මෙරට සේවයේ නියුතු විදේශීය ශ්‍රමිකයින්ට බද්දක්.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කර ඇති පරිදි ශ්‍රී ලංකාවේ රැකියාවල නියුතු විදේශීය ශ්‍රමිකයින් අනිවාර්ය බද්දක් ගෙවිය යුතුය.

තවදුරටත් එම දෙපාර්තමේනතුව නිකුත් කළ නිවේදනයකින් මෙරට සේවායෝජකයින් සහ සේවා නියුක්තිකයන්ට දැනුම් දී ඇත්තේ මෙම වර්ෂයේ අප්‍රේල් 01 වැනි දින බලපැවැත්වෙන පරිදි උපයන විට ගෙවීමේ බද්ද වෙනුවට විකල්ප පදනම මත ‘අත්තිකාරම් පුද්ගල බද්ද’ හඳුන්වා දී ඇති බවයි.

ඒ අනුව සේවායෝජකයින් විසින් 2017 අංක 24 දරන දේශීය ආදායම් විධිවිධාන පනතේ විදිවිධානවලට අනුව අදාළ සේවකයින්ගේ කැමැත්ත මත ඔවුන්ගේ  වැටුපෙන් අඩු කරගෙන අත්තිකාරම් පුද්ගල බද්ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ගෙවිය යුතුය. 

එමෙන්ම අදාළ එකඟත්වය (කැමැත්ත) අවශ්‍ය වන්නේ නේවාසික සහ මෙරට පුරවැසියන් වන සේවා නියුක්තිකයන් සඳහා පමණයි. 

ශ්‍රී ලංකාවේ පුරවැසියකු යන්නෙන් පුරවැසි පනත යටතේ ද්විත්ව පුරවැසිභාවය දරන්නන් ඇතුළුව ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය දරන තැනැත්තන් අදහස් කෙරෙන බවද දෙපාර්තමේන්තුව පවසයි.

එම තත්ත්වය මත පදනම්ව 2020 අප්‍රේල් 04 දින සිට බලපැවැත්වෙන පරිදි මෙරට සේවයේ නියුතු සියලුම නේවාසික සේවා නියුක්තිකයන්ගෙන් සහ සියලුම වාසික එහෙත් පුරවැසියන් නොවන සේවා නියුක්තිකයන්ගෙන් ‘එකඟතාව නොසලකා’ අත්තිකාරම් පුද්ගල බද්ද අය කිරීම අනිවාර්ය කොට ඇත.

Pin It

සබැඳි පුවත්

ගංජා කිලෝ 103 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
ගංජා කිලෝ 103 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට මඩු, කුංචිකුලම දිස්ත්‍රික් මාර්ග බාධාකයේදී මාළු ප්‍රවාහනය කරන පීසර් ලොරි රථයක් තුල ඉතා සුක්ෂම ලෙස අසුරන ලද ගංජා කිලෝ 103 ග්‍රෑම් 200 ක් සමඟ රියදුර හා රිය සහායක ...
මට ඕන එක මම අදිනවා - ඇමැති අලි සබ්රි පාර්ලිමේන්තුවේදී සැර වෙයි
මට ඕන එක මම අදිනවා - ඇමැති අලි සබ්රි පාර්ලිමේන්තුවේදී සැර වෙයි තමා අදින්නේ තමාට අවශ්‍ය ඇඳුම බවත් එය අන් අයට අවශ්‍ය වන අයුරුන් වෙනස් නොවන බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි. අද (25) පාර්ලිමෙන්තුවේ පැවැති විවාදයේද...
ආගමට, දහමට ලැදි ආධ්‍යාත්මිකව පිරිපුන් පරපුරක් අනාගතයට අවශ්‍යයි - ජනපති කියයි
ආගමට, දහමට ලැදි ආධ්‍යාත්මිකව පිරිපුන් පරපුරක් අනාගතයට අවශ්‍යයි - ජනපති කියයි ආගමට, දහමට ලැදි ආධ්‍යාත්මිකව පිරිපුන් පරපුරක් රටක භෞතික දියුණුවට සමගාමීව අනාගතයට දායාද කළයුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප...
රජයේ නිල පුවත් SMS සේවාව යළි ජනගත කරයි
රජයේ නිල පුවත් SMS සේවාව යළි ජනගත කරයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන රජයේ නිල පුවත් එස්.එම්.එස් සේවය යළි ජනගත කිරීම ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ...
පන්නිපිටිය ශ්‍රී දෙව්රම් මහා විහාරයේ සුවිසි විවරණ මන්දිරය විවෘත කරයි
පන්නිපිටිය ශ්‍රී දෙව්රම් මහා විහාරයේ සුවිසි විවරණ මන්දිරය විවෘත කරයි අමරපුර මහා නිකායේ සිරිසුමන පාර්ශවයේ මහා නායක ආචාර්ය කොලොන්නාවේ සිරි සුමංගල මහා නාහිමියන්ගේ ඡන්ම දිනය නිමිත්තෙන් පන්නිපිටිය ශ්‍රී දෙව්රම් මහා විහාරයේ ඉදි කළ සුවි...
අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීම නැවත දැනුම්දෙනතුරු අත්හිටුවයි
අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීම නැවත දැනුම්දෙනතුරු අත්හිටුවයි දිවයිනේ සියලුම ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීම සමාලෝචනය කිරීම සඳහා දැනට පවත්නා ක්‍රමවේදය යටතේ අතරමැදි පන්තිවලට සිසුන් ඇතුළත් කිරීම නැවත ද...

Print   Email