20 වෙනි සංශෝධනයෙන් ජනපතිට විශේෂ බලයක් හිමිවන්නේ නැහැ - රාජ්‍ය ඇමැති ලාන්සා කියයි

20 වෙනි සංශෝධනයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විශේෂ බලයක් නොලැබෙන බවත් පෙර සිටි ජනාධිපතිවරුන්ටත් වඩා අඩු බලයක් මෙයින් ලැබෙන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (17) දින නුවරඑළිය දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා, “ හිටපු ජනාධිපතිවරුන් වන ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, ඩී.බී.විජේතුංග, චන්ද්‍රකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන යන අයට වඩා අඩු බලයක් තමයි 20 වෙනි සංශෝධනයෙන් ලැබෙන්නෙ. ඒ කියනනේ 19 ට පෙර තිබූ තත්ත්වයමයි. අමුතු බලයක් ලැබෙන්නෙ නැහැ. 19 අහෝසි කරන්න 69 ලක්ෂයක් ජනතාව ජනාධිපතිතුමාට ජන්දය දීලා තියෙනවා. අපි දැක්කනෙ 19 හින්දා එක පැත්තකින් ආර්ථිකය විනාශ වුනා. තව පැත්තකින් රටේ ආරක්ෂාව පිරිහුණා. මහබැංකුව මංකොල්ල කෑවා. අපිට ඕනේ එහෙම ව්‍යවථාවක් නෙමේ. 19 වෙනි සංශෝධනය වෙනස් කරනවා කියලා අපි ජනතාවට පැහැදිලිව කීවා. ජනාධිපතිවරණයේදීත් ජනතාව අනුමැතිය දුන්නා. පාර්ලිමේන්තු මැතිවරණයේදීත් ජනතාව තුනෙන් දෙකක බලයක් එක්ක අනුමැතිය දීලා තියෙනවා. අපි ලබන 22 බ්‍රහස්පතින්දා 20 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තුනෙන් දෙකක බහුතරය බලයකින් සම්මත කරලා රටේ ජනතාව ජනාධිපතිතුමාගෙන් බලාපොරොත්තු වූ ආර්ථිකය හා අනෙකුත් සංවර්ධනයට බාධාවන දේවල් අයින් කරලා "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති මාලාව අනුව ජනාධිපතිතුමාට රට ඉදිරියට ගෙනියන්න අවශ්‍ය ශක්තිය ලබා දෙනවා වගේම නිලධාරීන්ටත් වැඩ කිරීමට අවශ්‍ය ශක්තිය මින් ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

Pin It

සබැඳි පුවත්

කොරෝනා ආසාදිතයින් 5396 දක්වා ඉහලට
කොරෝනා ආසාදිතයින් 5396 දක්වා ඉහලට කොරෝනා ආසාදිතයින් 28 වන දිනට 5396 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඒ, පෑලියගොඩ ධිවරයින් ආශ්‍රිතයින් 202 ක්ද, නිරෝධායනය මධ්‍යස්ථානව...
අමෙරිකානු රාජ්‍ය ලේකම් දිවයිනෙන් පිටව යයි
අමෙරිකානු රාජ්‍ය ලේකම් දිවයිනෙන් පිටව යයි දිවයිනට පැමිණි අමෙරිකානු රාජ්‍ය ලේකම් මයිකල් ආර්. පොම්පියෝ මහතා අද (28) ශ්‍රී ලංකා සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටව යයි. ඔහු දහවල් කොළඹ, කොච්චිකඩේ ශාන්ත අන්...
මාර්ග සංවර්ධනයට නිර්මාණ නීතිගත සංස්ථාවේ දායකත්වයත් හිමි වේ
මාර්ග සංවර්ධනයට නිර්මාණ නීතිගත සංස්ථාවේ දායකත්වයත් හිමි වේ මාර්ග කිලෝ මීටර් ලක්ෂයක් සංවර්ධනය කීරිමේ ජාතික වැඩසටහන, අනෙකුත් මාර්ග සංවර්ධන ව්‍යාපෘති හා පාලම් ව්‍යාපෘති කඩිනම් කිරීම සදහා රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සං...
බස්නාහිර පළාතටම හෙට මධ්‍යම රාත්‍රියේ සිට නිරෝධායන ඇඳිරිනීතිය
බස්නාහිර පළාතටම හෙට මධ්‍යම රාත්‍රියේ සිට නිරෝධායන ඇඳිරිනීතිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශය පරිදි හෙට (29) මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරිනීතිය පනවනු ලබන බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාත...
කොළඹ මහනගර සිමාව තුළ දින 08කදී කොරෝනා 1150 ක් බව නගරාධිපතිනිය කියයි
කොළඹ මහනගර සිමාව තුළ දින 08කදී කොරෝනා 1150 ක් බව නගරාධිපතිනිය කියයි කොළඹ මහ නගර සභාව මගින් අහඹු ලෙස පීසී ආර් පරීක්ෂණ සිදු කළ බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පැවසුවාය. නගරාධිපතිනිය ඊයේ (27) මාධ්‍ය හමුවක් කැඳවමින් කිය...
ඇමෙරිකානු රාජ්‍ය ලේකම් දිවයිනට- ජනපති - අගමැති හමුව අද
ඇමෙරිකානු රාජ්‍ය ලේකම් දිවයිනට- ජනපති - අගමැති හමුව අද අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ඊයේ (27) රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් මෙරටට පැමිණියේය. ඒ අනුව ඔහු අද (28) ජනාධිපති ගෝඨාභ...

Print   Email