fbpx

කිර්තිව පැය 3360 ක් රවටලා

බැඳුම්කර වාර්තාවේ ඇමුණුම් ලබා නොදී ජනාධිපති ලේකම්වරයා සහ කථානායකවරයා විසින් තමන්ව පැය 3360 ක් රවටා ඇති බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.


මේ බව සඳහන් කරමින් ඒ මහතා විසින් අද (7) කථානායකවරයා වෙත ලිපියක් යොමු කළේය.

එම ලිපිය පහත පරිදි වේ.

 

2018 ජුනි 7

ගරු කථානායකතුමා,

කරු ජයසූරිය මැතිතුමා,

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.

 

ගරු කථානායකතුමනි,

බැදුම්කර වාර්තාවේ ඇමුණුම් ලබා ගැනීම සම්බන්ධයෙනි

2018 ජනවාරි 18 දින සිට මේ දක්වා දින 140 ක් උක්ත ලේඛන මා වෙත ලබා දෙන ලෙස ඔබතුමා වෙත ද, ජනාධිපති ලේකම්වරයා වෙත ද, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව සහ වෙනත් ආයතන වෙත ද ඉල්ලීම් කොට ඇත. බැදුම්කර මුදල් ලබා දුන් පුද්ගලයින් සම්බන්ධයෙන් කරුණු විමසා අර්ජුන ඇලෝසියස් හා කසුන් පළිසේන මහත්වරුන් වෙත ලිපි යොමු කළ බව ඔබතුමන් හොදින්ම දනී.

මෙම ලේඛන මා වෙත ලබා දෙන බවට ඔබතුමන් ද, ජනාධිපති ලේකම්වරයා ද ලිඛිතව හා වාචිකව මා වෙත කරුණු දක්වා ඇත. නමුත්, අද දක්වාම මේ ලේඛන මා වෙත ලැබී නැත. අවම වශයෙන් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමක් හෝ පුස්තකාලයට ලබාදීමක් ද නැත.

බැදුම්කර වාර්තාව සන්තකයේ තබා ගෙන සිටි ජනාධිපති ලේකම්වරයා ද, එහි ඇමුණුම් කොටසක් සන්තකයේ තබා ගෙන සිටින ඔබතුමන් ද පැය 3360 ක් පුරා කළ මාගේ ඉල්ලීම යථාර්ථයක් කර නැත.

මා විසින් නැවත නැවත ඉල්ලා සිටින සී 350 ලේඛනය දැන් ඔබතුමන් සන්තකයේ ඇත. එම ලේඛනයට පාදක වූ ‘දත්ත ගොනුව‘ ද බැදුම්කර කොමිෂන් සභාව හා ජනාධිපති ලේකම්වරයා සතුව ඇති බව ඔබට මේ වන විට පැහැදිලිවී ඇති බව මාගේ විශ්වාසය යි.

1. කරුණාකාර විනාඩි 201,600 ක් පුරා මා විසින් ඉල්ලා සිටින සී 350 වාර්තාවේ පිටපත මා වෙත ලබා දෙන ලෙස ඉල්ලමි.

2. අදාළ වාර්තාවට පදනම් වූ දත්ත ගොනුව (Data Base) ද බැදුම්කර කොමිෂන් සභාව, රහස් පොලීසිය, ජනාධිපති ලේකම්වරයා සතුව පවතී. එම දත්ත ගොනුව අප වෙත ලබා දෙන ලෙස ද ඉල්ලමි.

ගරු කථානායකතුමනි,

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 ක ගෞරවය ආරක්ෂා කිරීමේ වගකීම ඔබ සතුව පවතී. ඒ සදහා එකම මාර්ගය බැදුම්කර වංචාවේ ප්‍ර‍තිලාභීන් සාක්ෂි සහිතව අනාවරණය කිරීම ය. එම සාක්ෂි වසන් කිරීම තුළින් තවදුරටත් පීඩාවට පත්වන්නේ මෙම ක්‍රියාවට කිසි ලෙසකින් හෝ සම්බන්ධ නොවූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ය.

