කොරෝනා වෛරස් කාර්ය සාධන බලකාය විසුරුවා හැරීමේ තීන්දුවක්

අමෙරිකාවේ කොරෝනා වෛරස් කාර්ය සාධන බලකාය විසුරුවා හැරීමට ධවල මන්දිරය සැළසුම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඉදිරි සති කිහිපයක් තුළ කොරෝනා වෛරස් කාර්ය සාධන බලකාය සම්පූර්ණයෙන් වසා දැමිය හැකි බවට අමෙරිකානු උපජනපති මයික් පෙන්ස් ද යෝජනා කර ඇති අතර ඊට හේතු දක්වමින් අමෙරිකානු ජනපතිවරයා කියා සිටියේ, අමෙරිකාව යළි යථා තත්ත්වයට පත්කළ යුතු කාලය එළඹ ඇති බවයි.

සුපුරුදු පරිදි දෛනික ජීවන රටාව ආරම්භ කළහොත්, වෛරසය තවදුරටත් පැතිරයාමේ අවදානම ඉහළ යන බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබියදී අමෙරිකානු ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන තිබේ.

අමෙරිකාවේ මිලියනයට වැඩි පිරිසක් කොරෝනා වෛරසයෙන් තවදුරටත් පීඩාවට පත්වී සිටින අතර එරට මරණ සංඛ්‍යාව 70,000 ඉක්මවා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

 

 

 

දිලිනි සමන්මලි

Pin It

සබැඳි පුවත්

COVID-19 රෝගීයෙක් කැලිෆෝනියාවේදී හමුවෙයි
COVID-19 රෝගීයෙක් කැලිෆෝනියාවේදී හමුවෙයි එක්සත් ජනපදයේ නවතම කොරොන වයිරස් නම් COVID-19 රෝගියෙකු හමු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම පුද්ගලයා කැලිෆෝනියාවේ සොලානෝ ප්‍රාන්තයේ ජිවත් වු අයෙකු...
චීන අවුරුදු නිවාඩුව අවසන් - ජන ජීවිතය කෙමෙන් යථා තත්ත්වයට
චීන අවුරුදු නිවාඩුව අවසන් - ජන ජීවිතය කෙමෙන් යථා තත්ත්වයට කොරෝනා වෛරසයෙන් උද්ගත වූ තත්ත්වය හමුවේ අඩාල වූ චීනයේ ජන ජීවිතය යලි යථාතත්ත්වයට පත්වෙමින් තිබෙන බව විදෙස් මාධ්‍ය රැසක් අද වාර්තාකර තිබේ. වෛරසය ව්‍යාප්තවීම හේතුවෙ...
කොරෝනා වෛරස් රෝගින් 7815 දක්වා ඉහළට
කොරෝනා වෛරස් රෝගින් 7815 දක්වා ඉහළට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති සංඛ්‍යාව 7815 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. CNN ප්‍රවෘත්ති සේවය වාර්තා කර සිටියේ මේ වන විට චීනයේ සිදුවූ මරණ ...
පාකිස්ථාන හිටපු ක්‍රිකට් නායක ෂහීඩ්ට කොරෝනා වෛරසය ආසාදනය වෙයි
පාකිස්ථාන හිටපු ක්‍රිකට් නායක ෂහීඩ්ට කොරෝනා වෛරසය ආසාදනය වෙයි පාකිස්ථානයේ හිටපු ක්‍රිකට් නායක ෂහීඩ් අෆ්රිඩි හට තමාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඔහු සිය ට්ටවිර් ගිණුමේ සටහනක් තබා තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ 40 වන විය...
අමෙරිකාවේ විරෝධතා හයවන දිනටත් ප්‍රචණ්ඩත්වය වෙයි
අමෙරිකාවේ විරෝධතා හයවන දිනටත් ප්‍රචණ්ඩත්වය වෙයි නිරායුධ කළු ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමේදී සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් පයින් පගා මියයාමේ සිද්ධියට විරෝධය පළ කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ නගර 40 ක් අද...
ලොව වැඩීම කොරෝනා රෝගීන් වාර්තා වු රට වීම ගෞරවයක් - අමෙරිකානු ජනපති
ලොව වැඩීම කොරෝනා රෝගීන් වාර්තා වු රට වීම ගෞරවයක් - අමෙරිකානු ජනපති ලෝකයේ මේ වන විට පවතින කොරෝනා වසංගතය තත්ත්වය හමුවේ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් ඇමෙරිකාවෙන් වාර්තාවීම තම රටට ගෞරවයක් බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි...

Print   Email