කොළඹ, ගම්පහ, කළුතර කොරෝනා වෛරසය අවදානම් කලාප වේ

Pin It

කොරෝනා හෙවත් COVID -19 වෛරස ව්‍යාප්තිය සලකන විට කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්ක ඉතා අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය ආංශය නිවේදනය කරයි.

දිස්ත්‍රික්ක 03ක ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද උදේ ලිහිල් කළ අවස්ථාවේ භාණ්ඩ මිලදී ගැනීම සඳහා ජනතාව වෙළෙඳ සැල් අසල විශාල ලෙස රැස්වී සිටීම කොරෝනා වෛරසය පාලනයට බරපතල බාධාවක් බව සෞඛ්‍ය බලධාරීන් නිරීක්ෂණය කර තිබේ.

එබැවින් ඉදිරි කාලය තුළ අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ නිවාසවලටම ගෙන ගොස් අළෙවි කරන ලෙස තොග වෙළෙඳ ආයතනවලට රජය උපදෙස් දී ඇත. සතොස, කීල්ස්, ලාෆ්ස්, ආපිකෝ, ෆුඩ් සිටි, අරලිය, නිපුණ සහ සෙසු තොග වෙළෙඳ සමාගම් මේ කාර්යයට හවුල් කර ගැනේ.

අත්‍යාවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය නිවෙස්වලටම ගොස් අළෙවි කිරීමේ වැඩපිළිවෙළ කාර්යක්ෂමව ඉටුකරනු පිණිස බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්ය සාධක බලකායක් ස්ථාපනය කර ඇත. අමාත්‍යාංශ ලේකම්වරු, දිසාපතිවරු, ප්‍රාදේශීය ලේකම්වරු සහ අදාළ වෙනත් නිලධාරීහූ බලකායේ සෙසු සාමාජිකයෝ වෙති.

මින් ඉදිරියට අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතී.

ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ, ඖෂධ, ගෑස් හා සෙසු සේවා බාධාවකින් තොරව සහ අඛණ්ඩව ජනතාවට ලබාදීමේ සැලැස්ම හෙට (25) සිට ක්‍රියාත්මක වෙයි.

ලොරි, වෑන්, ත්‍රිරෝද රථ, මෝටර් සයිකල් ඇතුළු භාණ්ඩ බෙදාහැරීමට උපයෝගි කරගන්නා සියලු ඩිලිවරි වාහනවලට ඇඳිරි නීති කාලය තුළ මාර්ගවල ගමන් කිරීමට අවසර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශ පවසයි.

 

 

 

දිලිනි සමන්මලි 

 

Pin It

සබැඳි පුවත්

රට විරුවන් 700 ක් යළි  එන්න ඉල්ලයි
රට විරුවන් 700 ක් යළි එන්න ඉල්ලයි කොරෝනා වයිරස වසංගත තත්ත්වය හමුවේ  විදේශගත ලාංකිකයින් සදහා විදේශ  සබදතා අමාත්‍යාශය හඳුන්වා දුන් ”කන්ටැක්ට් ශ්‍රී ලංකා” සජීවී අන්තර්ජාල සබඳතාව ඔස්සේ විද...
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට 2019 වසරේ අප්‍රේල් මස 21 වෙනිදා එනම් පාස්කු දේව මෙහෙය පැවැත් වු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවෙක් අද (29) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට...
පවතින තත්ත්වය මත කන, නාසය උගුර ගැන අවදානය යොමු කරන්න
පවතින තත්ත්වය මත කන, නාසය උගුර ගැන අවදානය යොමු කරන්න කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් හදිසි ප්‍රතිකාර හැර ‍අනෙකුත් සියලු දෛනික පරීක්ෂණ කිරීම් සහ යොදා ඇති හදිසි නොවන ශල්‍ය කර්ම තාවකාලිකව කල් දමන බව ශ්‍රී ලංකා උගුර, කණ...
මෙරට පළමු කොරෝනා මරණය වාර්තා වේ
මෙරට පළමු කොරෝනා මරණය වාර්තා වේ කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ පළමු මරණය අද (28) දින වාර්තා වු බව සෞඛ්‍ය අංශය පවසයි. මිය ගිය පුද්ගලයා මාරවිල ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි ප...
කොරෝනා ආසාදතයින් 110 දක්වා ඉහළට - සෞඛ්‍ය අංශ කියයි
කොරෝනා ආසාදතයින් 110 දක්වා ඉහළට - සෞඛ්‍ය අංශ කියයි කොවිඩ්-19 වෛරසය මෙරට සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 110ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අංශය පවසයි. තවත් සිව් දෙනෙකු අද(28) දිනය තුළ පරීක්ෂණවලින් තහවුරු වු බව ...
කොවීඩ් - 19 කටයුතු සඳහා අස්ගිරි මහා විහාරික කාරක මහා සංඝ සභාවෙන් රු.මි. 5ක් පරිත්‍යාගයක්
කොවීඩ් - 19 කටයුතු සඳහා අස්ගිරි මහා විහාරික කාරක මහා සංඝ සභාවෙන් රු.මි. 5ක් පරිත්‍යාගයක් ‍කොවීඩ් - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂන අරමුදල සදහා අස්ගිරි මහා විහාරික කාරක මහා සංඝ සභාවෙන් රුපියල් මිලියන 5ක් පරිත්‍යාග කිරීම (27) අස්ගිරි මහා විහාර පරිශ්‍රයේදී සි...

Print   Email