fbpx

නාවික හමුදා වෙනුවෙන් ආධාර එකතු කරන්න පිටස්තර පාර්ශ්වයන්ට පවරා නෑ

දේශීය

නාවික හමුදාව වෙනුවෙන් ආධාර රැස් කිරීම සඳහා කිසිදු අනුමැතියක් දෙවන පාර්ශවයක් වෙත ලබාදී නොමැති බව නාවික හමුදාව අවධාරණය කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව සඳහන් කර තිබේ.

සමාජ මාධ්‍ය ඔස්සේ නාවික හමුදාව සඳහා ආධාර ලබා දෙන ලෙස අසත්‍ය ප්‍රචාර සිදු කරමින් පවතින බව නිරීක්‍ෂණය වන බව නාවික හමුදාව පවසයි.

නාවික හමුදාව කිසිදු විටෙක එලෙස දෙවන පාර්ශවයක් වෙත නාවික හමුදාව වෙනුවෙන් ආධාර රැස් කිරීම සඳහා කිසිදු අනුමැතියක් ලබාදී නොමැති හෙයින් එවැනි අසත්‍ය ප්‍රචාර සඳහා ප්‍රතිචාර දැක්වීමෙන් වළකින ලෙස මහජනතාව වෙත අවධාරණය කරයි.

කොරෝනා වසංගතය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් විවිධ ව්‍යාපෘති රැසක් සිදු කරමින් සිටින අතර, ඒ සඳහා අවශ්‍ය සෞඛ්‍යාරක්‍ෂිත උපකරණ හා ඇදුම් මෙන්ම ද්‍රව්‍යමය ආධාර විවිධ පාර්ශවයන් වෙතින් නාවික හමුදාව වෙත ලබා දෙනු ලබන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

සබැඳි පුවත්

ආණ්ඩුවක් විදිහට ව්‍යාපාරිකයා ශක්තිමත් කල යුතුයි - ඇමැතිනි පවිත්‍රා
ආණ්ඩුවක් විදිහට ව්‍යාපාරිකයා ශක්තිමත් කල යුතුයි - ඇමැතිනි පවිත්‍රා පෞද්ගලික අංශය ශක්තිමත් කරමින් සුළු, මධ්‍යම සහ මහාපරිමාණ ව්‍යාපාරිකයා ආණ්ඩුවක් විදිහට ප්‍රතිපත්තිමය වශයෙන් ශක්තිමත් කළ යුතු බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවි...
වැලිකඩ - පොළොන්නරුව බන්ධනාගාර ලොක්ඩවුන්
වැලිකඩ - පොළොන්නරුව බන්ධනාගාර ලොක්ඩවුන් වැලිකඩ බන්ධනාගාරය රැඳවියකු කොරෝනා ආසාදිත වීමත් සමග එම බන්ධනාගාරයට කිසිදු පිටස්තරයෙකුට ඇතුළු විම අත්හිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. එමෙන්ම බන්ධනාගාර නිල...
කිලිනොච්චියේ බෝම්බය සමග උතුරේ ආරක්ෂාව තර කෙරෙයි
කිලිනොච්චියේ බෝම්බය සමග උතුරේ ආරක්ෂාව තර කෙරෙයි කිලිනොච්චිය ප්‍රදේශයෙන් දේශීය නිෂ්පාදනය කරන ලද බෝම්බ හමු වීමත් සමග උතුරේ ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ විසින් පියවර ගෙන ඇත. මෙහි විශේෂත්වය වන්නේ හිටපු එල...
කුඩු බිස්නස් චෝදනා ලැබූ නාකොටික් IP බාරවෙයි
කුඩු බිස්නස් චෝදනා ලැබූ නාකොටික් IP බාරවෙයි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා ඇති බවට චෝදනා එල්ල වන, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරීක්ෂක සමන් වසන්ත කුමාර  අද (07) පොලිසියට භාරවී ඇත. පොල...
විද්‍යුත් කසළ භාර ගැනීමේ ප්‍රථම මධ්‍යස්ථාන ජනතා අයිතියට
විද්‍යුත් කසළ භාර ගැනීමේ ප්‍රථම මධ්‍යස්ථාන ජනතා අයිතියට මෙරට පළමු විද්‍යුත් කසළ භාර ගැනීමේ මධ්‍යස්ථානය හැව්ලොක් පාර, උද්‍යාන පාර හන්දියේ දී අද (07) කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට...
නාකොටික් IP අත්අඩංගුවට ... ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ විමර්ශනයට
නාකොටික් IP අත්අඩංගුවට ... ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ විමර්ශනයට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා ඇති බවට චෝදනා එල්ල වූ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරීක්ෂක සමන් වසන්ත කුමාර මහතා අද (07) කඩවත පොලීසියට බාර වී ඇ​ත. ...
Print