තේ ගොවියා කබලෙන් ලිපට... - මන්ත්‍රී ප්‍රේමලාල් කියයි

Pin It

මාස එකහමාරක පමණ සිට මේ දක්වා පවතින අඛණ්ඩ නියං තත්ත්වය හේතුවෙන් රත්නපුරේ තේ ගොවියන් තේ වගාවන් නැංවීම සඳහා බැංකුවලින් ලබාගත් ණය ගෙවා ගැනීමට නොහැකිව සහ ජීවත්වීමට නොහැකි වී කබලෙන් ලිපට වැටී ඇති බව රත්නපුර දිස්ත්‍රික් එ.ජ.නි.ස., පා.ම. ප්‍රේමලාල් ජයසේකර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ තේ වගාවේදී ගොවි මහතුන් මුහුණපාන අභියෝග පිළිබඳ නිවිතිගල නගරයේ අද (26) පැවති වැඩසටහනකට සහභාගී වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පවසා සිටියේ තේ කර්මාන්තය හරහා රටට විශාල වශයෙන් විදේශ විනිමය ලැබෙන අතර එය රටේ ආර්ථිකය ශක්තිමත්ව පවත්වා ගැනීමට විශාල දායකත්වයක් සපයා දෙන බවයි.

එම නිසා මෙම අසීරු අවස්ථාවේ තේ වගා කරුවන් තේ කර්මාන්තයෙන් ඈත්වීමට ඉඩනොදී ඔවුන් ආරක්ෂා කර ගත යුතු බවද අවධාරණය කළේය. ඒ වගේම රත්නපුර දිස්ත්‍රික්කයේ සමහර ප්‍රදේශවල ඇඹිලිපිටිය, ගොඩකවෙල, පල්ලෙබැද්ද ආශ්‍රිතව විශාල වශයෙන් ජනතාව එළවළු වගාවට යොමුවී සිටින බව පැවසූ මන්ත්‍රීවරයා අද වන විට එම වගාවද නියඟයේ දැඩි බලපෑමට ලක්ව සිටින බව පෙන්වා දුන්නේය. එසේම එම නිසා වගාවන් පිළිස්සී ගොස් ඇති බවත් එබැවින් එම ප්‍රදේශවල එළවළු නිෂ්පාදනය පහත වැටී ඇති අතර එළවළු මිල ගණන් විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවද පෙන්වා දුන්නේය. එම දෙපිරිසම රටේ ආර්ථික හා දෛනික ජන ජීවිතයට සෘජුව බලපැම් කරන අය බවද එම නිසා මෙම තේ ගොවීන් හා එළවළු ගොවීන් සඳහා නියං ආධාර හැකි ඉක්මනින් ලබා දෙන ලෙසත්, බැංකු ණය වාරික ගෙවීමට වැඩිපුර සහන කාල සීමාවක් ලබා දෙන ලෙස ප්‍රදේශය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු හැටියට ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ලිඛිතව හා වාචිකව ඉල්ලීමක් කර ඇති බව ද මෙහිදී පැවසීය. මෙම සංවේදී කාරණාව සඳහා රජයක් හැටියට ගතහැකි සියලුම ක්‍රියාමාර්ග හැකි ඉක්මනින් ගන්නා බවත් ගොවි මහතුන් හමුවේ ප්‍රකාශ කර සිටියේය.

මෙම අවස්ථාව සඳහා ප්‍රදේශවාසීන් සහ ගොවි මහතුන් විශාල පිරිසක් සහභාගීවී සිටියහ.

 

 

දිලිනි සමන්මලි

Pin It

සබැඳි පුවත්

පවතින තත්ත්වය මත කන, නාසය උගුර ගැන අවදානය යොමු කරන්න
පවතින තත්ත්වය මත කන, නාසය උගුර ගැන අවදානය යොමු කරන්න කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් හදිසි ප්‍රතිකාර හැර ‍අනෙකුත් සියලු දෛනික පරීක්ෂණ කිරීම් සහ යොදා ඇති හදිසි නොවන ශල්‍ය කර්ම තාවකාලිකව කල් දමන බව ශ්‍රී ලංකා උගුර, කණ...
මෙරට පළමු කොරෝනා මරණය වාර්තා වේ
මෙරට පළමු කොරෝනා මරණය වාර්තා වේ කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ පළමු මරණය අද (28) දින වාර්තා වු බව සෞඛ්‍ය අංශය පවසයි. මිය ගිය පුද්ගලයා මාරවිල ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි ප...
කොරෝනා ආසාදතයින් 110 දක්වා ඉහළට - සෞඛ්‍ය අංශ කියයි
කොරෝනා ආසාදතයින් 110 දක්වා ඉහළට - සෞඛ්‍ය අංශ කියයි කොවිඩ්-19 වෛරසය මෙරට සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 110ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අංශය පවසයි. තවත් සිව් දෙනෙකු අද(28) දිනය තුළ පරීක්ෂණවලින් තහවුරු වු බව ...
කොවීඩ් - 19 කටයුතු සඳහා අස්ගිරි මහා විහාරික කාරක මහා සංඝ සභාවෙන් රු.මි. 5ක් පරිත්‍යාගයක්
කොවීඩ් - 19 කටයුතු සඳහා අස්ගිරි මහා විහාරික කාරක මහා සංඝ සභාවෙන් රු.මි. 5ක් පරිත්‍යාගයක් ‍කොවීඩ් - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂන අරමුදල සදහා අස්ගිරි මහා විහාරික කාරක මහා සංඝ සභාවෙන් රුපියල් මිලියන 5ක් පරිත්‍යාග කිරීම (27) අස්ගිරි මහා විහාර පරිශ්‍රයේදී සි...
ආණ්ඩුවට කොන්දේසි විරහිතව සහය දෙන්න රනිල් සූදානම් !
ආණ්ඩුවට කොන්දේසි විරහිතව සහය දෙන්න රනිල් සූදානම් ! කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරීමට සහ ජනතාව පීඩාවට පත්වීම අවම කිරීමට කඩිනමින් ක්‍රියාවට නැංවීම සඳහා කරුණු 10ක් හිටපු අගමැති , එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් ...
පෞද්ගලික ෆාමසි , සුපර්මාර්කට් - වහන්න නියෝගයක්
පෞද්ගලික ෆාමසි , සුපර්මාර්කට් - වහන්න නියෝගයක් වහාම ක්‍රියාත්මක වන පරිදි  රාජ්‍ය ඔසු සල් හැර සියලු ඖෂධ හල්  හා  සියලු වෙළදසැල් වසා දැමීමට රජය  නියෝග කර තිබේ. ඇඳිරිනීතයේදී  ඖෂ...

Print   Email