එබැවින්, මා නැවතත් ඉල්ලා සිටින්නේ මා විසින් ඉල්ලා සිටි බැදුම්කර වාර්තාවේ සම්පූර්ණ ඇමුණුම් මා වෙත ලබා දෙන ලෙසය.

මෙයට විශ්වාසී,

කීර්ති තෙන්නකෝන්

විධායක අධ්‍යක්ෂ/කැෆේ සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය

 

පිටපත්

1. ගරු විපක්ෂ නායකතුමා - ගරු ආර්. සම්බන්ධන් මහතා

2. ගරු සභානායකතුමා - ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා

3. ගරු අනුර කුමාර දිසානායක මහතා

4. ගරු දිනේෂ් ගුණවර්ධන මහතා

5. ජනාධිපති ලේකම්තුමා - ඔස්ටින් ප්‍ර‍නාන්දු මහතා

 

Pin It

සබැඳි පුවත්

ඉන්දියාවේ නව ජනාධිපතිනි දෞපදි මුර්මු පත් විය
ඉන්දියාවේ නව ජනාධිපතිනි දෞපදි මුර්මු පත් විය ඉන්දීය ජනපතිවරණයේ ජය භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ද්‍රෞපදී මුර්මුට හිමි වුයේ ඡන්ද 577,777ක් ලබා ගනිමිනි. විපක්ෂ කණ්ඩායම් නියෝජනය කරමින් ඉදිරිපත් වූයේ යෂ්වන්ත් ස...
පිළිකා සඳහා ඖෂධයක් සොයා ගැනේ
පිළිකා සඳහා ඖෂධයක් සොයා ගැනේ පිළිකා රෝගය වෙනුවෙන් නව ඖෂධයක් සඳහා වන මූලික සායනික පරීක්ෂණ ඇමරිකා එක්සත් ජනපදයේ කැපී පෙනෙන ප්‍රතිඵලය ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. Sloan Kette...
පාකිස්ථාන නව අගමැති ෂෙබාස් ෂරිෆ් පත් වෙයි
පාකිස්ථාන නව අගමැති ෂෙබාස් ෂරිෆ් පත් වෙයි පාකිස්ථානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ෂෙබාස් ෂරීෆ් තේරී පත්වු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.   එම වාර්තා සඳහන් කලේ විශ්වාසභංගයකින් හිටපු අගමැති ඉම්රාන් ඛා...
රුසියානු ජනපති යුද්ධයක් නිවේදනය කරයි
රුසියානු ජනපති යුද්ධයක් නිවේදනය කරයි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුක්‍රේනයේ ඩොන්බෑස් කලාපයේ ‘ හමුදා මෙහෙයුමක්’ නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. රුසියානු ජනාධිපතිවරයා මාධ්‍ය අම...
බ්‍රිතාන්‍ය එළිසබෙත් රැජිනට කොරෝනා ආසාදනය වෙයි
බ්‍රිතාන්‍ය එළිසබෙත් රැජිනට කොරෝනා ආසාදනය වෙයි බ්‍රිතාන්‍ය එළිසබෙත් රැජිනට කොරෝනා ආසාදනය වි ඇති බව බකිංහැම් මාලිගය නිල වශයෙන් ප්‍රකාශ කරයි. ඇය මේ වන විට රෝග ලක්ෂන පෙන්නුම් කර ඇති ඇයට දිගටම වෛද්‍ය ප්‍රතිකා...
ජපානයේ නව අගමැති ලෙස ෆූමියෝ කිෂීඩා පත් වෙයි   
ජපානයේ නව අගමැති ලෙස ෆූමියෝ කිෂීඩා පත් වෙයි   ජපානයේ නව අගමැති ලෙස ෆුමියෝ කිෂිඩා නිල වශයෙන් අද (04) වැඩ බාරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ, යෝෂිහයිඩ් සුගාගේ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වු පසුවයි. නව...

Print   Email

Contact Us

TTVnews.lk
TTV Media Hub (pvt) Ltd 
5/34, Sulaiman Terrace, 
Jawatte Road, 
Colombo 05, 
Sri Lanka 
 
Tel: +94 11 2 585833/ 2593 416 
 Fax: +94 11 2 589 334  

Follow Us On Facebook