෝනා කොවිඩ් 19 හේතුවෙන් මේ වන විට  රුසියාවේ 106498ක් ආසාදිතයින් වී 1073ක්  මිය ගොස් ඇති අතර එරට අග්‍රාමාත්‍ය මිහායිල්  මිෂුස්ටින්  වයිරසය ආසාදනය ...
කොවිඩ් 19 ඉදිරියේ තවත් දරුණු වෙයි - WHO අනතුරු අඟවයි
කොවිඩ් 19 ඉදිරියේ තවත් දරුණු වෙයි - WHO අනතුරු අඟවයි කොවිඩ්-19’  වසංගතයට එරෙහිව සටන් වැදීමට සිරුරේ ප්‍රතිදේහ ඇත්තේ ලෝක ජනගහනයෙන් සියයට 2ත් 3ත් පිරිසකට පමණක් යැයි ද දරුණුම තත්ත්වය පැමිණීමට තිබෙන්නේ ඉ...
ඉන්දියාවේ Lockdown කාලය මැයි 03 දක්වා දිගු වේ
ඉන්දියාවේ Lockdown කාලය මැයි 03 දක්වා දිගු වේ ඉන්දියාවේ සියලු කටයුතු වසා දැමීමේ කාල සීමාව දීර්ඝ කරන බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජාතිය අමතමින්  නිවේදනය කර තිබේ. ඉන්දිය මාධ්‍ය සඳහන් කරන්නේ මැයි 03 ...
ලෝකයේ කොරෝනා නැති රටවල් 19 යි
ලෝකයේ කොරෝනා නැති රටවල් 19 යි එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය දරන රටවල් 193 අතරින් ‌මේ වනවිට ‌කොරෝනා වසංගතයට මුහුණ දී නැති රටවල් ‌ලෙස ඉතිරිව ඇත්තේ රටවල් 19ක් පමණක් බව වාර්තා ‌වේ. කොමරෝස්, කිර...

Print   Email