නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස්වරයෙක් අක්තපත්‍ර භාරදෙති

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස්වරයෙක් ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අද (22) පෙරවරුවේ සිය අක්තපත්‍ර භාර දුන්හ.

නවසීලන්ත මහ කොමසාරිස්වරයා ලෙස මයිකල් එඩ්වඩ් ඇපල්ටන් (Michael Edward Appleton) සහ කියුබානු ජනරජයේ තානාපතිවරයා ලෙස අන්ද්‍රෙස් මාර්සෙලෝ ගරීඩෝ (Andres Marcelo Garrido) මහත්වරු පත්ව සිටිති.

ඉන්දියාවේ පිහිටි නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලය මගින් ශ්‍රී ලංකාවට අදාළ කටයුතු මෙතෙක් සම්බන්ධීකරණය කෙරිණ.

දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පුළුල් කෙරෙමින් අභිනවයෙන් මෙරට ස්ථාපිත කෙරෙන නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලයේ, පළමු මහ කොමසාරිස්වරයා ලෙස කටයුතු කිරීමට ලැබීම සතුටට කරුණක් බව මයිකල් එඩ්වඩ් ඇපල්ටන් මහතා සඳහන් කළේය.

කොවිඩ් පැතිර යාම ආරම්භයේ සිටම රජයක් ලෙස ගත් ක්‍රියාමාර්ග, එන්නත්කරණය සම්බන්ධයෙන් ලබාගෙන ඇති ප්‍රගතිය පිළිබඳ ජනාධිපතිවරයා නව තානාපතිවරුන් දැනුවත් කළේය.

දේශගුණික විපර්යාසයන්ට සියලු රටවල් එක්ව මුහුණ දීමේ අවශ්‍යතාවත්, කාර්ය සාධක බලකායක් පිහිටුවමින් විධිමත් සැලැස්මක් යටතේ රටක් ලෙස ඒ වෙනුවෙන් ගෙන ඇති සැලසුම් ජනාධිපතිවරයා පැහැදිලි කරනු ලැබීය. කාබනික පොහොර භාවිතයට යොමු වීම, 2030 වන විට මෙරට බලශක්ති අවශ්‍යතාවයෙන් ඉහළ ප්‍රතිශතයක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබාගැනීමට ගෙන ඇති පියවර, ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙනු ලැබිණ.

මානුෂීය මෙහෙයුමෙන් පසු උතුරු - නැගෙනහිර ප්‍රදේශවල සිදුකර ඇති දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ එම ප්‍රදේශවල සංචාරය කිරීමෙන් අවබෝධ කරගත හැකි බව ජනාධිපතිවරයා තානාපතිවරුන්ට පෙන්වා දෙනු ලැබීය.

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ, ප්‍රධාන සංධාන නිලධාරී තුෂාර රොද්‍රිගෝ, ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (මාධ්‍ය) සුදේව හෙට්ටිආරච්චි යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

Pin It

සබැඳි පුවත්

ඩෙල්ටා රට පුරා .. මරණ සංඛ්‍යාව ඉහළට - උපුල් රෝහණ
ඩෙල්ටා රට පුරා .. මරණ සංඛ්‍යාව ඉහළට - උපුල් රෝහණ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වුවන් රටපුරා පැතිර සිටින බව බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි. ඒ මහතා පැවසුවේ වාර්තා වන රෝග...
රටට වැඩ කරන්න මට තනතුරු ඕන නෑ - උදයංග වීරතුංග
රටට වැඩ කරන්න මට තනතුරු ඕන නෑ - උදයංග වීරතුංග මෙරට සංචාරක කේෂ්ත්‍රය නගා සිටුවීමට රටේ ආර්ථික දියුණු කිරීමට තනතුරු අවශ්‍ය නොමැති බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පවසයි. අද (27) රජයේ ප්‍රවෘත්ති ...
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී තනතුර සදහා අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී තනතුර සදහා අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අතුරු වෛද්‍ය සේවාවේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී තනතුර සදහා අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ 31 සහ 01 වනදා යන දිනයන් හී දී උතුරු පළාත් අයදුම්කරුවන් සඳ...
කොරෝනා ආසාදිතයින් වැඩි දෙනෙකුට ඔක්සිජන් ඕනෑ - වෛද්‍ය හේමන්ත කියයි
කොරෝනා ආසාදිතයින් වැඩි දෙනෙකුට ඔක්සිජන් ඕනෑ - වෛද්‍ය හේමන්ත කියයි මේ දිනවල හදුනාගත් කොරෝනා ආසාදිතයින් වැඩි දෙනෙකුට රෝග ලක්ෂණ වැඩි වන අතරම ඔක්සිජන් අවශ්‍යතාවය වැඩි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන...
මේ උද්ඝෝෂණය කරන වේලාවක් නෙමෙයි.. මුලින්ම කොරෝනා පාලනය කරමු - රාජ්‍ය ඇමැති චන්න
මේ උද්ඝෝෂණය කරන වේලාවක් නෙමෙයි.. මුලින්ම කොරෝනා පාලනය කරමු - රාජ්‍ය ඇමැති චන්න පවතින කොරෝනා වසංගතය පාලනය කිරීමට කටයුතු කිරීමට සියළු දෙනා එක්විය යුතු බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ සයිනොෆාම් එන්නත් මාත්‍රා...
කාබනික කෘෂිකර්මාන්තයක් සඳහා ශ්‍රී ලංකාව මෙන්ම වෙනත් රටවල්ද පෙළඹෙනු ඇති බව අපේක්ෂා කරනවා - ජනපති
කාබනික කෘෂිකර්මාන්තයක් සඳහා ශ්‍රී ලංකාව මෙන්ම වෙනත් රටවල්ද පෙළඹෙනු ඇති බව අපේක්ෂා කරනවා - ජනපති අනාගත පරපුරේ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම උදෙසා කාබනික කෘෂිකර්මාන්තයක් සඳහා වූ ශ්‍රී ලංකාවේ ප්‍රවේශයට, තවත් රටවල් පෙළඹෙනු ඇති බව තමා අපේක්ෂා කරන බව ජනා...

Print   Email