ඇස්ට්‍රාසෙනිකා එන්නත් ගැනීමට ජනපතිට ජපාන අගමැතිගන් සුබවාදී ප්‍රතිචාර

ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා මහතාගෙන් (Yoshihide Suga) කළ ඉල්ලීමට සුබවාදී ප්‍රතිචාර හිමිව ඇත.

ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියාමා අකිරා (Sugiyama Akira) මහතා අතර අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී මේ බව සඳහන් කෙරිණ.

කොවිඩ් මර්දන, වෛද්‍ය සහ සෞඛ්‍යාරක්ෂණ උපකරණ ලබා ගැනීමට ජනාධිපතිවරයා කළ ඉල්ලීම කෙරෙහි ද ජපාන රජයේ එකඟතාව පළ වී තිබේ. සමුද්‍රීය අනතුරු පිළිබඳ ඉක්මන් ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබා ගැනීම කෙරෙහි ද ජනාධිපතිවරයා ජපාන තානාපතිවරයාගේ අවධානයට යොමු කළේය.

ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති හා අමාත්‍ය කිතමුරා තොෂිහිරො (Kitamura Toshihiro), පළමු ලේකම් ඉමමුරා කායෝ (Imamura Kayo), ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

Pin It

සබැඳි පුවත්

වෛද්‍ය කර්මය පාඨමාලාවන් සදහා උපාධිධාරීන් බඳවා ගැනේ
වෛද්‍ය කර්මය පාඨමාලාවන් සදහා උපාධිධාරීන් බඳවා ගැනේ වෛද්‍ය කර්මය සදහා වූ පරිපූරක වෘත්තීයන්ගේ සේවාවේ අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාවන් සදහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්ව විද්‍යාලයක් මගි...
සාගර වෙනුවෙන් අරුන්දික ගම්මන්පිලට කනගාටුව පල කරයි
සාගර වෙනුවෙන් අරුන්දික ගම්මන්පිලට කනගාටුව පල කරයි පොදු ජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් පසුගියදා යොමු කල ලිපිය මගින් උදය ගම්මන්පිළ මහතාට හිත් රිදිමත් ඇති වුවානම් කණගාටුව පළකරන බව රාජ්‍ය අමාත්‍ය අරුන්...
සිසු හෙද හෙදියන්, ඖෂධවේදී සහ මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පී පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ
සිසු හෙද හෙදියන්, ඖෂධවේදී සහ මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පී පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ සිසු හෙද / හෙදියන් පුහුණුවට බඳවා ගැනීම ඖෂධවේදී හා මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පී පත්වීම් ලිපි ප්‍රදානෝත්සවය අද (15) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ...
කොවිඩ් වසංගතය පාලනයට නිවැරදි පියවර ගන්න - ජාතික ජන බලවේගය
කොවිඩ් වසංගතය පාලනයට නිවැරදි පියවර ගන්න - ජාතික ජන බලවේගය පටු වුවමනාවන්ගෙන් මෙහෙයවෙන කොවිඩ් මැඩලීමේ වැඩපිළිවෙළ වෙනුවට ප්‍රශ්නයට සැබෑ ලෙසම ආමන්ත්‍රණය කරන වැඩපිළිවෙළකට ඒමට දැන්වත් පියවර ගන්නා ලෙස ආණ්ඩුවට කියා සිටින බව ජා...
එන්නතකරණය අපතේ නොයනවා සංචරණ සීමා නිවැරදිව ක්‍රියාත්මක කරන්න - විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න
එන්නතකරණය අපතේ නොයනවා සංචරණ සීමා නිවැරදිව ක්‍රියාත්මක කරන්න - විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත්කරණය අපතේ යාමක් සිදු නොවීමටනම් සංචරණ සීමා නීතිය නිවැරදිව ක්‍රියාත්මක කල යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ...
මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සමඟ අයෙකු අත්අඩංගුවට
මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සමඟ අයෙකු අත්අඩංගුවට පරයනාලන්කුලම්, මරක්කාරම්පලෙයි ප්‍රදේශයේදි ඊයේ (14) සිදු කල වැටලිමකදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. අත්අඩංගුව...

Print   Email