වෛද්‍ය කර්මය පාඨමාලාවන් සදහා උපාධිධාරීන් බඳවා ගැනේ

වෛද්‍ය කර්මය සදහා වූ පරිපූරක වෘත්තීයන්ගේ සේවාවේ අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාවන් සදහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්ව විද්‍යාලයක් මගින් උපාධිය ලබා ඇති පහත සදහන් සුදුසුකම් ලත් අය සදහා අයදුම්පත් කැඳවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

ඒ අනුව,

වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාව වෛද්‍ය රසායනාගාරවේදී (B.Sc.MLS) උපාධිය සම්පුර්ණ කළ

ඖෂධවේදී අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාව ඖෂධවේදී (B.Pharm), විද්‍යාවේදී (ඖෂධවේදී) (B.Sc.Pharmacy) උපාධිය සම්පූර්ණ කළ,

විකිරණ ශිල්පී අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාව විකිරණ ප්‍රතිකාරවේදී (B.Sc.Radio Therapy), විකිරණ විද්‍යාවේදී (B.Sc.Radio Graphy) උපාධිය සම්පූර්ණ කළ,

භෞත චිකිත්සක අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාව භෞත චිකිත්සකවේදී (Bachelor in Physiotherapy), විද්‍යාවේදී (භෞත චිකිත්සක) (B.Sc. Physiotherapy) උපාධිය සම්පූර්ණ කළ,

වෘත්තීය චිකිත්සක අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාව භෞත චිකිත්සකවේදී (Bachelor in Occupational Therapy), (විද්‍යාවේදී වෘත්තීය චිකිත්සක) B.Sc. in Occupational Therapy) උපාධිය සම්පූර්ණ කළ,

උපාධිධාරීන් හට ඉහත අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාවන් සදහා අයදුම් කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය දන්වා සිටින අතර, 2021.06.25 දිනට පෙර ඊට අදාල අයදුම්පත් යොමු කළ යුතු බවත් ඉහත බඳවා ගැනීමට අදාල වැඩිදුර තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් 2021.06.11 වන සිකුරාදා දින නිකුත් කළ ගැසට් පත්‍රය මගින් ලබාගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් පවසා සිටියේය.

 

 

 

 

 

 

 

Pin It

සබැඳි පුවත්

ඩෙල්ටා රට පුරා .. මරණ සංඛ්‍යාව ඉහළට - උපුල් රෝහණ
ඩෙල්ටා රට පුරා .. මරණ සංඛ්‍යාව ඉහළට - උපුල් රෝහණ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වුවන් රටපුරා පැතිර සිටින බව බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි. ඒ මහතා පැවසුවේ වාර්තා වන රෝග...
රටට වැඩ කරන්න මට තනතුරු ඕන නෑ - උදයංග වීරතුංග
රටට වැඩ කරන්න මට තනතුරු ඕන නෑ - උදයංග වීරතුංග මෙරට සංචාරක කේෂ්ත්‍රය නගා සිටුවීමට රටේ ආර්ථික දියුණු කිරීමට තනතුරු අවශ්‍ය නොමැති බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පවසයි. අද (27) රජයේ ප්‍රවෘත්ති ...
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී තනතුර සදහා අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී තනතුර සදහා අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අතුරු වෛද්‍ය සේවාවේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී තනතුර සදහා අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ 31 සහ 01 වනදා යන දිනයන් හී දී උතුරු පළාත් අයදුම්කරුවන් සඳ...
කොරෝනා ආසාදිතයින් වැඩි දෙනෙකුට ඔක්සිජන් ඕනෑ - වෛද්‍ය හේමන්ත කියයි
කොරෝනා ආසාදිතයින් වැඩි දෙනෙකුට ඔක්සිජන් ඕනෑ - වෛද්‍ය හේමන්ත කියයි මේ දිනවල හදුනාගත් කොරෝනා ආසාදිතයින් වැඩි දෙනෙකුට රෝග ලක්ෂණ වැඩි වන අතරම ඔක්සිජන් අවශ්‍යතාවය වැඩි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන...
මේ උද්ඝෝෂණය කරන වේලාවක් නෙමෙයි.. මුලින්ම කොරෝනා පාලනය කරමු - රාජ්‍ය ඇමැති චන්න
මේ උද්ඝෝෂණය කරන වේලාවක් නෙමෙයි.. මුලින්ම කොරෝනා පාලනය කරමු - රාජ්‍ය ඇමැති චන්න පවතින කොරෝනා වසංගතය පාලනය කිරීමට කටයුතු කිරීමට සියළු දෙනා එක්විය යුතු බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ සයිනොෆාම් එන්නත් මාත්‍රා...
කාබනික කෘෂිකර්මාන්තයක් සඳහා ශ්‍රී ලංකාව මෙන්ම වෙනත් රටවල්ද පෙළඹෙනු ඇති බව අපේක්ෂා කරනවා - ජනපති
කාබනික කෘෂිකර්මාන්තයක් සඳහා ශ්‍රී ලංකාව මෙන්ම වෙනත් රටවල්ද පෙළඹෙනු ඇති බව අපේක්ෂා කරනවා - ජනපති අනාගත පරපුරේ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම උදෙසා කාබනික කෘෂිකර්මාන්තයක් සඳහා වූ ශ්‍රී ලංකාවේ ප්‍රවේශයට, තවත් රටවල් පෙළඹෙනු ඇති බව තමා අපේක්ෂා කරන බව ජනා...

Print   Email