fbpx

LTTEයට අරමුදල් රැස්කළ දොළොස්දෙනෙකු ට ස්විස් අධිකරණයකින් නිදහස...

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) ට අරමුදල් රැස්කළ බවට චෝදනා නගමින් ස්විට්සර්ලන්ත අදීකරණය හමුවට පමුණුවා සිටි දොළොස් දෙනෙක්ගෙන් යුතු පිරිසක් නිදහස් කිරීමට ස්විට්සර්ලන්ත අධිකරණයක් විසින් පියවර ගෙන තිබේ.

අමෙරිකාවට ගිය මෝදී නව ආරක්ෂක ගිවිසුම්වලට අත්සන් තබයි

නිව්යෝර්ක් නුවර පැවැත්වෙන ජගත් සංවිධාන මහ මණ්ඩල සැසිවාරයට සහභාගී විම සඳහා එහි ගිය ඉන්දිය අග්‍රාමාත්‍ය මෝදි , අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් හමුවි ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කිසිවෙකු නීතියට ඉහළින් නැති බව ට්‍රම්ප්ට අධිකරණයෙන් කියයි

අමෙරිකාවේ පසුගිය ජනාධිපතිවරණයේදී රුසියාව විසින් සිදු කරනු ලබන බව යැයි කියන බාධාකිරිම් සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කල කමිටුවෙ සාක්ෂි ලබා දීමට සහ එහි විමර්ශනයට ධවල මන්දිරයේ හිටපු නීතිඥ ඩොන් මැක්ගාන්ට කැඳවීමක් සිදු කර තිබේ.

රොබට් මුගාබේ මිය යයි

සිම්බාබ්වේ පළමු නායකයා වූ රොබර්ට් මුගාබේ මිය ගොස් තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ මිය යන විට ඔහුගේ වයස අවුරුදු 95 ක් බවයි. මුගාබේ මහතා අප්‍රේල් මාසයේ සිට සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මිය ගිය බව ඔහුගේ ඥාතීන් මාධ්‍ය වෙත පවසා තිබේ.

බ්‍රිතාන්‍ය හදිසි මහමැතිවරණය දෙසැම්බර් 12 වනදා

බ්‍රිතාන්‍ය මහමැතිවරන දෙසැම්බර් 12 වනදා පැවැත්වීමට එරට පාර්ලිමේන්තුව තීරණය කර ඇත. ඒ, කඩිනමින් මහා මැතිවරණයක් කැඳවීම සදහා වූ යෝජනාවකට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ බහුතර අනුමැතිය හිමිවිමත් සමඟය.

ඉන්දිය හිටපු විදේශ ඇමැති සුෂ්මා අභාවප්‍රාප්ත වෙයි

ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනි සුෂ්මා ස්වරාජ් මහත්මිය ඊයේ (06) හදිසියේ අභාවප්‍රාප්ත වී තිබෙන බව ඉන්දිය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.  මිය යන විට ඇය 67 වන වියේ පසුවූ අතර හෘදයාබාධයක් වැළඳීම හේතුවෙන් දිල්ලියේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය බව ඉන්දිය මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

අයි.එස්. නායක අබු බකර් මිය ගිය බව අමෙරිකා ජනපති තහවුරු කරයි

අයි.එස්. සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩෑඩි මියගිය බව අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා තහවුරු කරමින් නිවේදනය කරයි.

හොංකොං විරෝධතාකරුවන්ට චීනයෙන් අනතුරු ඇඟවීමක්

කලහකාරී ලෙස හැසිරෙන හොංකොං විරෝධතාකරුවන්ට චීනය අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කලහකාරි සහ ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවලින් ඉවත්වන ලෙසයි චීන බලධාරින් දැනුම්දී තිබේ.

ජපානයට සුළි කුණාටුවක් - ලක්ෂ 6 ආරක්ෂිත ස්ථානවලට

ජපානයට බලපෑ හගිබිස් සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් හය ලක්ෂකයට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 700ක පමණ ධාරානිපාත වැසි ඇති විය හැකි බව කාලගුණ බලධාරීන් සඳහන් කර තිබේ.

G20 සමුළුවට සහභාගීවීමට ඉන්දිය අගමැති මෝදි ජපානයට

G20 සමුළුවට සහභාගීවිම සඳහා ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජපානයට ගොස් ඇත. ජපානයේ සිටින ඉන්දියානු ප්‍රජාවේ සාමාජිකයන් විසින් අග්‍රාමාත මෝදිව උණුසුම් පිළිගැනීම් කර තිබේ.

Contact Us

TTVnews.lk
TTV Media Hub (pvt) Ltd 
5/34, Sulaiman Terrace, 
Jawatte Road, 
Colombo 05, 
Sri Lanka 
 
Tel: +94 11 2 585833/ 2593 416 
 Fax: +94 11 2 589 334  

Follow Us On Facebook