ලක් විජය බලාගාරයේ සේවක උණ කොවිඩ් නොවෙයි

නොරෝච්චෝල ලක්විජය බලාගාරයේ හදිසියේ අසනිපව සිටි පිරිසගෙන් ලබා ගත් ජෛව පටල සාම්පල පිළිබදව ලැබුණු වාර්තා වලින් කිසිවකු කොරෝනා ආසාදිතයින් නොවන බවට සනාථ වි ඇති බව පුත්තලම රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් අත්තනායක පැවසිය .

අද ( 23) මාධ්‍ය වෙත අදහස් දක්වමින්  ඔහු මේ බව සදහන් කර සිටියේය.

නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ මානව සම්පත් හා ගිණුම් ඒකකයේ සේවය කරනු ලබන සේවකයින් 9 දෙනෙකු හදිසියේ උණ හා උගුරු අමාරුව යන රෝග ලක්ෂණ මතු වි පුත්තලම මුලික රෝහලේ විශේෂ කොරෝනා ඒකකයට ඊයේ  ඇතුලත් කර තිබුණි.

අනතුරුව එම පිරිස වෙතින් PCR පරීක්ෂණය  සදහා ජෛව පටල සාම්පල ලබා ගැනිමට රෝහල් කාර්ය මණ්ඩලය කටයුතු කර තිබිණි.

එම පරික්ෂණ වාර්තා අද  උදෑසන පුත්තලම මුලික රෝහලට ලැබි තිබුනී.


කෙසේ වෙතත් මෙම තත්වයත් සමග ලක් විජය බලාගාරයට 22 දින සේවයට පැමින සිටි 600 කට ආසන්න සේවක පිරිස ආපසු නිවෙස් වෙත යාම සම්පුර්ණයෙන් නවතා තිබු අතර ඔවුන් ආරක්ෂීත ලෙස නේවසිකාගාර තුළ රැදවිමට ලක් විජය බලාගාර පාලනාධිකාරිය කටයුතු කර ඇත.

නමුත් කොවිඩ්  පරික්ෂණ වලට යොමු කල කිසිවකු  රෝගින් නොවන බවට වෛද්‍ය වාර්තා මගින් සනාථ වි තිබෙන බැවින් සේවක පිරිස් නියමිත ලෙස නිවෙස් වලට යැවීමට  පාලනාධිකාරිය කටයුතු කර ඇත.  

Pin It

සබැඳි පුවත්

ඉදිරීයේදී බස්වලආසන ගණනට පමණක් මගීන් ගෙන යෑමේ නීතියක් කරනවා - ඇමැති මහින්ද
ඉදිරීයේදී බස්වලආසන ගණනට පමණක් මගීන් ගෙන යෑමේ නීතියක් කරනවා - ඇමැති මහින්ද සියලුම ලංගම හා පුද්ගලික බස් රථවල ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහණය කිරීම ඉදිරියේ දී නීතියක් බවට පත් කර ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමර...
රටේ ආර්ථික තත්ත්වය ජනතාවට හෙලි කරන්නැයි හිටපු අගමැති රනිල් කියයි
රටේ ආර්ථික තත්ත්වය ජනතාවට හෙලි කරන්නැයි හිටපු අගමැති රනිල් කියයි රටේ වර්තමාන මූල්‍ය සහ මුදල් තත්ත්වය පිළිබඳව සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කිරීම රජයේ වගකීමක් වන අතර රටේ ආර්ථික තත්ත්වය පිළිබඳ සැබෑ තොරතුරු ජනතාව හමුවේ හෙළිදරව් කරන...
අන්තර් පළාත් ප්‍රවාහන පහසුකම් සඳහා බස් 3200ක් සූදානම්
අන්තර් පළාත් ප්‍රවාහන පහසුකම් සඳහා බස් 3200ක් සූදානම් අද(26) සිට ආරම්භ කෙරෙන අන්තර් පළාත් බස්‍ රථ ධාවනය සඳහා පෞද්ගලික බස් රථ 3200 ක් සූදානම...
කටාර් සිට ගෙන ඒමට සැලසුම් කර තිබූ ලාංකිකයන්   තාවකාලිකව අත්හිටුවයි
කටාර් සිට ගෙන ඒමට සැලසුම් කර තිබූ ලාංකිකයන් තාවකාලිකව අත්හිටුවයි අද  (26) කටාර් රාජ්‍යයේ සිට  ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙරටට ගෙන ඒමට සැළසුම් කර තිබූ ගුවන් ගමන තාවකාලිකව  අවලංගු කිරීමට රාජ්‍ය බලධාරීන්   ...
එළවළු මිල පාලනයට පොලිසිය මැදිහත් වෙයි
එළවළු මිල පාලනයට පොලිසිය මැදිහත් වෙයි දෛනික එළවළු තොග මිල ගණන් දිවයිනේ සියලූම පොලිස් ස්ථාන වෙත ලබා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇත. ඒ, වැඩ බලන පොලිස්පති සී. ඞී. වික‍්‍රමරත්නගේ උපදෙස් අනුවයි. ...
26 වනදා සිට දිවයිනට ඇඳිරීනීතිය ක්‍රියාත්මක වෙන්නේ රාත්‍රි 10 සිට අලුයම 4 දක්වා පමණයි
26 වනදා සිට දිවයිනට ඇඳිරීනීතිය ක්‍රියාත්මක වෙන්නේ රාත්‍රි 10 සිට අලුයම 4 දක්වා පමණයි දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල හෙට (26) සිට ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා රාත්‍රී 10.00 සිට අළුයම 4.00 දක්වා බව පොලිසිය පවසයි. නියෝ...

Print   Email