fbpx

මෝදීට විශිෂ්ඨ ජයක්

ඉන්දීය මහ මැතිවරණයේ ප‍්‍රතිඵලවලට අනුව අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ (BJP)භාරතීය ජනතා පක්ෂය ප‍්‍රමුඛ සන්ධානයට විශිෂ්ට ජයක් හිමි කරගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි. 

සමාජ මාධ්‍ය ගැන ඕස්ට්‍රේලියාවේ දැඩි නීති

සමාජ ජාලා මාධ්‍ය මඟින් සිදුවන හිංසාකාරි ක‍්‍රියා වැළැක්වීම සඳහා වැඩසටහන් ක‍්‍රියාත්මක කරන බව ඕස්ට්‍රේලියානු ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

හැරී සහ මේඝන් යුවල සිය කුළුඳුල් දරුවා මහජනයාට ප්‍රදර්ශනයට

හැරී සහ මේඝන් යුවල සිය කුළුඳුල් පිරිමි දරුවෙකු ප්‍රසූත කරයි. මව හා දරුවා ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව රජ පවුල නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊයේ දින (08) හැරී සහ මේඝන් යුවල සිය කුළුඳුල් දරුවා අද (08) මහජනයාට ප්‍රදර්ශනය සඳහා යොමු කළේය.

වෙනිසියුලාවේ විපක්ෂ නායකට වසර 15 ක තහනමක්

වෙනිසියුලා විපක්ෂ නායක ජුවාන් ගුවයිිඩෝට හට රජයේ කටයුතු වසර 15 ක තහනමක් පනවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. එම වාර්තා සඳහන් කළේ නීතිය මගින් ලබාදෙන උපරිම සීමාව අනුව ඔහුට කටයුතු කළ හැකි බවයි රාජ්‍ය මූල්‍ය පාලකවරයා නිවේදනය කර ඇති බවයි.

ජපානයේ නව අධිරාජයා ලෙස නරුහිතෝ කුමරු පත් වෙයි

නරුහිතෝ කුමරු , ජපානයේ නව අධිරාජයා ලෙස නිල වශයෙන් වැඩ භාරගැනීම ඊයේ (01) සිදු වු බව විදෙස් මාධ්‍ය පවසයි. ඒ වෙනුවෙන් සාම්ප්‍රදායික උත්සවයක් පවත්වා ඇති අතර නව අධිරාජ්‍යයා පත්වීම පිළිබද ජපාන ජනතාව ප්‍රීති උත්සව පැවැත් වු බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියේය.

එයාර් බස් වර්ගයේ ගුවන් යානා තුන්සීයක් මිලට ගන්න චීනය එකඟ වෙයි

එයාර් බස් වර්ගයේ ගුවන් යානා තුන්සීයකට ආසන්න සංඛ්‍යාවක් මිලදී ගැනීමට චීනය එකගවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් මාධ්‍ය සඳහන් කළේ එම ගිවිසුමට අනුව මෙම ගුවන් යානා වල ඇස්තමේන්තු වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 10කට අධික බවයි.

වෙඩි නොවදින වාහනය, කාදිනල් හිමිපාණනෝ ප්‍රතික්ෂේප කරති

තමන්ගේ ආරක්ෂාව වටා රටේ ජනතාවගේ ආරක්ෂාව වැදගත් බවත් වෙඩි නොවදින ආරක්ෂිත තමන්ට ගමන් කිරීමට ලබාදුන් රථය වෙඩි නොවදින එකක් බව දැන ගැනීමෙන් පසුව එය ප්‍රතික්ෂේප කළ බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

  අනතුරට පත් ඉතියෝපියා ගුවන් යානයේ ගමන් ගත් සියළු දෙනා මිය ගොස්

 

පසුගියදා අනතුරට පත් ඉතියෝපියා ගුවන් යානයේ සිටි සියලුදෙනා මියගොස් ඇති බවට එරට රජය නිල වශයෙන් ප‍්‍රකාශ කර තිබේත. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර සිටියේ අඩිස්අබාබා ගුවන් තොටුපලේ සිට කෙන්යාවේ නයිරෝබි බලා ගමන් ආරම්භ කළ එම යානයේ මඟීන් 149 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 08 දෙනෙකු ගමන් කරමින් සිටි බවයි.

යුද්ධයට යන්න එපා - පාප් වහන්සේ දකුණු සුඩාන නායකයන්ගේ දෙපතුල් සිප ගනිමින් ඉල්ලයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ දකුණු සුඩානයෙන් සිවිල් යුද්ධයකට නොයන ලෙස ඉල්ලීමක් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම ඉල්ලීම දකුණු සුඩාන නායකයන්ගේ දෙපතුල් සිප ගනිමින් සිදුකර තිබුණි.

නිර්මාණ ළදරුවන් බිහිකරන්න ඇමෙරිකාවෙන් සුදානමක්

උත්තර මානවවාදීන් දෙදෙනෙකු විසින්, මනුෂ්‍ය ශෛල සංහති පරිවර්තනය කිරීම වස්, ජාන ඉන්ජිනීරු විද්‍යාවත්, "නිර්මාණ ළදරු" බිහිකිරීමත්, සඳහා ආරම්භක සමාගමක් දියත් කර ඇති බව ඇමරිකාවේ ඇම් අයි ටී ටෙක්නොලජි රිවියු සඟරාව වාර්තා කරයි.

Contact Us

TTVnews.lk
TTV Media Hub (pvt) Ltd 
5/34, Sulaiman Terrace, 
Jawatte Road, 
Colombo 05, 
Sri Lanka 
 
Tel: +94 11 2 585833/ 2593 416 
 Fax: +94 11 2 589 334  

Follow Us On Facebook