කොවිඩ් 19 ට මුහුණ දෙන්න - G20 නායකයන් 26 රැස්වෙයි

Pin It

කොවිඩ් 19 වසංගතයට ගත යුුතු ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට විශේෂ G 20 සමුළුවක් කැඳවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වන විට G 20 හී සභාපතිත්වය දරණ සෞදි අරාබිය මෙම විශේෂ සමුළුව සඳහා සත්කාරකත්වය දැක්වීමට නියමිත අතර ඒ අනුව සෞදි රජු වන සල්මාන් මෙම සාකච්ඡාවේ මුලසුන දරනු ඇති අතර සමුළුව පැවැත්වෙන්නේ  හෙට (26) දිනයේය.

කොවිඩ් 19 වසංගතය සහ එහි මානව හා ආර්ථික බලපෑම් කෙරෙහි සම්බන්ධීකරණ ගෝලීය ප්‍රතිචාරයක් දැක්වීම මෙහි මුලික අරමුණ වන අතර G20 සාමාජික රටවලට අමතරව ස්පාඤ්ඤය  ජෝර්දානය, සිංගප්පූරුව සහ ස්විට්සර්ලන්තය ඇතුළු ආරාධිත රටවල නායකයන් කිහිප දෙනෙක් ඊට එක්වන බවත් විදෙස් මාධ්‍ය වාර්තා වල දැක්වෙයි.

තවද එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝක වෙළඳ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධානවල සාමාජිකයින් ද මේ සඳහා එක්වීමට නියමිතය.

Pin It

සබැඳි පුවත්

නොතිබුණු මියෙන්මාරයටත් කොරෝනා !
නොතිබුණු මියෙන්මාරයටත් කොරෝනා ! මියෙන්මාරයෙන්  පළමු වරට නව කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක් හමුවූ බව එරට රජය  ඊයේ (23) නිවේදනය කළේය. එම පුද්ගලයන් දෙදෙනා අමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ ස...
නවසීලන්තය මාසයකට වහයි !
නවසීලන්තය මාසයකට වහයි ! නවසීලන්තය එළැඹෙන  බදාදා රාත්‍රියේ සිට මාසයක කාලයක්  රට වසා දැමීමට එරට  රජය  තිරණය කර තිබේ. ඒ අනුව බදාදා රත්‍රියේ සිට සේවාවලින් බැහැරව මුළ...
බ්‍රිතාන්‍ය අගමැතිට කොරෝනා ආසාදනය වේ
බ්‍රිතාන්‍ය අගමැතිට කොරෝනා ආසාදනය වේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් හට කොරෝනා ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. බී.බී.සී පුවත් සේවය වාර්තා කර සිටින්නේ මේ වන විට ඔහු ඇසුරු කල පු...
චාල්ස් කුමරුටත් කොරෝනා ආසාදනය වේ
චාල්ස් කුමරුටත් කොරෝනා ආසාදනය වේ බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරුට හට කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 71 හැවිරිදි ඔහු බර...
නිර්භයා කෙළෙසුවන් - අවසන් ගමන් යයි!
නිර්භයා කෙළෙසුවන් - අවසන් ගමන් යයි! ඉන්දීය වෛද්‍ය ශිෂ්‍යාවක සමූහ දුෂණය කළ සිද්ධියට අදාළව වරදකරුවන් වු පුද්ගලයින් සිව්දෙනෙකුට ඊයේ (20) මරණ දඬුවම ලබාදීමට එරට රජය කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය ...
කොවිඩ් 19 වෛරසය පොරබදින රටවලට ලෝක බැංකුවෙන් ආධාර
කොවිඩ් 19 වෛරසය පොරබදින රටවලට ලෝක බැංකුවෙන් ආධාර කොවිඩ් 19 වෛරසය පැතිර තිබෙන සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ලෝක බැංකුව ඩොලර් බිලියන 12 ක් ආධාර කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. එය බිදි යන ආර්ථික බල...

Print   Email