ඉන්දුනීසියාවේ සුලවේසි දිවයිනට බලපෑ සුනාමියෙන් පුද්ගලයින් 50 කට ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පාළු නම් වූ ප්‍රදේශය හරහා මීටර් 2ක් පමණ උසැති සුනාමි රළ පහර පැතිරී ඇති අතර, එමගින් ගොඩනැගිලි රැසකට ද හානි සිදුව තිබෙන බවයි.
හිටපු ක්‍රිකට් ක්‍රිඩක ඉම්රාන් ඛාන් පාකිස්ථානයේ 22 වන අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පාකිස්ථානයේ ඊයේ පැවති ජාතික රැස්වීමේදී පැවැත්වූ ඡන්දයකින් අනතුරුව ඉම්රාන් ඛාන්ට අගමැති ධූරය සඳහා 176 දෙනෙකුගේ සහය ලැබිණි.
ඉරානය විසින් ජනතාවට හානි සිදු කරන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. අමෙරිකානු ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සැසිවාරය අමතමින් ඉරානයේ ක්‍රියා කලාපය දැඩි විවේචනයට ලක්කර තිබේ.
කේරල, කර්නාටක මෙන්ම තමිල්නාඩුවේ ජනතාව වසර ගණනාවකට පසු කාවේරි ගඟ ගලනවා දැක ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. පසුගිය දිනවල ඇති වු දැඩි වර්ෂාව හේතුවෙන් කාවේරි ගඟ මේ වන විට පිටාර ගැලීම් සිදු වු ඇති අතර මෙය තමිල්නාඩු ජනතාවගේ දැඩි ආකාර්ශය ලක් වු අවස්ථාව මෙය වේ.
ජෝර්ජියාවේ සංචාරය කරන්නන් වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට එරට ජාතික සංචාරක සංවර්ධන ආයතනය විසින් ආරම්භ කර තිබේ. ඒ, ජෝර්ජියාවේ සංචාරය සඳහා පැමිණෙන්න එම රට පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ තබන අදහස් රැස් කරමින් කෘත්‍රිම බුද්ධිය යටතේ ඔවුන්ට මඟ පෙන්වීමේ ක්ර මවේදයක් සකස් කරමින්.
සූර්යයාගේ වායුගෝලය තුළ ඇති තාරකාවක් ගවේෂණය කිරීමේ පලමු මෙහෙයුම නාසා ආයතනය මගින් සිදු කර තිබේ. නාසා ආයතනය සඳහන් කර ඇත්තේ ප්‍රොරිඩා එක්සත් ජනපදයේ සිට මෙය ගුවන් ගත කිරීමට කටයුතු කරන බවයි.
යුරෝපයෙන් ගෙන්වන සියළුම මෝටර් රථ සඳහා සියයට 25ක බද්දක් පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ට්‍රම්ප් ජනාධිපතිවරයා කියා සිටියේ අදාළ ආනයනික බද්ද ක්‍රියාත්මක වුවහොත් මෝටර් රථයක මිල අමෙරිකානු ඩොලර් 1,400ත් 7,000ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බවයි.
සිය විශ්ව විද්‍යාලයට ඇතුල්වීම සඳහා පෙනී සිටිය යුතු ප්‍රවේශ විභාගයේ ලකුණු වසර ගණනක් පුරාවට වෙනස් කිරීම සම්බන්ධයෙන් ජපානයේ ප්‍රමුඛතම වෛද්‍ය විද්‍යාලයක් සමාව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.