ඊශ්‍රායලය සිදුකළ ගුවන් ප්‍රහාරයකින් අල්ජසීරා පුවත් නාලිකාවේ කාර්යාලය විනාශ වෙයි

ඊශ්‍රායලය හා හමාස් සංවිධානය පැවැති යුද්ධය හමුවේ ඊශ්‍රායලය සිදුකළ ගුවන් ප්‍රහාරයකින් අල්ජසීරා පුවත් සේවය පවත්වාගෙන යනු ලබන කාර්යාල ගොඩනැගිල්ල ප්‍රහාරයක් එල්ල කර එය විනාශයට ලක් කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කලේ ගාසා තීරයේ අල් ජසීරා ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය කාර්යාල පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලකට මෙම ප්‍රහාරය සිදුකර තිබෙන බවයි.

ප්‍රහාරයට පෙර මෙම ගොඩනැගිල්ලේ අයිතිකරුට ඊශ්‍රායල් හමුදාවෙන් පැයකට පමණ පෙර ඇමතුමක් ලැබුණු බවත් එහිදී කාර්ය මණ්ඩලයට ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
මෙම විනාශයට පත්වු ගොඩනැගිල්ලේ අල් ජසීරා නාලිකාව මෙන්ම ඇසෝසියේටඩ් ප්‍රෙස් යන දෙකටම තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රහාරයට හේතුව ලෙස වාර්තා වන්නේ එහි යම් සන්නද්ධ කල්ලියක් පුහුණුවන බවට ලැබුණු වාර්තාවක් අනුව බව එම වාර්තාව තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බව ඉඩමේ හිමිකරු මාධ්‍ය වෙත පවසා සිටි.

කෙසේ වෙතත් ඊශ්‍රායලය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම කුළුණ ගාසා තීරය පවත්වාගෙන යන සටන්කාමී ඉස්ලාමීය කන්ඩායම වන හමාස් හි බුද්ධි අංශවලට අයත් “මිලිටරි වත්කම්” ඇති බවය.

 

 

Pin It

සබැඳි පුවත්

ස්පඤ්ඤයේ හි ඇති වු ගංවතුර තත්තවයෙන් ජන ජිවිත අඩලයි
ස්පඤ්ඤයේ හි ඇති වු ගංවතුර තත්තවයෙන් ජන ජිවිත අඩලයි ස්පඤ්ඤයේ හි නැගෙනහිර සහ මධ්‍යම ප්‍රදේශවලට ක්ෂණිකව ගංවතුර ගලා ඒම හේතුවෙන් කාරය පාරට ගසාගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම ප්‍රදේශවල නිවාස රැසකට මේ ...
නවසීලන්තයේදී ISIS ආධාරකරුවෙකුට වෙඩි... ඔහු ශ්‍රී ලංකීකයෙක්
නවසීලන්තයේදී ISIS ආධාරකරුවෙකුට වෙඩි... ඔහු ශ්‍රී ලංකීකයෙක් නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරාසන්න නිව් ලින් හි සුපිරි වෙළඳසැලක අද (03) සිදු වූ පිහි ඇණුමකින් හය දෙනෙකු තුවාල සිදු කළ අයෙකුට පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කර ඇති බව ව...
චීනයේ වැඩ මුරය ‘996’සංස්කෘතිය නියාමනය කිරීමට පියවර ගනී
චීනයේ වැඩ මුරය ‘996’සංස්කෘතිය නියාමනය කිරීමට පියවර ගනී සතියේ දිනවල උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා මිනිසුන් වැඩ කරන ඊනියා "996 වැඩ සංස්කෘතිය ඕනෑම කෙනෙකුට අවශ්‍ය බව චීන තාක්‍ෂණ අධිරාජ්‍යයා වන ජැක් මා පවසයි. විදෙස් මාධ්‍ය...
කාර් සහ ලොරි සඳහා ඊයම් සහිත පෙට්‍රල් භාවිතයෙන් ඉවතට
කාර් සහ ලොරි සඳහා ඊයම් සහිත පෙට්‍රල් භාවිතයෙන් ඉවතට කාර් සහ ලොරි සඳහා ඊයම් සහිත පෙට්‍රල් භාවිතයෙන් ඉවත් කර ඇති බව එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන පවසයි. විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඊයම් සහිත පෙට්‍රල් භාවිතයෙන් විෂ ද...
නයික් සමාගම සිය ප්‍රධාන කාර්යාල කාර්ය මණ්ඩලයට සතියක විවේකයක් ලබා දෙයි
නයික් සමාගම සිය ප්‍රධාන කාර්යාල කාර්ය මණ්ඩලයට සතියක විවේකයක් ලබා දෙයි ඔරිගන්හි නයික් හි ආයතනික මූලස්ථානයේ කාර්ය මණ්ඩලයට සැප්තැම්බර් මාසයේදී සතියක කාලයක් නිවාඩුවක් ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ පසුගිය වසර පුරාම...
චීන ළමයින්ට ඔන්ලයින් සෙල්ලම් පැයයි
චීන ළමයින්ට ඔන්ලයින් සෙල්ලම් පැයයි චීනය ළමයින්ගේ ඔන්ලයින් ක්‍රීඩාව පැයක් දක්වා අඩු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව වයස අවුරුදු 18 ට අඩු ඔන්ලයින් ක්‍රීඩකයින්ට සිකුරාදා, සති අන්...

Print   Email