fbpx

කාර්වලට බද්දක් අය කරයි - ඇමෙරිකා ජනපති 

යුරෝපයෙන් ගෙන්වන සියළුම මෝටර් රථ සඳහා සියයට 25ක බද්දක් පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ට්‍රම්ප් ජනාධිපතිවරයා කියා සිටියේ අදාළ ආනයනික බද්ද ක්‍රියාත්මක වුවහොත් මෝටර් රථයක මිල අමෙරිකානු ඩොලර් 1,400ත් 7,000ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බවයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ බටහිර වර්ජිනියාහි පැවති මැතිවරණ ප්‍රචාරණ රැළියක් අමතමින්. එසේම සුඛෝපභෝගී මෝටර් රථවල මිල ඩොලර් 45,000 ඉක්මවනු ඇති බව හෙතෙම කියා සිටියේය.

කෙසේ වුවද, සම්බාධක ක්‍රියාත්මක වන්නේ කෙදිනක සිට ද යන්න නිශ්චිතව ප්‍රකාශ කර නැහැ. ඉකුත් වසරේ පමණක් අමෙරිකාව විදේශ රටවලින් ඩොලර් බිලියන 200ක මෝටර් රථ ආනයනය කර තිබෙනවා. ආර්ථිකය පිළිබඳ පීටර්සන් අන්තර් ජාතික ආයතනය පවසන ආකාරයට මෝටර් රථ ආනයන නව බද්ද නිසා අමෙරිකාවේ එක්ලක්ෂ අනූපන්දහසකට රැකියා අහිමිවන බව, විදේශ මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

Pin It

සබැඳි පුවත්

ජපානයේ අගමැති ධූරය දැරූ ෂිංසෝ අබේගේ රාජ්‍ය අවමංගල්‍යය උත්සවය අදයි
ජපානයේ අගමැති ධූරය දැරූ ෂිංසෝ අබේගේ රාජ්‍ය අවමංගල්‍යය උත්සවය අදයි ජාපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂිංසෝ අබේ මහතාගේ අවසන් කටයුතු අද (27) පස්වරුවේ රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වීමට සියළු කටයූතු සුදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසු...
දෙවැනි එළිසබෙත් මහ රැජිණ අභවප්‍රාප්ත වෙයි
දෙවැනි එළිසබෙත් මහ රැජිණ අභවප්‍රාප්ත වෙයි බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිණ ඊයේ (08) අභවප්‍රාප්ත විය. ඇය 96 හැවිරිදි වියේ පසුවිය. වසර 70කට අධික කාලයක් මහ රැජිණ කිරුළ දැරුවේය. ස්කොට්ලන්තයේ බැල්ම...
ඉන්දියාවේ නව ජනාධිපතිනි දෞපදි මුර්මු පත් විය
ඉන්දියාවේ නව ජනාධිපතිනි දෞපදි මුර්මු පත් විය ඉන්දීය ජනපතිවරණයේ ජය භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ද්‍රෞපදී මුර්මුට හිමි වුයේ ඡන්ද 577,777ක් ලබා ගනිමිනි. විපක්ෂ කණ්ඩායම් නියෝජනය කරමින් ඉදිරිපත් වූයේ යෂ්වන්ත් ස...
පිළිකා සඳහා ඖෂධයක් සොයා ගැනේ
පිළිකා සඳහා ඖෂධයක් සොයා ගැනේ පිළිකා රෝගය වෙනුවෙන් නව ඖෂධයක් සඳහා වන මූලික සායනික පරීක්ෂණ ඇමරිකා එක්සත් ජනපදයේ කැපී පෙනෙන ප්‍රතිඵලය ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. Sloan Kette...
පාකිස්ථාන නව අගමැති ෂෙබාස් ෂරිෆ් පත් වෙයි
පාකිස්ථාන නව අගමැති ෂෙබාස් ෂරිෆ් පත් වෙයි පාකිස්ථානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ෂෙබාස් ෂරීෆ් තේරී පත්වු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.   එම වාර්තා සඳහන් කලේ විශ්වාසභංගයකින් හිටපු අගමැති ඉම්රාන් ඛා...
රුසියානු ජනපති යුද්ධයක් නිවේදනය කරයි
රුසියානු ජනපති යුද්ධයක් නිවේදනය කරයි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුක්‍රේනයේ ඩොන්බෑස් කලාපයේ ‘ හමුදා මෙහෙයුමක්’ නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. රුසියානු ජනාධිපතිවරයා මාධ්‍ය අම...

Print   Email

Contact Us

TTVnews.lk
TTV Media Hub (pvt) Ltd 
5/34, Sulaiman Terrace, 
Jawatte Road, 
Colombo 05, 
Sri Lanka 
 
Tel: +94 11 2 585833/ 2593 416 
 Fax: +94 11 2 589 334  

Follow Us On Facebook