fbpx

නිර්භයා කෙළෙසුවන් - අවසන් ගමන් යයි!

ඉන්දීය වෛද්‍ය ශිෂ්‍යාවක සමූහ දුෂණය කළ සිද්ධියට අදාළව වරදකරුවන් වු පුද්ගලයින් සිව්දෙනෙකුට ඊයේ (20) මරණ දඬුවම ලබාදීමට එරට රජය කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

එම මාධ්‍ය වාර්තා අනුව අදාළ වරදකරුවන් සිව්දෙනාට දිල්ලි ප‍්‍රාන්තයේ තිහාර් බන්ධනාගාරය තුලදී අද අලූයම 05.30 ට මෙලෙස මරණ දඬුවම ලබාදී ඇත.

ඒ අනුව 2015 වසරෙන් පසුව ඉන්දියාව මරණ දඬුවම කි‍්‍රයාත්මක කළ පළමු අවස්ථාව මෙය වේ.

මෙලෙස මරණ දඬුවම හිමිවූයේ 25, 26, 31 සහ 32 වයස් කාණ්ඩවල පසුවන චූදිතයින් සිව්දෙනෙකුටය. අදාළ දුෂණ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 06 දෙනෙකු වරදකරුවන් කෙරුණු නමුත් ඉන් එක් අයෙකු බන්ධනාගාරය තුලදී මියගියේය. අනෙක් පුද්ගලයා සිද්ධිය වන සමයේදී බාලවයස්කරුවෙකු වූ බැවින් ඔහු වසර 03 ක පරිවාස භාරයකින් පසුව  මුදා හැර තිබේ.

2012 වසරේ දෙසැම්බර් මස 16 වනදා නව දිල්ලි අගනුවර ධාවනය වෙමින් තිබූ බස්රථයක් තුලදී 23 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාවක් වධහිංසා පමුණුවා දුෂණය කිරීම සම්බන්ධව මොවුන්ට චෝදනා එල්ල විය. එම සිද්ධිය ලොව පුරා ආන්දෝලනයක් ඇති කළ අතර අසාධ්‍ය තත්ත්වයේ පසුවූ එම වෛද්‍ය ශිෂ්‍යාව ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවේ රෝහලක් වෙත යොමු කළද පසුවූ ඇය මියගියේය. 

මෙවැනි සිද්ධියකට මුහුණ දුන් පුද්ගලයෙකුගේ අනන්‍යතාව හෙළි කිරීම ඉන්දීය නීතියට පටහැනි වන බැවින් එම වෛද්‍ය ශිෂ්‍යාව ලොව පුරා හැඳින්වුණේ ‘‘නිර්භයා’’ ලෙසිනි. 

Pin It

සබැඳි පුවත්

ඉන්දියාවේ නව ජනාධිපතිනි දෞපදි මුර්මු පත් විය
ඉන්දියාවේ නව ජනාධිපතිනි දෞපදි මුර්මු පත් විය ඉන්දීය ජනපතිවරණයේ ජය භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ද්‍රෞපදී මුර්මුට හිමි වුයේ ඡන්ද 577,777ක් ලබා ගනිමිනි. විපක්ෂ කණ්ඩායම් නියෝජනය කරමින් ඉදිරිපත් වූයේ යෂ්වන්ත් ස...
පිළිකා සඳහා ඖෂධයක් සොයා ගැනේ
පිළිකා සඳහා ඖෂධයක් සොයා ගැනේ පිළිකා රෝගය වෙනුවෙන් නව ඖෂධයක් සඳහා වන මූලික සායනික පරීක්ෂණ ඇමරිකා එක්සත් ජනපදයේ කැපී පෙනෙන ප්‍රතිඵලය ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. Sloan Kette...
පාකිස්ථාන නව අගමැති ෂෙබාස් ෂරිෆ් පත් වෙයි
පාකිස්ථාන නව අගමැති ෂෙබාස් ෂරිෆ් පත් වෙයි පාකිස්ථානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ෂෙබාස් ෂරීෆ් තේරී පත්වු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.   එම වාර්තා සඳහන් කලේ විශ්වාසභංගයකින් හිටපු අගමැති ඉම්රාන් ඛා...
රුසියානු ජනපති යුද්ධයක් නිවේදනය කරයි
රුසියානු ජනපති යුද්ධයක් නිවේදනය කරයි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුක්‍රේනයේ ඩොන්බෑස් කලාපයේ ‘ හමුදා මෙහෙයුමක්’ නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. රුසියානු ජනාධිපතිවරයා මාධ්‍ය අම...
බ්‍රිතාන්‍ය එළිසබෙත් රැජිනට කොරෝනා ආසාදනය වෙයි
බ්‍රිතාන්‍ය එළිසබෙත් රැජිනට කොරෝනා ආසාදනය වෙයි බ්‍රිතාන්‍ය එළිසබෙත් රැජිනට කොරෝනා ආසාදනය වි ඇති බව බකිංහැම් මාලිගය නිල වශයෙන් ප්‍රකාශ කරයි. ඇය මේ වන විට රෝග ලක්ෂන පෙන්නුම් කර ඇති ඇයට දිගටම වෛද්‍ය ප්‍රතිකා...
ජපානයේ නව අගමැති ලෙස ෆූමියෝ කිෂීඩා පත් වෙයි   
ජපානයේ නව අගමැති ලෙස ෆූමියෝ කිෂීඩා පත් වෙයි   ජපානයේ නව අගමැති ලෙස ෆුමියෝ කිෂිඩා නිල වශයෙන් අද (04) වැඩ බාරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ, යෝෂිහයිඩ් සුගාගේ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වු පසුවයි. නව...

Print   Email

Contact Us

TTVnews.lk
TTV Media Hub (pvt) Ltd 
5/34, Sulaiman Terrace, 
Jawatte Road, 
Colombo 05, 
Sri Lanka 
 
Tel: +94 11 2 585833/ 2593 416 
 Fax: +94 11 2 589 334  

Follow Us On Facebook