අතරමං වූ සූවස් බහාලුම් නෞකාව නිදහස්

දින 07 ක කාලයක් සූවස් ඇළ මාර්ගයේ සිරවී තිබූ MV EVER GIVEN නම් දැවැන්ත බහාලුම් ප්‍රවාහන නෞකාව මුදා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම නෞකාව දිගින් අඩි 1,312ක් වන අතර පළල අඩි 175ක් වේ.

මුදා ගැනීමේ කණ්ඩායම් ප්‍රකාශ ඇත්තේ තවත් පැයක පමණ කාලයකින් පසු නෞකාව නියමිත ගමන් මාර්ගයට යොමු කර ගත හැකි වනු ඇති බවයි.

හදිසි අවස්ථා ගලවා ගැනීමේ ටග් යාත්‍රා 12ක් සහ වැලි ඉවත් කිරීමට යොදාගත් යන්ත්‍රෝපකරණ 08ක් එක්ව පුරා පැය 156ක් සිදුකළ මෙම මෙහෙයුමේ සාර්ථක ප්‍රතිඵල නෙලාගන්නට මෙහෙයුම් කණ්ඩායමට අද අලුයම හැකි වු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ, ලොව කාර්ය බහුලතම නෞකා ගමන් මාර්ගයක් වන සූවස් ඇළ හරහා මෙම අවහිරතාවය සිදු වීම නිසා ඇළ දෙපස වෙනත් නැව් 200 කට අධික ප්‍රමාණයක විශාල තදබදයක් ඇති වී තිබූ බවයි.
ඊජිප්තුව හරහා දිවෙන සූවස් ඇළ ලොව වඩාත් කාර්යබහුල වෙළඳ මාර්ගවලින් එකකි.

 

 

Pin It

සබැඳි පුවත්

ආහාර හිඟයක් ඇති බවත් එයට ජනතාවට සුදානම් වන්නැයි උතුරු කොරියානු නායක කිම් ජොන් කියයි
ආහාර හිඟයක් ඇති බවත් එයට ජනතාවට සුදානම් වන්නැයි උතුරු කොරියානු නායක කිම් ජොන් කියයි දැඩි ආහාර හිඟයකට හා ආර්ථික අස්ථාවරත්වයකට මුහුණ දීමට සිදුවන බව මානව හිමිකම් කණ්ඩායම් අනතුරු ඇඟවීමත් සමඟ “දුෂ්කර” අර්බුදයකට සූදානම් වන ලෙස උතුරු කොරියානු නායක කිම...
මියන්මාරයේ හමුදා පාලනයට එරෙහි සටනින් හත් හැවිදිරි දරුවෙකු මරුට
මියන්මාරයේ හමුදා පාලනයට එරෙහි සටනින් හත් හැවිදිරි දරුවෙකු මරුට මියන්මාරයේදී හත් හැවිරිදි දැරියක් වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම මාධ්‍ය වාර්තා සඳහන් කර සිටියේ මැන්ඩලේ නගරයේ පිහිටි ඔවුන්ගේ නිවස...
මියන්මාර යෙහි පාලනය බලය හමුදාව අතට
මියන්මාර යෙහි පාලනය බලය හමුදාව අතට මියන්මාර නායිකා අවුන් සාන් සුචී ඇතුළු පාලක පක්ෂයේ ඉහළ නිලධාරීන් පිරිසක් එරට හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම අත්අඩංගුවෙ...
ඉතාලි අගමැති ඉල්ලා අස්වෙයි
ඉතාලි අගමැති ඉල්ලා අස්වෙයි ඉතාලි අග්‍රාමාත්‍ය ගුසෙප්පේ කොන්ටේ සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ එරට කොරෝනා ආසාදිතයින් පාලනය කිරීම...
බයිඩ්න්ගේ ජය කොංග්‍රසය තහවුරු කරයි
බයිඩ්න්ගේ ජය කොංග්‍රසය තහවුරු කරයි අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩ්න්ගේ ජය අමෙරිකානු කොංග්‍රසය විසින් අද (07) තහවුරු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ ඡන්ද විද්‍යාල මැතිවරණ ප්‍රතිඵලය සම...
ස්කොට්ලන්තයේ විභාග කිහිපයක් අවලංගු කෙරේ
ස්කොට්ලන්තයේ විභාග කිහිපයක් අවලංගු කෙරේ ස්කෝට්ලන්තයේ ලබන වසරේ පැවැත්වීමට නියමිතව තිබු උසස් පෙළ විභාග අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අධ්‍යාපන ලේකම් ජෝන් ස්වින්නි මහතා පැවසුවේ මෙම ත...

Print   Email