fbpx

තාක්ෂණය දියුණු වීමෙන් රැකියා අහිමිවනවා - තරුණ පිරිස් අතර සමික්ෂණයකින් හෙළි වෙයි 

සිංගප්පූරුවේ සිටින තරුනයින්ගෙන් සියයට 53 ක් පමණ තාක්ෂණය දියුණුවීම හේතුවෙන් රැකියාවන් අඩුවන ඇති බව විශ්වාස කරන බව todayonline වාර්තා කරයි. විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ ලෝක ආර්ථික සංසදය (වොර්ල්ඩ් ඒකොනොමික් ෆොරුම්) හා SEA අන්තර්ජාතික  සමාගම විසින් කරන ලද නව සමීක්ෂණයක් මගින් මෙය අනාවරණ කරගෙන ඇති බවයි. සැප්තැම්බර 11 වන දා නිකුත් කරන ලද එම සමීක්ෂණයෙ සොයාගැනීම් අනුව, සිංගප්පූරුවේ තරුණයින් 10 දෙනකුගෙන් තිදෙනෙක් (සියයට 31.2 ක්) පමණක් තාක්ෂනයේ දියුණුව නිසා රැකියා සංඛ්‍යාව වැඩි වේ යයි පිළිගන්නා බව හෙළි වී තිබේ.

ජුලි මස සිදු කරන ලද සමීක්ෂණය, ASEAN රටවල් හයකට  - එනම් ඉන්දුනීසියාව, මැලේසියාව, පිලිපීනය, සිංගප්පූරුව, තායිලන්තය සහ වියට්නාමය -  අයත් තරුණයින්ගේ අදහස්, SEA සමාගමේ  Shopee  ඊ-වාණිජ්ය සේවය හා  Garena ඊ-තරඟ වේදිකාව හා මඟින් විමසන ලදී..

වයස අවුරුදු 35 ට අඩු සහ වයස අවුරුදු 35 ක් වූ තරුණයින් 42,000 දෙනකුගේ ප්‍රතිචාර පදනම් කර ගත් අතර ඒවායින් 2,000 ක් පමණ සිංගප්පූරුව සිටින අය බව වාර්තා වේ. සිංගප්පූරු තරුණයින්ගෙන් සියයට 53 ක් පමණ - සමීක්ෂණයට ලක්වූවන් අතර විශාලතම කොටස - තාක්ෂණය වැඩිවීමත් සමඟ පවතින රැකියා සංඛ්‍යාව අඩු වන බව විශ්වාස කරති. ඔවුන්ගෙන් සියයට 47.4 පමණක්, තාක්ෂණය උපයෝගී කරගනිමින් තම උපයෝජන බලය වැඩි වන බව පවසයි. 
 
සමස්තයක් වශයෙන්, සමීක්ෂණය පවත්වන ලද සියලුම රටවල් වල තරුණයන්ගෙන් සියයට 51.7 ක් තාක්‍ෂණික ක්‍රම මගින් රැකියා සම්භාරය පුළුල් කරනු ඇතැයි විශ්වාස කරන අතර, සියයට 67.1 ක්,  තාක්‍ෂණය මගින් ඔවුන්ගේ ආදායම් ඉහල නැංවෙනු ඇතායි විශ්වාස කරන බව   SEA අන්තර්ජාතික  සමාගම විසින් කරන ලද නව සමීක්ෂණයක් මගින් හෙලි වී ඇත. 
 
Pin It

සබැඳි පුවත්

ජපානයේ අගමැති ධූරය දැරූ ෂිංසෝ අබේගේ රාජ්‍ය අවමංගල්‍යය උත්සවය අදයි
ජපානයේ අගමැති ධූරය දැරූ ෂිංසෝ අබේගේ රාජ්‍ය අවමංගල්‍යය උත්සවය අදයි ජාපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂිංසෝ අබේ මහතාගේ අවසන් කටයුතු අද (27) පස්වරුවේ රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වීමට සියළු කටයූතු සුදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසු...
දෙවැනි එළිසබෙත් මහ රැජිණ අභවප්‍රාප්ත වෙයි
දෙවැනි එළිසබෙත් මහ රැජිණ අභවප්‍රාප්ත වෙයි බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිණ ඊයේ (08) අභවප්‍රාප්ත විය. ඇය 96 හැවිරිදි වියේ පසුවිය. වසර 70කට අධික කාලයක් මහ රැජිණ කිරුළ දැරුවේය. ස්කොට්ලන්තයේ බැල්ම...
ඉන්දියාවේ නව ජනාධිපතිනි දෞපදි මුර්මු පත් විය
ඉන්දියාවේ නව ජනාධිපතිනි දෞපදි මුර්මු පත් විය ඉන්දීය ජනපතිවරණයේ ජය භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ද්‍රෞපදී මුර්මුට හිමි වුයේ ඡන්ද 577,777ක් ලබා ගනිමිනි. විපක්ෂ කණ්ඩායම් නියෝජනය කරමින් ඉදිරිපත් වූයේ යෂ්වන්ත් ස...
පිළිකා සඳහා ඖෂධයක් සොයා ගැනේ
පිළිකා සඳහා ඖෂධයක් සොයා ගැනේ පිළිකා රෝගය වෙනුවෙන් නව ඖෂධයක් සඳහා වන මූලික සායනික පරීක්ෂණ ඇමරිකා එක්සත් ජනපදයේ කැපී පෙනෙන ප්‍රතිඵලය ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. Sloan Kette...
පාකිස්ථාන නව අගමැති ෂෙබාස් ෂරිෆ් පත් වෙයි
පාකිස්ථාන නව අගමැති ෂෙබාස් ෂරිෆ් පත් වෙයි පාකිස්ථානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ෂෙබාස් ෂරීෆ් තේරී පත්වු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.   එම වාර්තා සඳහන් කලේ විශ්වාසභංගයකින් හිටපු අගමැති ඉම්රාන් ඛා...
රුසියානු ජනපති යුද්ධයක් නිවේදනය කරයි
රුසියානු ජනපති යුද්ධයක් නිවේදනය කරයි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුක්‍රේනයේ ඩොන්බෑස් කලාපයේ ‘ හමුදා මෙහෙයුමක්’ නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. රුසියානු ජනාධිපතිවරයා මාධ්‍ය අම...

Print   Email

Contact Us

TTVnews.lk
TTV Media Hub (pvt) Ltd 
5/34, Sulaiman Terrace, 
Jawatte Road, 
Colombo 05, 
Sri Lanka 
 
Tel: +94 11 2 585833/ 2593 416 
 Fax: +94 11 2 589 334  

Follow Us On Facebook